බෙල්ල දෙන්න ආපු මෛත්‍රී මහත්තයාට ගහන එක කෙළෙහිගුණ නැතිකමක් - රන්ජන්
‘මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පැවැසීය.