හර්ෂණ තුෂාර සිල්වා
දේශපාලන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට අද (15) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමාව ඉක්මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 178.10ක් ලෙසත් ගැනුම් මිල 174.17ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.2කින් අවප්‍රමාණය වී තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන රෙෆිනිටිව් ඉකෝන් දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.4කින් අවප්‍රමාණය වී ඇත.
වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.
මේ අතර නොවැම්බර් 14 වැනිදා වන විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් බවත් මේ වසර අවසන් වනවිට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.8ක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තිතුයි මහා රජාණනි!
නියමයි
දැන්වත් රුපියල බේරාගන්න!
දේසපාලනය කරන අය නිසා මේ රට විනාශ වෙලා මිනිස්සුත් විනාශ වෙලා යනවා
රුපියල විතරක් නෙමෙයි ලංකාවත් දැන් ඉන්දියන් සාගරේ පාවෙමින් තියෙන්නේ. කොයි මොහොතක හරි මේක මුහුදටම දියවෙලා යනවා රුපියල කෙසේවෙතත්.
පසුගිය කාලයක අයවැයක් ඉදිරිපත් කරපු අයෙක් පාර්ලිමේන්තුවේදී ඇහුවලු මෙහෙම...."දැක්කද බයියාලගේ වැඩ" කියල? රුපියල ඉහළ යනවා කියා පාරම්බාන ඒ බයියාට....."දැන් සතුටුද"??????? රුපියල දැන් නායයාමකට අහුවෙලා නැද්ද?
විපක්ෂයේ ඉන්නවිට අදහස් දෝරේ ගලනවා. බලයට ආවම කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා...රට දිනෙන් දින අගාදයට යනවා.
මොළයක් තිබෙන මිනිස්සුන්ට නම් වැටහෙන්න ඕන රටේ දේශපාලනමය අර්බුදයක් තියෙන වෙලාවක ආර්ථිකය කඩන් වැටීමට ලක් වෙනවා කියලා. මහින්ද මහත්තයා ආවා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ.
මහින්ද අගමැති . නාමල් ජනපති කරන තුරු අපි මහින්ද සමගයි .....
බන්දුලගේ විනිමය අනුපාත විග්‍රහය දැන් දකින්න නැත්තේ මොකද දන්නේ නෑ. බන්දුල අවදි වෙනු. විග්‍රහය දිගටම කරනු.