(නිමල කොඩිතුවක්කු)
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන විරෝධතාවය සදහා සහභාගී වන්නේ රටේ පීඩාවට පත් සැබෑ මහජනතාවට වඩා කසිප්පු බත්පැකට් බළකායක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය.
රාජපක්ෂවරුන්ගෙන් රටට හොද දෙයක් කිසිසේත්ම බළාපොරොත්තු විය නොහැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය සම්බන්දයෙන් ලංකාදිපය කළ විමසිමකදී ඔහු කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා මෙසේද කීය.
‘‘වර්ථමාන ආණ්ඩුවේ දුර්දාන්ත, දුෂිත වැඩකටයුතු සහ නිසා අලූත් හොරුන්ගේ වැරදි නිසා පරණ හොරුන්ට පොඩි ගැම්මක් ඇතිවෙලා තියෙනවා.
මේ ආණ්ඩුවෙන් ඇති කරපු ජනතා ප්‍රශ්ණ ගසා කමින් බළයට එන්න දඟළන පරන හොරුන්ගේ කටයුත්තක් විදියට තමයි අපි මේ විරෝධතාවය දකින්නේදකින්නේ.
මේක කිසිසේත්ම රටට හොඳ දෙයක් නෙමෙයි. මෙතන ගේන්නේ මේ රටේ මහජනතාවට වඩා කසිප්පු බත්පැක්ට් බළකායක්. ඔවුන්ගෙන් රටට හොද දෙයක් බළාපොරොත්තු වෙන්න බැහැ.
පරන හොරු කන්ඩායම තමන්ගේ වැරදි හදාගෙන ඒ හොරකම් කරපු පුද්ගලයන්ව අයින් කරලා. අපි මේ වගේ ආන්ඩුවක් හදනවා කියලා කිසිම පැහැදිළි කිරිමක් රාජපක්ෂ මහතාගෙන් වෙලා නැහැ. රාජපක්ෂලාගේ දුර්දාන්ත කණ්ඩායම එලෙසම සිටිනවා.
මෛත්‍රි රනිල් පාළනය කොතරම් වැරදිද එතරම්ම රාජපක්ෂලාත් වැරදියි. ඒ නිසා රාජපක්ෂලාටත් බළයට එන්න දිය යුතු නැහැ. 2020 දී දේශපාළන පරිවර්තනයක් කරන්නයි තියෙන්නේ. ජ. වි. පෙ ප්රමුඛ බලවේගයට බළය ලබා දිම තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අලූත් හොරු වෙනුවට පරන හොරු ගෙනල්ලා වාඩක් නැහැ’’ යනුවෙන්ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමලත් මේවගේ ජන බලයක් ගොඩ නගන්නකෝ පුලුවන්නම්
රතු මලයලා කොහොමත් බොරදියේ මිමින්නෝ අල්ලන්න හරිම දක්ෂයෝ නේ... එක එකාගේ අඩුපාඩු ගැන කතා කර කර තව තවත් කාලේ නාස්ති නොකර ඔබලාගේ තියෙන අඩුපාඩු හදාගෙන එන්න ඉදිරියට.
රංග මහත්තයෝ, මේ අයගේ අමුඩ ටික වේලිලා මදිලු තාම. වෙලුනු ගමන් මහා ජනගඟක් අරන් එනවා කියන්නේ.
අඩුම ගන්නේ දැන් නිදහසේ හුස්ම ගන්නවත් පුළුවන්. ජිවිතවලට අසීමිත වටිනාකමක් තිබෙන බව දැන් දැනෙනවා. එදා සතුන්මෙන් නිම කරපු වටිනා ජීවිතවල වටිනාකමක් දීමම මේ රජය කල උතුම් මනුසත් ක්‍රියාවක් බව මොවුන්ට නොතේරුනාට රටේ බහුතරයක් එයට නියමිත වෙලාවට ප්‍රතිචාර දක්වනු ඇති.
ඔබලා අපි දැන් සෑහෙන්න කාලෙක ඉඳන් දන්නවා... ඒත් තාම හැසිරෙන්නෙ නොදරුවන් වගේ. ඔබට පසුව දේශපාලනේට ආපු අයත් ඔයිට වඩා මේරූ තත්වයක් පෙන්වනවා. ඔබලාට තව සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තිබෙන බව ඔබලා කියන දේවල් වලින් තේරෙන්නෙ.
