බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක් ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියට කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇත. 21 January 2018
ඌව මහ ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න ජනපතිගෙන් නියෝග ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පාසලක විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඌව ආණ්ඩුකාරවරයාට සහ පොලිස්පතිට නියෝග කර ඇත. 21 January 2018
යාපනයේ බෝක්කුවක් යටින් කිලෝ 5ක බෝම්බයක් යාපනයේ මණ්ඩතීව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 5ක් පමණ වන බෝම්බයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත. 21 January 2018
යතුරුපැදි කරුට වෙඩිතැබූ පොලිස් නිලධාරියා රිමාන්ඩ් කතරගම ප්‍රාදේශීය සභා සේවකයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයා ජනවාරි 30වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කතරගම මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 January 2018
හිටපු කර්තෘ ජටිල වැල්ලබඩ සමුගනී ලක්බිම සහ ඉරුදින පුවත්පත්වල හිටපු කතුවරයෙකු වන ජටිල වැල්ලබඩ මහතා අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට 56 වියේ සිටි වැල්ලබඩ මහතා දෙදරු පියෙකි. 21 January 2018
ඌව මහඇමති අධ්‍යාපන ඇමති ධූරයෙන් තාවකාලිකව ඉවත් වෙයි ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කර ඇත. 21 January 2018
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති පැමිණෙයි ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් වී ඇති චෙන්ග් සියුආම් මහතා ඇතුළු පවුලේ සැම දෙනා ශ්‍රී ලංකාවේ වැඩ භාර ගැනීම සදහා අද (21 වැනිදා) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 869 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 21 January 2018
හේනේ බඩ ඉරිඟු කෑ වල් අලියා මරා පුළුස්සයි උණගොල්ලෑව ගම්මානයේ බඩඉරිගු හේනකදි වල්අලියෙකු මරා කපා පිළිස්සුබව කියනුලබන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු අද (20) දින අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසයි. 20 January 2018
බීමතින් රිය පැදවූ විනිසුරු රිමාන්ඩ් අනුරාධපුර වාරියපොළ ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බීමතින් රියපදවා බරපතල රියඅනතුරක් සිදුකිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයකු රිමාන්ඩ් භාරයට පත්කිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා අද (20) නියම කළේය. 20 January 2018
ලොතරැයි නියෝජිතයන්ට ශත 50 ක් වැඩිපුර ලොතරැයියක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50 කින් වැඩි කිරීම සඳහා මේ ව්න් විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය. 20 January 2018
දේශපාලන අර්බුදයකින් ඇමරිකාව අකර්මන්‍ය වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතු සිකුරාදා (19) රාත්‍රීයේ සිට අකර්මන්‍ය වී තිබේ. රජයේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට සෙනට් සභාවේ අනුමැතිය හිමි නොවීම එලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කටයුතු අකර්මන්‍ය වීමට හේතු වී තිබේ. 20 January 2018
ඌව ප්‍රධාන ඇමති අත්අඩංගුවට ගන්න‘යි ගුරුවරු කියති බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහලපතිනිය දණ ගැස්වූ හා තර්ජනය කළ ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාව කාන්තා හිංසන චෝදනා යටතේ වහා අත් අඩංගුවට නොගතහොත් ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සුදානම් බව ලංකා ගුරු සංගමය පවසයි. 20 January 2018
වියපත් අයියා- නංගී කපා කොටා මරති පෝද්දල පොලිස් වසමේ හපුගල අක්කර 5 මවූනට් ප්ලේසන්ට් වත්තේ සිය කුරුදු ඉඩමේදී කපාකොටා මරා දමාතිබු පුද්ගල මළසිරුරු දෙකක් අද උදෑසන පොද්දල පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. 20 January 2018
උතුරු හා දකුණු කොරියාව එක ධජයක් යට ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලළේ දී එකම ධජයක් යටතේ ආචාර පෙළපාලියේ ගමන් කිරීමට උතුරු හා දකුණු කොරියාව එකඟ වී තිබේ. 19 January 2018
දෙවැනි අදියරේ ඇගයීම්වලට පාසල් පහක් වැසේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම සඳහා යොදා ගන්නා පාසල් 5ක් මේ මස 23 වැනිදින සිට පෙබරවාරි මස 3 වැනි දින දක්වා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 19 January 2018
