(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය ලබන ඔක්තෝබර් 18 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය.
ඒ අනුව එදින එම නඩු විභාගයේ සාක්ෂි විභාගය ඇරඹීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු පි‍්‍රති පද්මන් සුරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවූ එහිදී මෙම පෙත්සම් විභාගය එදිනට කල් තැබිණි.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබාදෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබාදුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක්කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජීඕඑම්ඒ එකේ සෙට් එක රොත්ත පිටින් හිරේ දාන්න ඕනා උන්ගේ වාසිවලට අසරණ රෝගීන්ට කරන අමනුස්සකම් වලට.