(ඩයනා උදයංගනී)
ආණ්ඩුවේ පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින්ට ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයට සහභාගීවිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් ද මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා කටයුතු කරන බව කී අමාත්‍යවරයා ඔවුන් තවදුරටත් ශ්‍රී.ල.නි.පයේ ද යන්න ගැන ගැටලූවක් තිබෙන බව ද සඳහන් කළේය.
දේශපාලනඥයින්ට ස්ථිර ප‍්‍රතිපත්තියක් දැක්මක් හා මතයක් තිබිය යුතු බව කී දුමින්ද දිසානායක මහතා මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායමට හරි හෝ වැරදි ස්ථිර මතයක් ඇති නමුත් ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමට එවැනි ප‍්‍රතිපත්තියක් දැක්මක් නොමැති බව ද ප‍්‍රකාශ කළේය.
ආණ්ඩුවේ ඇමතිවරු ලෙස සිටිමින් සියලූ පහසුකම් ලබාගත් ඔවුන්ට එක්වර ආණ්ඩුව වැරදි විය නොහැකි බව ද දුමින්ද දිසානායක මහතා කීවේය.
අමාත්‍ය දුමින්ද දිනාසායක මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (4) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඒකාබද්ධ විපක්‍ෂය හෙට (5) පවත්වන බව කියන උද්ඝෝෂණය පැවැත්වීම සඳහා මෙතෙක් කිසිඳු ස්ථානයක් ඉල්ලා නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඉඳන් මෙයා කියනවනේ එහෙම බැහැ, මෙහෙම බැහැ, පියවර ගන්නවා කියලත්. නමුත් එයාලා කිසිම බාධාවකින් තොරව එයාලාගේ වැඩේ කරගෙන යනවා.
ශ්‍රී ල නි පෙ වැඩි හරියක් ඉන්නේ අනික් පැත්තේ , ඉතින් කොහොමද තහංචි දමන්නේ ?