(ඩයනා උදයංගනී)
මහ බැංකු අධිපතිවරයා කුමක් ප්‍රකාශ කළ ද තෙල් මිල සූත්‍රය මේ වන විට අහෝසි කර ඇතැයි කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
රජය කටයුතු කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගන්නා තීන්දු අනුව මිස මහ බැංකු අධිපතිවරයා ගන්නා තීන්දු අනුව නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
වත්මන් රජය කටයුතු කරන්නේ පසුගිය රජය මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය අයුරින් නොවන නිසා ජනතාවට සහන ලබාදීමට කිසිඳු බාධාවක් නැතැයිද ඇමතිවරයා පැවසීය.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ තෙල් මිල සූත්‍රය තවමත් අහෝසි කර නැති බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්, එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චං ගාමිණී ලොකු ගේ ඔයාට කම්කරු අැමතිකම,
යන්න මහත්මය යන්න බොරු නොකිය. බලේ නැතිකාලේ කිව්ව දේවල් ඔයාල බලයට ඇවිත් කවද්ද කලේ.
දේශපාලකයින්ට මිල සුත්‍රය ඕනෑවෙන්නේ බොරතෙල් මිල නගිනකොට, බහිනකොට එ්කට විරුද්ධ වෙනවා. කරුණාකර මිල සුත්‍රය නැවත පනවන්න.
මහ බැංකු අධිපති නොදැන මුදල් සම්බන්ද කටයුතු සිදුවෙන්නේ නැහැ. මන්ත්‍රීතුමෝ බොරු කියන්නේ ඇයි. දැනට ලෝක වෙළඳපොලේ තෙල්මිළ ඉතාම පහල බැහැපුනිසා මේ රටෙත් මිල අඩුකලේ.
ලෝක වෙළඳපොල තෙල් මිල අඩුවෙලා. මිල සුත්‍රය තිබුනානම් පාරිබෝගිකයන්ටත් තෙල් මිල අඩුවෙනවා. මිල සුත්‍රය නැතිනම් ඒ වාසිය පාරිබෝගිකයන්ට ලැබෙන්නේ නෑ.
කවුද ඇත්ත කියන්නේ ?
තෙල් මිල සුත්‍රයක් නැතිව කොහොමද වෙනස්වෙන බොර තෙල්මිල සමග මිල වෙනස් කරන්නේ. ඇමෙරිකාවේ සෑම සමාගමකම බොර තෙල් මිල අනුව මිල වෙනස් කරන්නේ සුත්‍රයක් මාර්ගයනි. ලංකාවේ ඉන්දන මිල වෙනස් කෙරන්නෙ ජනාධිපති කියන ආකාරයටද?
පාර්ලිමේන්තුවෙවත් නැති පොහොට්ටු සාමාජිකයෙක් කොහොමද රටේ තෙල් මේල ගැන කතා කියන්නේ? හරිනම් මෙයා ශ්‍රීලනිපයෙන් ඉවත් වුනාට පසු නීතියනුකුලව මන්ත්‍රී කෙනෙක් වත් නොවේ
තෙල් මිල සූත්‍රය අහෝසි කිරීම හොඳයි කියමුකො, ඒත් දැන් රටට අත්‍යාව්‍යශ අපේ රටේ අගමැති ජනාධිපති තමුනට අවශ්‍ය වේලාවට වෙනස් කරන ඉන්දියානු දේශපාලන සූත්‍රය අහෝසි කර ගැනීමයි.
මිල සුත්‍රය තිබුනානම් නොවැම්බර් 10 වෙනිදාට මිල කියක් අඩුවෙනවද?