(විනීතා එම් ගමගේ)
කථානායකවරයා කිසි දේකට එකඟ නොවී ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරමින් පාර්ලිමේන්තුව තව තවත් අවුල් කරන්නේ යැයි ද පවතින සියලූ ගැටලූවලට හේතුවී ඇත්තේ කථානායකවරයාගේ හැසිරීම යැයි ද මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
මේ වනවිට පාර්ලිමේන්තුව තුළ විශාල අර්බුදයක් මතුවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
අගමැතිවරයා හා ජනාධිපතිවරයා සමඟ තම කන්ඩායම මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු කීය.
විශ්වාස භංග යෝජනාව අදම ගෙන ආවත් තමන් කැමති යැයි කී දිසානායක මහතා එහෙත් එය ගෙන ආ යුත්තේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුල් කොට දින හතරකට පහකට පසු ඡන්දය විමසීමෙන් යැයි ද පැවසීය.
එසේ විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් මනෝ ගනේෂන් මහතා ගේ කණ්ඩායම, දෙමළ ජාතික සංන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසයේ හතර පස්දෙනෙක් මෙන්ම රිෂාඞ් ගේ කණ්ඩායම ම හෝ එයින් තුන් දෙනෙක් තමන් සමඟ සිටිනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය.
එසේ බලද්දී විශ්වාස භංගය ජය ගැනීම එතරම් අපහසු නොවන බව කී අමාත්‍යවරයා පවතින ප‍්‍රශ්නය වන්නේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් මෙසේ යලි රැස් කිරීම යැයි ද කියා සිටියේය.
අධිකරණ නියෝගයෙන් පාර්ලිමේන්තුව සක‍්‍රිය කර නැති බව පෙන්වා දුන් දිසානායක මහතා එය සක‍්‍රිය කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් යැයි ද කීය.
ඊයේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ දේ පිළිබඳව තමන් දුකටත්, ලැජ්ජාවට හා කම්පාවටත් පත්වී හිඳින බව කී අමාත්‍යවරයා කවර මත දැරුවත් තමන් මිතුරන් බව එක් පිරිසකට අමතක වී ඇතැයි ද හරකුන් මී හරකුන් මෙන් පොරයකට වැටුනේ ඒ නිසා යැයි ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා තවත් මන්ත‍්‍රීවරයෙකු පිහිදෙකක් රැගෙන ආ බවත් දිලූම් අමුණුගම හා ආනන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරුන් තුවාල ලැබු බවත් ඔහු කීය.
මහින්ද රාජපක්ෂ මහතා ට බහුතරය නැත්නම් ඊළඟට බහුතරය ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරන කෙනෙක් අගමැති ලෙස පත් කරනු ඇතැයි ද කථානායක නැති බලයක් ආරූඪ කරගෙන බහුතරය අහන්නේ කුමකට දැයි තමන් ට නොතේරෙන බව ද හෙතෙම සඳහන් කළේය.
නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් මේ පෙත්සම්වල අහන්න දෙයක් නැහැ විසිකරන්නැයි කියු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නොකළ බවත් නඩුව අහන්නට තීරණය කළ බව ද කී දිසානායක මහතා එය ඉතා හොඳ තීරණයකැයි තමන් සිතන බව ද කියා සිටියේය.
නමුත් රනිල්, කථානායක, එජාපය ජවිපෙ මෙන්ම ටී එන් ඒ එක ද නඩුව දිනුවා යැයි සිතා සිටින බව ද පැවසු අමාත්‍යවරයා මේවා මානසික රෝග බව ද සඳහන් කළේය.
මේ පිළිබඳව අධිකරණය හොඳ තීන්දුවක් දෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කළේ 225 කට විස`දන්න බැරි ප‍්‍රශ්නය ලක්ෂ 150 කට දීම වන අතර එය නීති විරෝධී යැයි කිසිවෙක් සිතන්නේ නැතැයි ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව අහන්න ගනිද්දි අතුරු තහනම් නියෝගයට පාර්ලිමේන්තුවත් ඇතුළත් කළා නම් මේ ගැටලූ කිසිවක් මතුවන්නේ නැතැයි අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා හෝ ඇමතිවරු තමන් පිළිනොගන්නා බව කියා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ට කථාව කරන්නට අවස්ථෘව දුන් කථානායකවරයා මානසික ප‍්‍රශ්නයකට ලක්ව ඇතැයි ඕනැම කෙනෙකුට පෙනී යන බව පැවසු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ස්ථාවර නියෝග අනුපිලිවෙළ පවා කඩ කළේ යැයි ද කීය.
ජාතික ආණ්ඩුවෙන් තම පක්ෂයේ ඉතිරි පිරිස එළියට පැමිණිදා කැබිනට් මණ්ඩලය අකර්මන්‍ය බව ඕනැම අයෙකුට වැටහෙන්නේ යැයි ද ජනාධිපතිවරයා නව අගමැති පත් කළේ ඒ අවස්ථාවේ යැයි ද කී අමාත්‍යවරයා ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අහෝසි වීම පමණක් නොව ජනාධිපතිවරයා විසින් ලිපියකින් අගමැති ඉවත් කිරීම ද නව අගමැතිවරයෙක් පත් කිරීමට ඉවහල් වූ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල මඟනැගුම මහගෙදර අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ මහත්තයෝ………. බල තණ්හාවට බහුතරයක් නැතුව ආණ්ඩු හදන්ඩ ගිහිල්ලා ගැටලූවලට මුලපිරුවේ කව්ද කියල මුළු රටම දන්නවා……...
