පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට අද සවස දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර යළිත් වරක් හෙට දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අවධානය යොමු වූ බවත්, එහි දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක්.
‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.
පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි.
එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේය.
ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.
ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය.
එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය
2018-11-15‘‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රැළ ආයේ එපා නැවත ඡන්දයකට යාම වඩා සුදුසුයි .
මේ සිකුරාදාටත් අලුත් ජවනිකාවක් බලාගන්න පුලුවන් වෙයි..... මෛත්‍රීගේ ප්‍රියතම දවස සිකුරාදා නිසා.
මේ රටේ පාලනය බලෙන් කොල්ල කන්න උත්සහ දැරූ හොර තක්කඩි කුපාඩි කල්ලියේ ඉරණම විසඳෙන දිනය වැඩි ඈතක නැහැ.
කොහොමටත් ජනාධිපතිට රනිල් ගේ සහය නැතුව ඕමි ගහන්න බැහැ. මහින්ද එක්ක එකතු වී ගැසූ තුරුම්පු ඔක්කොම කුජිත වී ගියා.
ජනාධිපති කොහොමද උපදෙස් දෙන්නේ විශ්වාසභංගයෙන් වගන්තියක් අයින් කරන්න කියලා. විශ්වාසභංග ගේන්න ඕනෑ ජනාධිපතිට ඕනේ විදිහටද? අනික මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ ජවිපෙ. එයාල නැතිතැනක වෙන අය කොහොමද ඒක වෙනස් කරන්න එකඟ වෙන්නේ?
ජනාධිපතිට සහතික වෙන්න පුළුවන්ද...? එයාලගේ මන්ත්‍රීවරු බාධා කරන්නේ නෑ කියලා...
ගමරාලගේ මේ සිකුරාදා වික්‍රමය පෙන්වන්න හදන්නේ... 1. එක්කෝ සල්ලි විසිකරලා කට්ටිය බාගෙන 2. නැත්නම් අලුත් විශ්වාසභංගේ පෙන්නලා ජනමත විචාරණයක් හෝ වෙනදෙයක් කරන්න හදන්නේ. 3. බොහෝ දුරට අර 1වෙනි එක ඉවත් කරලා ඉදිරිපත් කරන්න කියන්නේ පසුවට දෝෂාභියෝගයක් එන එක පාලනය කරගන්න. මෙවැනි පහත් ගති ඇති අයවලුන් සමග එකඟතාවයකට පැමිණීම අතිශයින් භයානකයි. අරගලය දිගටම කරගෙන යාමයි කළ යුත්තේ... ජනපති ඉල්ලා අස්වනතුරු...
ලංකා දේශපාලනයේ ඉදිරි පය 24 තීරණාත්මකය. එයට හේතුවනම් ජනාධිපතිවරයාගේ ප්‍රකශයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රනිල් නැවත අගමැති උවහොත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පැයක් ඇතුලත ගෙදර යනබවය. ජනාදිපතිගේ පොරොන්දුව ගැන රටම බලාසිටි.
හෙට තියෙන විශ්වාසභංග යෝජනාවෙන් මහින්ද මහත්මයා ජයග්‍රහණය කරනවා. මෙන්න මෙහෙමයි වැඩේ සිදුවෙන්නේ... ජනාධිපතිතුමා අතේ තියෙන එක ශක්තිමත්ම " තුරුම්පුවක් " තමයි " බැඳුම්කර වංචාවේ" වාර්තාව. එහි තිබෙන වංචාවට සම්බන්ධ දේශපාලුවන්ගේ නම් ලිස්ට් එක අද නායකයින්ගේ රැස්වීමේදී පෙන්වන්න ඇති. දැන් ඒ අයට ලොකු ප්‍රශ්නයක් මේක. ( ගෙදරගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී වගේ දෙයක්.) මට හිතෙන්නේ... හෙට ඡන්දෙට බහුතරයක් දේශපාලුවන් පාර්ලිමේන්තුවට නෑවිත් ඉඳීවි. එක එක හේතු දක්වමින්. අන්තිමට ඡන්දෙන් මහින්ද මහත්මයා දිනාවි. ( මෙය මට හිතෙන දෙයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙය වෙන්නත් පුළුවන් නොවෙන්නටත් පුළුවන් )
ජනාධිපතිතුමා ලගදි කිවුවා අපිට මතකයි එක පිරිසක් ව දේශපාලනයෙන් අතුගා දානවා නන්නත් තාර කරනවා කියා මට මේ සිදුවීම් තුල එය සිහිපත් වේ ...!!!
