(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂයට කොළඹ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට හැකිවී තිබෙන්නේ යහපාලන රජය ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.
එක්නැලි ගොඩ , ලසන්ත වික්‍රමතුංග සහ කීත් නොයාර් යන අයට මුහුණ දීමට සිදුවූ දේවල් වත්මන් රජය යටතේ සිදු නොවන බව පැවසු අගමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවා මේ ලබා දී ඇති නිදහස පිළිබඳව තමාටත් ජනාධිපතිවරයාටත් ස්තූතිය පළ කරන බවද කීය.
ස්ථාවර නියෝග 27(2) යටතේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්දයට උද්ගෝෂණ කරන්න සිදුව ඇත්තේ රජය ඇතිකළ දූෂිත පාලනය නිසයි.
අපොයි ඔව්, දෝරෙ ගලන යහපාලනේ... වාරණයක් දාගන්න බැරි උන නිසා වෙන්න ඇති.