ප්‍රධානම හේතුව නම් රජ ගෙදර කවටයා මෝඩ හිනාව දාගෙන රජ ගෙදර පිටපස්සේ ඉදීම මිස වෙන කිසිම හේතුවක් නොවේ.
එයට හේතුව හොර අගමැති පත් කිරීමයි. එයට හේතුව මෛත්‍රී පාර වෙනස් කිරීමයි. එයට හේතුව ඔබ වැනි අයගේ ලණු දීමයි. අපට අවුරුදු 3න් 3 ට ඡන්ද වුවමන නැත. රනිල් පොරොන්දු වූ පරිදි රට ඉදිරියට ගෙන යාමට ඔහුට ඉඩ දිය යුතුයි. කකුලෙන් අදිමින් ගමන බාල කර වැඩ අවුල් කිරීම අනුමත නොකරමි. පවතී ආණ්ඩුවෙහි සමර්ථ බව හෝ අසමත් බව නියමිත කාලයේ ඡන්ද පවත්වා විමසා ගත හැකිය.
මෛත්‍රීට ගෙදරට එන්න කියලනේ මේ විනාශය කෙරුවේ කතානායකටත්... ගෙදරට එන්න කියලා මේ ප‍්‍රශ්නය විසඳන්න...
මේ සියලු දේට ජනාධිපතිත්, 16 කල්ලිය ඇතුළු පොහොට්ටුවේ අය වගකිව යුතුයි. ඔබලා කියන සියලු දේ පිළිගන්න තරම් රටේ ජනතාව මෝඩයන් නොවන බව දැනගත යුතුයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක් කරන මෙවන් දේශපාලකයන් ඉපදුනේ රටේම අවාසනාවටයි.
කෝ අනේ ඔයාගේ 113? නටන්න බැරි අයට පොළව ඇදයි කියනවා වගේ !!!
කතානායක වරයට එයාගේ රාජකාරිය කරන්න ඉඩ නොදී කුලප්පු වුන හරක් වගේ හැසිරෙන විට කොහොමද එතුමා වැඩ කරන්නේ.? දැන් හැමදේටම වැරැද්ද ඔහුට පවරන එක හරිද.?
ඉතින් කතානායකවරයාට කෝල් එකක් දාලා ඔෆර් එකක් ගහන්නකෝ...!!! සේරම හරියාවි.
ඒක එහෙම නොවෙයි, ඔහෙලා ඡන්ද විමසීමකට බයයි. ඒ හින්දා නේ, බලහත්කාර කමින් බලය කොල්ල කන්න හදන්නේ. කොහොමටත් මහින්දට පක්ෂව ඔය පාර්ලිමේතුව ඇතුලේ ඔයගොල්ලට බහුතරයක් නැහැ. අනිත් ඒක මහත්තයෝ, කට තිබුණ පලියට කතා කොරන්න එපා. ඔහෙත් තමන්ගේ ආසනෙත් රැක ගන්න බැරුව කුජීත වෙලා පින් ලයිතුවෙන් රිංගපු කෙනෙක් නේද?
පිළිගතහැකි පුද්ගලික නොවේ.
මම යන්නේ මුළු ඔක්කොම ගිනිතියාගෙන කියලා කීවේ කතානායකද කියලා ආසනයත් පරාජය වෙලා පින් ලිස්ට් එකෙන් එලිය බලන මොහුගෙන් ඇහුවට බමුණු අමනාප වෙන එකක් නැහැ ?
නැති බහුතරයක් පෙන්වා අගමැති කෙනෙක් පත් කළානේ. දැන් ඒ බහුතරයෙන් ම කතානායක එළවන්න විශ්වාසභංගයක් ගේන්න.ඔබ තමයි රටම අවුල් කළේ.
"රංගේ, ඔයා එන්නේ නැද්ද? " මෙයා නම් ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි, අඳින්න ඕන හින්දා...
රංගේ ඔයා එනවනේ නේද?
ඔබගේ අතීතය දෙස බලන විට ඔබ දේශපාලුවෙක් වී අවසානයි.
මේ ප්රශ්නයේදී හරියට වැඩ කල එකම මහත්මයා තමා කථා නායක තුමා. ඔය වගේ මෝඩ කතා පිළිගන්න මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු ඔය වගේ මෝඩයෝ නොවේ.
රංගේ කොහේද ඉන්නේ...
කතානායක කොහොම හැසිරුනත් රටේ මහජනතාව නියෝජනය කරන රටක උත්තරීතර පාර්ලිමේන්තුවේ ලෝකයක් බලාගෙන ඉන්නකොට ඔබතුමාලා කියන වචනෙට සුදුසු නැහැ.
ඔයාලගේ හැසිරීම අපි දැක්කා මිනිස්සු මුලාකරන්න ඔයාට බැහැ.
රටේ කලබල සහ ගැටළුවලට හේතුව ජනාධිපතිවරයාගේ හැසිරීමයි