(නිමන්ති රණසිංහ)
 
ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05)  පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළියෙන් අරලියගහ මන්දිරය වැටලීම නවතන ලෙසට වාරණ නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා කොල්ලූපිටිය පොලිසිය කළ ඉල්ලීමක් කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප‍්‍රතික්ෂේප කළාය.
 
උපකල්පනයක් මත උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා අවසර නොදීම සාධාරණ නොවන බවත්, උද්ඝෝෂකයින් නීතිවිරෝධී කි‍්‍රයා සිදුකර වැරදි කළහොත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත සහ පොලිස් ආඥා පනත ප‍්‍රකාරව ඒ මොහොතේදීම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සිය නියෝගය ඉදිරිපත් කරමින් සඳහන් කළාය.