(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ සිය විවාහ උත්සවය පැවැත්වීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක බිලක් ගෙවා ඇතැයි නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.
අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ විශේෂ වැඩක් නැති දිනවල අදාළ බිල ගෙවා ශාලාව වෙන් කරගෙන මංගල උත්සව පැවැත්වීමට මාධ්‍යවේදීන්ට ද හැකියාවක් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
රාජපක්ෂ යුගයේ අරලියගහ මන්දිරය භාවිතා කළ ආකාරය පිළිබඳව දැන් කිඹුල් කඳුලු හෙළන අයට අමතකවීම පුදුමයක් බව ද නලින් බණ්ඩාර මහතා පැවැසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ මුදල ගෙවූ රිසිට්පත ද ප්‍රදර්ශනය කළේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුර කොහොමද දන්නා තමන්ගේ පුද්ගලික චෙක් පත විස්තර ටයිප් කරලා දුන්නේ
මේ ඔයි .....ඒ අයගේ ජරා බයිලා නිසානේ දැන් ඉන්න මේ කට්ටියව තේරුවේ. හැම දෙයක්ම ඒ හරකුන්ගේ ගිණුමට බැරකරන්න ඔහේලා හරිම අවංකව ද කියනවකො බලන්න කට ඇරලා ?? ලැජ්ජයි ඔයි ලැජ්ජයි.....
මෙච්චර බිලක් ගෙවන්න මුදල් ලැබුණු හැටි හෙව්වොත් නරකද? අල්ලස් දුෂණ කොමිසම මේවා හොයන්නේ නැද්ද? එතකොට අදායම් බදු දෙපාර්තමේන්තුවටත් මේක වැදගත් වෙයි .. අපි ලක්ෂ කීපයක් වියදම් කලාමත් බදු ලිපිගොනු ඇරෙන එකේ මේවා ගැන හොයන්නේ කව්ද?
එතකොට ඉස්සර තිබ්බ ඒවටත් ඔය වගේ ගෙවල තියෙනවද? කවුරුහරි ඇත්ත නැත්ත දන්නවනං "කියන්ට ඕනෑ".
මේක අදාල වාණිජ බැංකුවෙන් ගත්තු පෙ- ඔඩර් එකක් , මේකේ නැහැ චතුරගේ ගිණුමෙන් ගෙව්ව විස්තරයක් , බොරු බයිලා ගහන්නේ නැතිව යන්න මහත්තයෝ යන්න
තාත්තගෙයි පුතාගෙයි බූදලේ හොල්ලලාම බිල ගෙවන්න ඇති. ඔයා හිතුවෙ අපේ රටේ ඉන්නේ බත් කන හරක් කියලද?
නිකම් හැකර කටින් "ගෙව්වෝ" කියල පච ගහනවට වඩා හොඳයි නේද ඔප්පු කරන්න පුළුවන් විදියට අවංකවම කියන එක ? බැංකුවකින් නිකුත් කරන ලද අංක සහිත "නිල චෙක්" පතකට වඩා වෙන මොනවද ඕන කරන්නේ ගෙම්බන්ගේ කටවල් වහන්න ????? පහුගිය කාලෙත් පෞද්ගලික උත්සව වෙනුවෙන් රජයට ගෙවන ලද මෙවැනි චෙක්පත් මුද්‍රිත මාධ්‍ය මගින් අප කීවරක් දැක තිබේද ?
ඔය තියෙන්නේ තාත්තයි පුතයි දෙන්නම සයින් කොරලා. අපි නොදන්නා චෙක් කිව්වලු...
මෙච්චර මුදල් කොහෙන් හම්බ කරපුවද... අදායම් බදු ගෙව්වද දන්නේ නැහැ නේද.?
ෂා... හරි ශෝක්... ඇඩ්වාන්ස් ගෙවන්න ඕනෙත් නෑ. මගුලෙන් පස්සේ ගෙවන්න පුළුවන්. (කවුරු හරි කේස් එකක් ඇද්දොත් විතරක් )
තාත්තාගේ සිංගප්පුර් ලක්ෂ 100 බිල ගෙවපු විදියටද ?
මේ චෙක් එක චතුරගේ පුද්ගලික ගිණුමෙන් වෙන්නේ කොහොමද? මේක පෙ ඕඩර් එකක්. මේකෙන් කොහොමද කියන්නේ මේක චතුර තමන්ගේ පුද්ගලික මුදලින් මේක ගෙව්වා කියලා. මේවා හොදයි පාසල් නොගිය මෝඩයන්ට කියන්න.
අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අරලිය ගහ මැදුර කියන්නේ රටේ අගමැතිවරයාගේ නිළ නිවස කියලා දැන් බලන් ගියාම ඒක උත්සව වලට කුලියට දෙන රිසෙප්ෂන් හෝල් එකක්නේ!
මේ වගේ මුක්කුගහන අය නිසා රටක් හැදෙන්නේ නැහැ. මුදල් ගෙවු කෙනානේ කියන්න ඕනේ මම මෙපමණ මුදලක් ගෙව්වා කියලා. මෙයා මොකටද පැනලා දෙන්න හදන්නේ.