දැන් විශ්වාශ භංගයෙන් පැරදුණොත් මහින්ද මහතා ඇතුළු 30 දෙනාට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් අහිමිවේද ..? මොකද ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු නොවේ. නමුත් දැන් ඒ අය මල් පොහොට්ටුවේ සාමාජිකයෝ වේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසිවේ. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීකම අහෝසිවෙනවා නේද ...?
ජය මංගලම් සුබ මංගලම්. යුග ජිවිතේ. වාසනා රටේ. සිහින හෙළිවී සියල්ලෙන් පිරි වේවා පැතුම් මල් සිනා නැණ ගුණ ඇති දු දරුවන් ලැබිලා පිරිරිලා යස ඉසුරින් සිරිකොත කැන්දන සුබ දවසක් වේවා.
මෙයා ඊළගට මොනා කරන්න සැරසෙනවද දෙයියෝ තමයි දන්නේ ?
තව කී පාරක් බහුතරය පෙන්නන්න වෙයිද? බහුතරය පෙන්නුවට පස්සේ මොනවා කියයිද දන්නේ නැහැ.
මෙයින් පාර්ලිමේන්තුවත් ජනාධිපති යටතට පත්කලා වැනි අදහසක් මතුවෙනවා
පාර්ලිමේන්තුවේ බහුතරය පිලිබදව ජනතා විස්වාසය බිදී හමාරය. පාර්ලිමේන්තු මැතිවරණයකට වහාම යාම ඉතාම කාලෝචිත ක්‍රියාදාමයයි. මොන පක්ෂයේ වුවද බොහොමයක් මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සුදුස්සන් නොවන බව ජනතා මතයයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදිනෙක සිදුනොවූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී ක්‍රියා සමුදායක් ශ්‍රී ලංකික ජනතවට පමණක් නොව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය මගින් සියලු ලෝකවාසී ජනතාවටම බලා ගැනීමට සලස්වාන ලදී. එම සිදුවීම් වලින් වඩාත්ම නින්දිතම සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී ක්‍රියාව වන කතානායකවරයාගේ අසුනට වතුර බෝතල් කිහිපයක් වක්කිරිමය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට හිරිහැරකරමින් කරනලද දුෂ්ට ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව පක්ෂ පාට නොබලා එක හෙලා ප්‍රතික්ෂේප කරනු ඇත. පාර්ලිමේන්තුවට තුලදී කරනලද සියලු ක්‍රියාවලින් පෙනීයන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් බලය ලබාගැනීමට උහ්සහකරන බවය. තම දරුවන්ගේ අනාගතය රටේ අනාගතය මෙවැනි අප්පච්චිලාට බාර කර මුළුරටම නැතිකර ගන්නවද එසේ නොමැතිනම් දුරදිග කල්පනාකාර රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන්ට රට බාරදෙනවද?
මේක කරන්න පුළුවන් වැඩක්යැයි බහුතරය නැති කට්ටිය පිස්සුනටනවා.
ඕක 14 දා පාර්ලිමේන්තුව පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වනම් මේ ගහ මරා ගැනීම් නෑ.
"බහුතරය පෙන්වා සිටියහොත් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව" ඒ කියන්නේ දැන් කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව නොවන බව ඔහු පිළිගෙන තියෙනවා .