දණගැස්වීම සහ බලපෑම් ගැන විදුහල්පතිනිය පිළිගනී ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන භවානි රගුනාත් මහත්මිය අද හඬා වැටෙමින් පිළිගත්තාය. 19 January 2018
ජූලි සිට ආසන පටි - වායු බැලුන නැති වාහන ආනයනය තහනම් ආසන පටි, වායු බැලුන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති වාහන ආනයනය ජූලි මස පළමු වැනි දා සිට තහනම් කර තිබේ. 19 January 2018
හඳුන්නෙත්ති විශේෂ අධිකරණයක් ඉල්ලයි බැඳුම්කර වංචාවේ චූදිතයින්ට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සිදුකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (19) ජවිපෙ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. 19 January 2018
පොහොට්ටුවේ පෙත්සම් 14 කල් යයි පළාත් පාලන මැතිවරණයේදී මහරගම, මහියංගනය, බුත්තල, කොළඹ, පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම, බදුල්ල ඇතුළු පළාත් පාලන ආයතන 14 කට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 19 January 2018
මව හා පුතු අතර ගැටුමට මැදිවූ මිණිපිරිය මරුට යාපනය පොතුවිල් මන්සන්ධියේදී මවක හා පුතකු අතර ඇති වූ ආරවුලකදී පුතා එල්ල කළ පිහි පහරකින් එම නිවසේ සිටි ඔහුගේ බාල සහෝදරයාගේ දියණිය(4) මිය ගොස් ඇතැයි කෝපායි පොලිසිය පවසයි. 19 January 2018
යාපන සරසවියේ සිසු ගැටුමක් යාපනය සරසවියේ කලාපීඨයේ සිසුන් 8කට දින නියමයක් නොමැතිව පංති තහනම් කිරීමත් සමග ඊයේ(18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය. 19 January 2018
මළ සිරුරත් විකුණන් කෑ දෙදෙනකුට වසර 8 ක සිර දඬුවම් මෘත ශරීරයක කොටස් ඉවත්කර දීමට බව පවසමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතියකුගෙන් රුපියල් 10000ක අල්ලස් ලබාගත්තැයි වැරදිකරුවන් වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ කම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 8 බැගින් සිර දඬුවම් නියම කළේය. 19 January 2018
නාමයෝජනා පෙත්සම් විභාගය 24ට කල් යයි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මහරගම නගර සභාව ඇතුළු ප්‍රාදේශිය සභා හා පළාත් පාලන ආයතන 14ක් වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම් 14 ලබන 24වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද(19) තීන්දු කළේය. 19 January 2018
තට්ටු ගොඩනැගිල්ලෙන් වැටුණු අයෙක් මරුට පානදුර ගාලු පාරේ අධ්‍යාපන ආයතනයක් පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලින් ඊයේ(18) රාත්‍රී නාඳුනන පුද්ගලයකු බිමට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 19 January 2018
පාසල් සිසුන්ගේ වැඩමුළුවට ආ අපේක්ෂකයා ඉවතට ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ විද්‍යාලයේ දී පාසල් සිසුන් සඳහා අද (19) පෙරවරුවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මැතිවරණ අපේක්ෂයකු ආරාධිතයකු ලෙස සහභාගි වී සිටි අතර ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට මැතිවරණ නිලධාරීහු පියවර ගත්හ. 19 January 2018
මාලක සිල්වා අද උසාවියේ හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය නිකුත් කළ නියෝගය අනුව ඔහු අද (19) අධිකරණයට පැමිණියේය. 19 January 2018
සම්භාහන මුවාවෙන් කරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලයි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්භාහන ආයතනයක් ලෙස නුගේගොඩ නාවල පාරේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලසුරූපී කාන්තාවන් 18 ක් අත්අඩංගුවට ගත් බව මිරිහාන දුෂණ මර්දන අංශය පවසයි. 19 January 2018
පොදුජන පෙරමුණේ පෙත්සම නිෂ්ප්රභා වේ මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව එම පෙරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම නිෂ්ප්රභා කළේය. 19 January 2018
උදයංගගේ දේපළවලට එරෙහිව තහනම් නියෝග රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය. 19 January 2018
කොටහේන අලුත් මාවතේ මාර්ග කිහිපයක් දින තුනක් වැසේ කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) මාර්ගයේ අලුතින් ජලනල එලීම සඳහා අද (19) රාත්‍රී 9.00 සිට 22 වැනි දා උදෑසන 5.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බව පොලිසිය සඳහන් කරයි. 19 January 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026