ශ්රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්රජාතන්ත්රවාදී සම්ප්රාදයක් ඇති බවත් එහෙත් අද (15) ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට ඉතා නරක දවසක් බවත් මෙරට ජර්මානු තානාපති යර්න් රොඞ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“අද දිනය ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට නරක දවසක්. ශ්රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්රජාතන්ත්රවාදී සම්ප්රදායක් තිබෙනවා. කතානායකවරයා දෙසට විවිධ දේ එල්ල කිරීම සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධා කිරීම ප්රජාතන්ත්රවාදය නොවේ”.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දන්නේ නැහැනේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කියලා.
අද විතරක් නෙවේ හැමදාම ඔහෙලා අපිව අඹරවනකන් ...
මගේ රට අපි බලාගමු. මේ අය කවුද,?
මේ කථාව ඇත්ත. මෙයට වර්තමාන අගමැතිගේ ගෝලයින් වගකිව යුතුයි. කතානායකතුමාගේ මයික්රෙපා්නය කැඩීමට කටයුතුකල මන්ත්රී කෙනෙකුගේ අත වයරයක් අදිද්දී කැපුනා එය හොඳින්ම පෙනෙත්දී එක මන්ත්රී වරයෙක් කිව්වා එය පිහියකට කැපීමක් කියලා. මෙලෙස කරමින් රටම ලෝකය ඉදිරියේ අපකීර්තියට ලක්කරන මන්ත්රීන්ගේ ප්රජා අයිතිය අහෝසිකල යුතුය.
පොල්ගස්වල ගෙඩි කඩන්න ඕන අය පාර්ලිමේන්තුවට යැව්වම ඔහොම වෙනවා
අනුන්ගෙ රටේ කුණු හෝදන්න ඉස්සෙල්ල තමන්ගෙ රටේ කුණු ටික හෝදගනිං. හිට්ලර් ජීවිත කීයක් නැති කලාද? ආව මෙතන කතා කරන්ඩ.
අපිට තිබුණු ඒ ආඩම්බරකාරී ප්රජාතන්ත්රවාදය නැතිකරන්නේ ඔබල වැනි බටහිර ජාතින් කීපයක් . රටක පාර්ලිමේන්තුවේ ගැටලුකාරී තත්වයක් අති උනාම නැවත ඡන්දයක් පවත්වල අලුත් පාර්ලිමේන්තුවක් හදාගැනීමට වඩා ප්රජාතන්ත්රවාදී ක්රමයක් තිබේද අනුගමනය කරන්න ?