(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ක්‍රමවේදයක් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන චීනය සඳහන් කර ඇත.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා හා චුනින්ග් ඒ බව ප්‍රකාශ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශික හා චුනින්ග් මෙසේ ද සඳහන් කර ඇත.
“ සාම්ප්‍රදායික මිත්‍රයෙක් වන ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව චීනය සමීපව බලා සිටිනවා. ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ අදාළ සියලු වත්මන් තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවර සහ ක්‍රමවේද සොයාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි ඒ පිළිබඳව විශ්වාසය තබමු”.
චීනය මීට පෙර ද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්, දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බවත් එරට පාර්ශව එය විසඳා ගනු ඇති බවත් සඳහන් කර තිබිණි.
ඡායාරූප - චීන විදේශ කටයුතු අමාත්‍යාංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ විතරක් මොකෝ අපිටත් එහෙම්මම තමා.
ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ සල්ලි පොම්ප කරලා අර්බුදය ඇතිකරලා දැන් මෙහෙම කියන්නේ මෙතරම් දුර යයි කියල හිතුවේ නැහැ නේද ?
අනේ පවු චීනේ.