අද සවස 5ට පක්ෂ නායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122නාම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, පක්ෂ නායකයන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව ජනපති පැවසූ බවත් රණවක මහතා කීවේය.
ඒ අනුව අද සවස 5ට ජනාධිපතිවරයා හමුවීමට නියමිත යැයි ද ඔහු කීවේය.
රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ ද කීවේය.
‘‘අද බටහිර රටවල් බටහිර රටවල් යැයි කියන අයගේ දරුපවුල් පිටින් ඉන්නේ පිටරවල. මහින්ද රාජපක්ෂ මහතාගේ බටහිර රටවල් ගැන කතා කරනවා හැබැයි ඔහුගේ සහෝදරයන් ඇමෙරිකාවේ යැංකි අධිරාජ්‍යයේ පුරවැසියෝ. ඔවුන්ට ඇමෙරිකාවේ පුරවැසි භාවය තියෙනවා.‘‘
‘‘හිටපු ජනාධිපතිවරයා මට කතා කළා. මම එතනට ගියා. අපි සුහදව කතා කරමින් හිටියා. එතුමාම හදාගත්ත පාදඩයන් එතුමට පාලනය කරගන්න බෑ. ඩොලර් 85 සිට 59ට තෙල් මිල අඩු වුණ නිසා මිල කොහොමත් අඩු විය යුතුයි.‘‘
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චං වෙච්ච දෙයක්, අවුරුදු 3ක් රට පාලනය කරලා, ඡන්දෙ කියන වචනේ ඇහෙනකොට කකුල් වෙවුලන තැනට වැටුණා නේද?
කතානායක විසින් අගමැති , ඇමතිවරු පිලි නොගැනේ. විසර්ජන කෙටුම් පත් ඉදිරිපත් කල නොහැක. රජයේ පඩි ගෙවීමට මුදල් නැත. මහා වැඩ වර්ජනයක් ලගදීම බලාපොරොත්තු වන්න.
අපිත් මෙය සජීවීව බලන්හිටියා කතානායකවරයා කාවවත් පිළිනොගන්නා කතාවක් කිසිසේත් කලේ නැහැ. මේවා තමයි රට ගිනිතියන බොරු. මා UNP නොවුනත් ඇත්ත කියන්න ඕන.
තාමත් අරක්කු වලට, බත් එකට කඩේ යන අය ඉන්න මෙරටේ වැඩි පිරිසක් දැන් ඔය 225 ටම අකමැති කියලා තේරුම් ගන්නවානම් වටිනවා.