තරිඳු ජයවර්ධන
ජනවාරි අට වැනි දා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහි වූ කොටස් සමඟ එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින බව හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියන්නීය.
ජනවාරි අට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ඒකරාශී කරගෙන වැදගත් රටක්, පිරිසිදු පාලනයක් ගොඩ නැගීම සඳහා කළ සටන ජය ගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටස් පොහොට්ටු පක්ෂයට එක්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටපත් කිරීම සඳහා උත්සාහයක් දරමින් සිටින බව ද හිටපු ජනාධිපතිනිය කියන්නීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර මොනයම් හෝ පක්ෂයකට කවුරුන් ගියත්, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්නොහරින බවත්, වැටී තිබෙන පක්ෂය යළිත් වතාවක් ගොඩ නගා ජයග්‍රාහී මාවතට ගෙන ඒමට කැපවන බවත් හිටපු ජනාධිපතිනිය සඳහන් කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමිය පක්ෂෙන් ගියොත් කොහොමත් ඕක නාග සිටවන්න දෙයක් නැහැ ජයග්‍රාහී මාවතට ඉබේම එනවා.
මැඩම්, දැන්ද කොහේදෝ නැගිටලා තියෙන්නේ! ශ්රීලනිපය දිය කර හැරියේ ඔබේ මූලිකත්වයෙන්. කණගාටුයි!
හැමෝම පොරකන්නේ බලය ඩැහැගන්න මිසක් එටටවත් ජනතාවටවත් ආදරේට නොවෙයි .....දැන් ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ හොඳට තියෙනවා....
කිඹුල් කඳුළු මොකටද?
2015 -01- 08 දින මහින්දව පරාජය කරන්නට විපක්ෂය සමග කල ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණය පසුපස ඔබ තුමියත් සිටි බව රටම දනී. ඒදා එම වෙනස නොවන්නට මෙදා මෙවන් ඉරනමකට රට මූණ පාන්නෙ නැත. හෙළාදැකිය යුත්තෙ ඔබ තුමියගේ එම ක්‍රියාවයි.
ඒක යටපත් කලොත් අර යන්තම් දිනන පක්ෂෙට අනික්පැත්තෙන් කට්ටිය දීල තුනෙන් දෙකක් හදන ගිවිසුමට මොකද වෙන්නේ?
දැන්වත් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.. ඔයා දැන් එක්ස් පයර්...
මොලේ තියෙනවා ලංකාවෙ මිනිස්සුන්ට? මොලේ තියෙන මිනිස්සු පත්කරපු හරක් දැක්ක නේද අද
මොලේ තියෙනවා ලංකාවෙ මිනිස්සුන්ට? මොලේ තියෙන මිනිස්සු පත්කරපු හරක් දැක්ක නේද අද
ඇහ ලකුණින් ඔබ තුමිය හදපු පක්ෂෙට උණු දේ නම් වෙන්නේ නෑ
මහින්ද සිරිසේන තමයි එස් එල් එෆ් පී එක දියකරලා ඇරියේ දැන් රොඩු ටික විතරයි ඇත්තේ
පබාලා, ලංසාලා, පාර්ලිමේන්තු ගියේ ලංකාවේ මිනිසුන්ගේ මොලේ වැඩි හින්දයි. මරු කතාව..
නිදහස ලැබුණාට පසුව ඔබතුමියගේ පියා තමයි භේදය ඇතිවීම කලේ. දැන් නූගත්, බුද්ධියක් නැති හොරු තක්කඩියෝ පාර්ලිමේන්තුවට ගිහින් සත්තු වගේ හැසිරෙනවා
රටේ ප්‍රශ්න විසඳන්න රජයක් තියෙනවා රජයේ ප්‍රශ්න ලංකාවේ රජයට විසඳගන්න ඉඩ දෙන්න.මේ ප්‍රශ්න තවත් අවුල් නොකර තමන් විවේක සුවයෙන් පිනක් දහමක් කරගන්න .
මැතිණියනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ඉතාම සුදුස්සා වෙල්ගම මහතා බව කියන්නේ ඉතාම සතුටින්. එතුමා නායකත්වයට පත්කරන්න.ජයවේවා!!!
වැදගත් පක්ෂයක අනන්‍යතාවය පවා දීමෙන් උන දේ පෙනවනේද ?? ශ්‍රී ලංකා පක්ෂයට නැගිටීමට පුළුවන් වේවා පතමි.
ඔය කියන පිරිසිදු පාලනය තියෙන්නේ කොහෙද ලංකාවේද? අනේ පෙරපාසල් ළදරුවන්ට වඩා බොලද අය තමා 225 පහම. අනේ තවත් ලෝකය ඉදිරියේ අපේ නිරුවත පෙන්වන්නේ නැතුව රට අස්ථාවර නොකර ගෙදර ගියානම් වටිනවා. ඔය කියන පක්ෂ පාට නැතත් කමක් නැහැ ජනතාවට හොදක් වෙනවනම්, නැතිනම් මේ හැමෝටම සාප වේවා.!