කේ බුද්ධික කුමාරසිරි
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්තනෝමතික කි්රයාවන් හේතුවෙන් මේ වන විට රට අරාජික තත්වයකට ඇඳ වැටී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සියළු වගකිම කතානායක කරු ජයසූරිය මහතා විසින් බාර ගත යුතු බවත් පවසමින් කතානායකවරයාට විරෝධය පා අද (16) කඩුවෙල නව බස් නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.
ජාතික නිදහස් පෙරමුණ ප්රමුඛ ශී්ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කඩුවෙල මැතිවරණ කොට්ටාස නියෝජනය කරනු ලබන මන්ත්රීවරු සහ එම පක්ෂවල පාක්ෂිකයින් විසින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
විරෝධතාකරුවන් පැවසූවේ වහාම කතානායකවරයාගේ අත්තනෝමතික කි්රයා නවත්වා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව අග්රාමාත්ය ප්රමුඛ රජයට කටයුතු කරගෙන යාමට හෝ මැතිවරණයක් පැවැත්වීමට වහාම කටයුතු කළ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු තාමත් වහල්ලු වෙලා මේ.... වෙන රටක ජනපති කෙනෙක් වුනානම් මෙලහකට ඉල්ලලා අස්වෙලා.
මට නම් පේන්නේ ගෝත්රිකයන් පිරිසක් වගෙයි. මේවයින්, ප්රශ්න ඔඩු දුවනවා මිසක් විසඳන්න බෑ.
මේ රට නැන්තට නැතිවෙනවා. ඒකෙ දෙකක් නැ. මොනදේ කරන්න හැදුවත් කරන්න දෙන්නේ නැති මිනිස්සු ඉන්න රටක්. හැමදේම අඩුවට ගන්න නමුත් වැඩිපුර වැඩ කරන්න කැමති නැති රටක්.
පොහොට්ටුවන්ට ඕන කරන්නේ ඒ පැත්තට වාසි වෙන විදිහට තීරණ දෙන කතා නායකවරයෙන්.
විමල් වීරවංසගේ පන්තියේ මිනිස්සු. මේකෙන් පේනවා මේ මිනිසුන්ගේ සමාජ මට්ටම. එවුනට මොකද අකුරු කියවීමේ හැකියාව නම් 96 % එහා. හිතන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ කවදද මේ රටේ?
මේ විමලයාගේ කට්ටියනේ. වෙන මොනවා කරන්නද?
ඉක්මණින් ඡන්දෙ තිබ්බා නම් ඉවරයිනේ..
අශෝභන දර්ශනයක්... ගැතිකම් කරන්න උපන් හපන් සත්තු කොටසක් මේ....