රංජන් කස්තුරි
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (15) පෙරවරුවේ ශල්‍යකර්මයක් සිදුකර තිබේ.
දිලුම් අමුණුගම මහතාගේ ඇඟිල්ලකට සහ අතක අල්ලට තුවාල සිදුව තිබූ අතර ඇඟිල්ලේ ස්නායු වලට හානි වී තිබූ බවද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව මන්ත්‍රීවරයා අද සුළු ශල්‍යකර්මයකට ලක්කළ බවද ඔහුට පැය කිහිපයකින් රෝහලෙන් පිටව යා හැකි බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (15) ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගේ ඇඟිල්ලකට හා අත්ලට හානි පැමිණ තිබුණේ සභාවේ තිබූ මයික්‍රෆෝනයක වයරයට යැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්දගේ ඔලුවට කල වගේ එකක්ද මන්ද..
මීට පස්සෙවත් ඕනේ නැති තැන් වලට අත නොදා ඉන්න මහත්තයෝ.
නොදකින්.. මේ අයව යුද්ධයට යවන්න තිබුනේ.. බබාලා..
අත කඩලම ගියානම් හොඳයි...
මෙයාට බවලත් උදවිය ඡන්දෙ දෙන්නේ පෙනුමට.
මේවට කියන්නේ දිට්ඨධම්ම වේදනීය කම්ම කියලයි
මොහු කතානායක මේසයේ තිබූ මයික්‍රෆෝනය කඩාදමන්න බොහෝ වෙහෙසක් දරුවා.ඒ වෙලාවේදී අත තුවාල වූ බව වීඩියෝව බලන අයට බලාගන්න පුළුවන්.මා එවෙලේම සිද්ධිය ටීවී එකෙන් දුටුවා.
මොහු කතානායකට ගහන්න ඔහුගේ මේසයේ තිබුණු මයික්රෝපෝන් එක උදුරන්න ගිහින් අත කපාගත්තු විදිය අපුරුවට වීඩියෝ ගත කර ඇත.මෙවැනි උන්මන්තකයින් පාර්ලිමේන්තුවට යැවූ මහනුවර ජනතාවට මගේ හද පිරි මෙව්වා එක
අපි දැක්කා කොහොමද තුවාල කරගතේ කියලා. මේක තමන් විසින්ම අනවශ්‍ය වයර් අදින්න ගිහින් සිදු කරගත්ත තුවාලයක්. පාර්ලිමේන්තුවේ දේපල වලට හානි උන එක කාටවත් පෙනුනේ නැද්ද පක්ෂ විපක්ෂ හැමෝටම
රට ජාතිය රකින්නනේ පූජා කළේ...
අලාභෙත් අයකර ගන්න මයික් කැඩුවට
තමන්ට නොගැලපෙන දේ කරන්න ගිහාම ඔහොම වෙනවා. තම දකුණු අත දිගු කොට, කතානායකතුමන්ගේ මේසය මත තිබූ යමක් වැර යොදා අදින්නට ගොස් වෙච්ච දෙයක්.
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට.
වයර් එකට පන ඇවිල්ලා අත කපන්න ඇති මගේ හිතේ ?බලාගෙන බෙල්ලටත් එන්න පුළුවන්
අනේ අපි වගේ අයට ඔහොම ශල්‍යකර්ම කොහෙන්ද?
රූපවාහිනී නාලිකාවලින් අපි දැක්කේ දිලුම් කතානායකගේ මයික් එක ඇදලා කඩනකොට තමයි තුවාල සිදුවුනේ... පුළුවන් නම් එහෙම වුනේ නෑ කියල පෙන්වන්න. එවෙලේම දෙවියන් විසින් දඬුවම් දුන්නා. කතානායකගේ පුටුවට වතුර හලනවා අපි දැක්කා..
ඒ ගමන්ම මොලයක් තියෙනවද කියලා බලන්න එක්ස්රේ එකක් ගත්තොත් හොඳ නැද්ද ? ප්රජාතන්ත්රවාදයට එරෙහි වීමේ ශාපය. තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ප්රජාතන්ත්රවාදයේ උත්තරීතම අසුන වෙත ඔබෙන් එල්ලවූ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
ජනතා මුදල් ජනතා සම්පත් කතානායකගේ දෙයක් යැයි සිතා කඩා දමා විනාශකල මොහුට දඬුවම් කලයුතුයි.
ඔයාගේ අත් යකඩ වලට වැඩ ශක්තිමත් කියල බැලුවද ? අපි නම් දැක්ක මොකද උනේ කියල
මයික්රපොනයට වෙච්ච අලාබයට මන්ත්‍රී පඩියෙන් කපන්න
කථානායකවරයගෙ මයික් එක කඩන්න ගිහින්නෙ මෙහෙමෙ වුනේ. ඒක හින්දා 'පවු' කියල කියන්න බෑ.
මයික් වයරය මිනී නොමරා බේරුවේ හොද වෙලාවට ?
පොඩිමිනිහගේ සල්ලි කඩ දමනකොට දෙවියෝ දඩුවම් දීලා.....
මයික් එක අදින්න ගිහිලා විහින් කරගත්තු දෙයක්.......මෙයාට විරුද්ධව නඩු දාන්න
වයසට වැඩ කරන්න.
රඡයේ දේපල හානි කලාට නඩු නැද්ද?
තමන්ට අයිති වැඩ මොනවද කියල පළමුවෙන් තේරුම්ගන්න.