සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු
මැතිසබයේ ගැටුම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙනවිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට ඇනීමට උත්සාහ දැරූ බව පුත්තලම දිස්ත්රික් මන්ත්රී සනත් නිශාන්ත මහතා පැවසීය.
රන්ජන් රාමනායක මන්ත්රීවරයා සිය ඉණෙන් පිහියක් ඇද ඉන්දික අනුරුද්ධික මන්ත්රීවරයාට ඇනීමට උත්සාහ දැරූ බවත් තමා එය වැළැක්වූ අවස්ථාවේදී රාමනායක මහතා පිහියද රැගෙන ඉන් ඉවත් වූ බවත් නිශාන්ත මහතා කීය.
රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම විපක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනාගේ ඉණවල පිහි ගසා සිටි බව තමාද දුටුවේ යැයි මාතර දිස්ත්රික් මන්ත්රී කාංචන විජේසේකර මහතා පැවසීය.
විපක්ෂයේ මන්ත්රීවරුන් මැතිසබයේ ලොකු ලේ වැගිරීමක් කිරීමට පැමිණ සිටි බව මින් පැහැදිලි වන බව කී විජේසේකර මහතා මොවුන් සභාවට පිහි රැගෙන ආවේ කාගේ අවසරයක් ඇතිව දැයි සොයා බැලිය යුතු බවද ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේමයි
බොරු
බුලත් විටක් කන්න පුවක් ගෙඩියක් කපාගන්න වෙන්න ඇති පිහියක් ගේන්න ඇත්තේ...
පව් මෙයාට ඇඟිල්ලෙන් ඇන්නා තමයි කියන්නේ..
පැහැදිලිවම තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක මන්ත්රීවරුන් පිහි අතේ තියාගෙන ඉන්නවා සමාජජාල වල පින්තූර සමග පල වුණා. බලමු කතානායක මොකද කරන්නේ කියලා...
අනේ පව් අහිංසකයා හොඳටම බය වෙලා...
අනේ මේ කතා කරන්නේ සාන්තුවරයෝ ටිකක්. පව්
එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. පාර්ලිමේන්තුවේ ලේ වගුරවන්න බලාගෙන කණ්ඩායමක් සිටිනවා කියලා. පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපතුමා ගත්ත තීරණය හරියටම හරි.
දැන් අර කිරි පැකට් කතාව ඉවරයි නේද?. ඔබ දැක්කද කවුරුවත් පිහියා ගෙනත් තියනවා? අයිසේ, ඔහේලාගේ අන්වල හැපිලාම වෙන්නැති ඔහෙලගෙ අනිත් අයට තුවාල උනේ. අන් තියන අය පාර්ලිමේන්තුවට ආවාම ඔහොම දේවල් සිද්ද වෙනවා!
සනත් නිශාන්ත යනු කව්රුද යන්න අපි හොඳට දැක්කා...
දන්නා අටමගලයක් කියවන්න. පුත්තලමට වෙලා හිටියනම් නරකද පිහි ඇනුම් කන්නේ නැතුව.
අනේ තොත්ත බබා... ඔහේ ගැන පුත්තලමේ මිනිස්සු දන්නවා. ශාන්ත දාන්ත අහිංසකයා...
මේ අය මැරයින්.. මේ අය දන්නේ නැහැ ප්රජාතන්ත්රවාදේ..
ශාන්තුවරයෙක්.
සනත් නිශාන්ත මහතාගේ චණ්ඩිකමත්, ඒවා වලට තිබෙන නඩුත් මේ මොහොතේ අපි මතක්කර සිටිමු.
ඉතින් මොකෝ? ඔබලා රටේ ජනතාවටම පිටුපසින්නේ පිහියෙන් ඇන්නේ!
අනේ මහත්තයෝ අපි දැක්කා ටීවී එකේ ලයිව් පොහොට්ටුවේ මැරයින්ගේ හැසිරීම..
හොඳට නීති ගරුකව හැසිරෙන හැටි මුළු ලෝකෙම දැක්කා තවත් කතාකරන්නත් වචන තියෙනවද ?
දැන් කවුද විපක්ෂය ? කවුද ආණ්ඩු පක්ෂය?
අපිට ඔය දෙගොලම එකයි ...වෙනස තිබෙන්නේ මුහුණුවල පමණයි එකම කාසියේ දෙපැත්ත , හොරකම් , අපරාද මේවා තමයි මෙගොලන්ගේ ප්රධාන ප්රශ්න තමුන් මේ වෙනකොට පස් ජාවාරමට සම්බන්ද 45 ක් මරල තිබෙනවා..... කෝ මේවට පරීක්ෂණ ඒවා කරන්නේ නැහැ මොකද දෙගොල්ලම කරන්නේ එකම ගේම් එක...... දැන් නිකම් සිල් අරගෙන වගේ අහිංසක මුහුණ පෙන්වන්න හදනවා ...අපරාද කාරයෝ ...මැරයෝ.. පරිසරය වනසන රාජ්ය දේපොළ කාබාසින්ය කරන තම මව්බිම ගැන කිසිම හැගීමක් නැති තක්කඩි රැලක්
හැම පාර්ලිමේන්තු ඇමතිවරයෙකුටම අතුරු ආන්තරා වලින් බේරී සිටීම සඳහා හෙනරාජ යන්තරය බැගිනුත්, තමාගේ පැත්තට අවාසි වෙන විදිහේ නියෝගයක් ලැබුනොත්, කතා නායක තුමාට පහර දීම සඳහා මන්නය බැගිනුත් ලබා දිය යුතුයි!