මෙවිවා විකාර , ලෝකයා ඉදිරියේ රට හෑල්ලුවට ලක් වෙන වැඩ නඩු තීන්දුව 07 වෙනිදා ලැබුණාම ඔය අගමැටි ප්‍රශ්නය විසද ගත්තානම් ඉවරයි.ඉවසිල්ලක් නැහැ මේ බලයට කෑදර දේශපාලුවන්ට. රට විනාශ කරනවා අැත්තටම එන පාර ඡන්දයකදි ජනතාව මුලින්ම බලන්න ඕනා A/L වැඩ 03 සමත්ද , නැත්නමි ඡනදය දෙන්න එපා පිස්සු කෙලින්නෙ උන් .
රනිල් නැවත අගමැති උනොත් පැයක්වත් ජනාධිපති තනතුරේ ඉන්නේ නැහැ කිව්වා නේද ?
ඉල්ලන් කන්න වගේ හදන්නේ...
මේ රට කාලා කාලා හපකරලත් තවම කතා කරන්නේ ව්‍යවස්ථාවට අනුකුලව කොහෙද ඕක තියෙන්නේ පාතාල මැරයන් පෝෂණය කරන්නේ තමුන් ඔවුන් පාර්ලිමේන්තුවට ගේන්නේ තමුන් එහෙම උන්ගෙන් වගකීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? කවුද මේවට වග උත්තර කරුවෝ අපිද ? බලය පමණක් රැකගන්න මාන බලන හොර කණ්ඩායම් 32 ක් කරන මේ සෙල්ලම තාම රටේ බහුතරය කියන උන් තේරුම් ගන්න තුරු මෙහෙම තමයි..
වරක් සීයා ටොක්කක් ඇනලා, ගෙදර ලග හොදට පැහිලා තිවුණ ගොයමට ගිනි තිවුවා. පොතේ එහෙමයි තිවුනේ. ඉතින් දැනුත් වෙලා තියෙන්නේ ඒකයි. රටක් අනපු ශාපයෙන් ඔහුට ගැලවෙන්න වෙන් එකක් නම් නෑ.
අපි දන්නා විදිහට විශ්වාස බංගයකින් ඉවත් කල අගමැති කෙනෙකුට නැවත අගමැති කම් කල නොහැකියි. කොහොමද මතුරලා දීලා තියන ටොපිය?
දැනට තිබෙන මේ ව්‍යවස්ථා අර්බුදය නිර්මානය වුනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අතර තිබෙන විරසකය නිසා ජනාධිපතිතුමා විසින් අගමැතිතුමාව නෙරපා වෙනත් කෙනෙකු එම තනතුරට පත් කිරීම නිසායි. එම අර්බුදය විසඳීම සඳහා දැන් කවරෙකුගේ වුවමනාවකට හෝ මැතිවරණයක් පවත්වන්නේ නම් ඊට රුපියල් කෝටි 600 ක පමණ මුදලක් වියදම් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. මේ මුදල් මහජනතාවගේ මුදල් මිසක් මෛත්‍රිගේ, රනිල්ගේ හෝ මහින්දගේ සාක්කුවලින් යන්නේ නැහැ. තම තමන්ගේ ප්‍රශ්න තමතමන් සාකච්ඡා මාර්ගයෙන් හෝ නීත්‍යානුකූලව විසඳාගත යුතුවා මිසක් ඒවාට මහජනතාවට පාඩු කළයුතු නැහැ. ජනාධිපතිවරණයට වසර දෙකක් තිබියදී අනවශ්‍ය ලෙස තම ධුරකාලය දික්කර ගැනීම සඳහා 2015 මැතිවරණයක් පවත්වා මහජන මුදල් නාස්ති කළ මහින්ද එදා කළ වරදම මෙවර මෛත්‍රී සමග කුමන්ත්‍රණය කර සිදු කරන්නට යනවා. මේවා නීත්‍යානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මත විසඳාගත යුතු දේවල් මිසක් තක්කඩි කුමන්ත්‍රණ තුළින් මහජන මුදල් නාස්ති කරමින් විසඳන්නට යාම වංක නින්දිත ක්‍රියාවක්. මේකට මුළුමනින්ම වගකිව යුත්තේ මෛත්‍රියි...