"සහභාගී වන්නේ රටේ පීඩාවට පත් සැබෑ මහජනතාවට වඩා මත්පැන් බත්පැකට් බළකායක්" එතකොට ඕගොල්ලන්ගේ රැලිවලට සහබාගි වන්නේ තණකොළ කන අයද. ඕගොල්ලෝ පුලුවන්නම් රැලියකට ගෙන්නේකෝ ගෝල්ෆේස් පිටිය පිරෙන්න සෙනග. ඔය එන අයට කසිප්පු දෙන බැරල් එකක පෙරලා බැහැ කසිප්පු ඉස්කාගාරයක් ඕනේ. පොඩි එවුන් කියන කතා කියන්න එපා.
රටේ ප්‍රශ්නේ ගැන කතාකරන්න මේ ගොල්ලන්ට විතරද පුළුවන් ? ඇත්තටම කිව්වොත් මේ ගොල්ලොත් වග කියන්න ඕනේ මේ වෙලා තියනේ දේට. පාර්ලිමෙන්තුවට එක දහයක් හොයා ගන්න බැරි පිරිස එනව ජනතාවට පාර පෙන්නන්න. තවමත් රනිල්ට කඩේ යන ගමන නවත්වල නෑ වගේ. හිත අමාරුද රනිල්ට විරුද්ද වෙනකොට? හැමදාමත් වරද්දාගත්තේ ජනතවගේ හද ගැස්ම තෙරුන්ගත්ත නැති නිසා කියලවත් තේරෙන්නේ නැනේ.
ඕකත් කියන්න දෙයක්ද? දැන් ඕකට" හොරුන්ගේ රස්තියාදුව" කියලා නේ කියන්නේ. කොළඹ නගරය වටලා රාත්‍රිය ගත කිරීමටයි සැලසුම. මොවුන් මේ සූදානම් වන්නේ කුමන් අන්දමින් හෝ ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිකර ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් දේශපාලනික වාසි ලබා ගැනීමටය. පාරවල් අවහිර කරමින්, කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් කුමන ආණ්ඩුවක් යටතේ වුවද පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ඊට එරෙහිව කටයුතු කරනු ඇත. හොරුන්ට, වංචාකරුවන්ට එරෙහිව වත්මන් ආණ්ඩුව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ඊට එරෙහිව මහජන මතයක් නිර්මාණය කිරීම මෙම විරෝධතාවයේ මුඛ්‍ය අරමුණකි. විරෝධතාවය යටපත් කිරීමට සඳහා ආණ්ඩුව ආරක්ෂක අංශ භාවිතා කරන්නේ නම් ඊට එරෙහිව තම පාක්ෂිකයන් කටයුතු කරනු ඇතැයි මේ වනවිටත් සංවිධායකයින් ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. උද්ඝෝෂණයට පෙර සිටම මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා ඔවුන්ගේ අපේක්ෂාව කුමක්ද යන්න පැහැදිලිය.
මෙයාලගේ ලක්ෂ 5 හ තමයි ලංකාවේ පිඩාවට පත් වෙලා ඉන්නේ. අනිත් මිලියන 21 කම සැප විදිනවා . කොහෙන් හිනා වෙන්නද මන්දා.?
ජ.වි.පෙ ප්රමුඛ බලවේගයට බලය ලබා දිම කරන්න තිබුනා මහත්තයෝ අලුත් අයව බලයට ගෙනල්ලා අපිව කබලෙන් ලිපට දාන්න ජ.වි.පෙ පෙරමුණ නොගත්තානම්.
ගණන් ගන්න එපා, මේ රතු අයට පැවැත්මක් තියෙන්නේ කාගෙ හරි ඇගෙ කුඩැල්ලෙක් වගේ එල්ලිලා හිටියොත් විතරයි.
මේ රැලියට සහභාගී වන්නන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ හොරුන්ගේ නඩු ටික කෙසේ හෝ යටපත් කරවා ගැනීමයි.
ඇත්තටම මේ අපහාස කරන්නේ රටේ පීඩාවට පත් වෙලා ඉන්න මහජනතාවට නේද??මිනිස්සු ඒකාබද්ධය සමග එකතු වුනේ ඔවුන් නිවැරිදි නිසා නෙමෙයි. ඔවුන්ට මේ වෙලාවේ තිබෙන හොඳම විකල්පය විදිහට පේන්නේ ඔවුන් නිසා. මොළයක් තියෙනවානම් කරන්න තිබ්බේ ඒ ජනතාවට ආමන්ත්‍රණය කරන එකයි
ඔව් මෙය හරි පීඩාවට පත් උන ජනතාව විතරයි එන්නේ