(අනීෂා මානගේ)
පුද්ගල ඝාතනයන් දෙකකට හා තිදෙනෙක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධින් වල ප්‍රධාන සැකකරු වන ‘අඹ සුජී‘ නොහොත් ජූලම්පිටිය ගමගේ සජිත් කුමාර නම් තැනැත්තෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු තංගල්ල පට්ටියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමග බෝර දොළහ රිපිටර වර්ගයේ ගිනිඅවියක්, ජීව පතොරම් හයක්, එකිනෙකට වෙනස් හැඳුනුම්පත් හයක්, ජංගම දුරකථන පහක්, රියදුරු බලපත්‍ර පහක්, යතුරුපැදියක අංක තහඩුවක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයේදී තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ පිහිටි වාහන සේදුම් ස්ථානයකදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද මෙම පුද්ගලයා බව පොලිසිය කියයි.

(ඡායාරූපය -අනීෂා මානගේ)

(ඡායාරූපය- චන්ද්‍රසේන ගමගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යන්න
පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක් වගේම පාර්ලිමේන්තුවට යාමට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇති අයෙක් ඇයි මේ අත්අඩංගුවේ...?