(නිමල කොඩිතුවක්කු)
ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයාට විරුද්ධව මහජන දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ප්රජාතන්ත්රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුහ.
හැට දෙලක්ෂයක් ජනතාවගේන් මෙන්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිලිබඳ කලකිරීමෙන් සිටින සියලූම මහජනතාවට මේ සදහා ආරාධනා කර සිටින බවද ඔවුන් සදහන් කළහ.
ප්රජාතන්ත්රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(18) පැවත්වූ මාධ්‍ය හමුවකදි මේ බව සදහන් කල අතර එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීවේය.
.‘‘‘ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් සමඟ දැන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දේශපාලන අර්බුධයක් ඇතිවෙලා තියෙනවා. මතක නැද්ද 2015 ජනවාරි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා මගේ කැමැත්තට පත් කළ බව කියලා මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම පිලිබ`දව ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා.
එතකොට ජනාධිපතිවරයා කටයුතු කලේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුවයි. අපි 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් පෙබරවාරි මාසයේදී ගෙනාව බව ජනාධිපතිවරයාට මතක නැද්ද කියලා අපි අහනවා.
2015 අගෝස්තු මහමැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් කර ගත්තා. මේක දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා. එහෙම තිබියදී තමයි ඔක්තෝම්බර් 26 සිකුරාද වූ අනීතික ක්‍රියාවලිය දිගින් දිගටම කටයුතු කරගන්නේ.
විශ්වාසභංගයේ පළවෙනි වගන්තිය පාර්ලිමේන්තුව තුළ සම්මත විම ඉවත් කර ගැනිමට දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ඒතුමාට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයකට මුල් විය හැකි නිසා තමයි මේ පියවර ගෙන තිබෙන්නේ.
මේ ව්‍යවස්තා විරෝධීව කටයුතු කරන ජනාදධිපතිවරයාට විරුද්ධව මහජනතාවගේ දෝෂාභියෝගයක් ආරම්භ කල යුතුයි කියළා හැට දෙලක්ෂයක් ජනතාවගේන් වගේම කළකිරිලා ඉන්න මේ රටේ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි එතුමන්ට දුන් ඡන්ද අවලංගු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි. අලූත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් අපි සියලූදෙනා කටයුතු කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස හොඳයි. අපෙත් සහයෝගය
අනිවාර්යයෙන් කල යුතුම දෙයක්.
බොහොම හොඳයි. එදා ඔහුට ඡන්දය දුන් කෙනෙකු හැටියට අද ඔහුගේ ක්‍රියා කලාපය හෙලා දකින , මගෙන් සිදු විය යුතු කුමක්ද?
ඔය හැට දෙලක්ෂයම ඔබතුමාලට තවමත් ඉන්නවා නම් ඡන්දෙකට ගිහින් වැඩි බහුතරයකින් රනිල්ව අගමැති කරවා ගන්නකෝ...
රට වෙනුවෙන් ඉක්මනින්ම කල යුතුම දෙයක්.
ඒකතමා වෙන්න ඕනේ මොකද ඔය කියන හැට දෙලක්ෂයක් මමත් ඉන්න නිසා දුන් ඡන්ද අවලංගු කරන්නම ඕනේ.
අමන දේශපාලකයින් හිතුමතේ මේ රට විනාශ කරන්නේ උගතුන් බුද්ධිමතුන් නිහඬව බලා ඉන්නා නිසයි. අචාර්ය මහාචාර්ය වරුනි, කලාකරුවනි මේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට පෙරට එන්න.
සරසවි ඇදුරෝ පළමුව ගන්න පඩියට අනුව පර්යේෂණ කර රටට යමක් සොයා දිය යුතුය. ඉන් පසු රට ගැන කතා කල හැක. අද අප රටේ නව නිෂ්පාදනයක් බිහි කරන්නේ ඌව වෙල්ලස්ස සරසවියෙන් හා මොරටුවෙන් පමණි.. අන් සියල්ලම මේ පරිදිය..
ව්‍යවස්ථා විරෝධීද? නැද්ද? කියන එක උසාවිය තීරණය කරාවි. අර කාගේද වැඩේ බූරුවෝ කරන්න ඕනේ නැහැ කියලා තිබෙනවනේ නේද?
හැමෝම නොවෙයි සරසවි ඇදුරෝ සුළු පිරිසක් නේද? එයාලා හිතන් ඉන්නේ නීතිපතිට වඩා නීතිය එයාල දන්නවා කියලද?
ජයවේවා!!! මෙවන් කුජීත ජනාධිපතිවරයෙක් ගෙදර යවනවට හිවල්ලු සහ වහල්ලු හැර ඔක්කොම කැමැතියි..
2015 මෙතුමාට අපි ඡන්දය දුන්නෙත් එතුමාට අනුව රාජපක්ෂවරුන් සමඟ දූෂිතයන්, මිනීමරුවන් පළවා හැරීමටයි. එතුමා ඡන්දය ඉල්ලුවෙත් ඒ සඳහාය. අද ජනාධිපතිවරයා ඒ පාර්ශවය පිළිගන්නේ නම් බලය ලබාගැනීමට එදා එතුමා ජනතාවට කළේ බරපතල වංචාවකි. එතුමාට අනුව අද දූෂිතයන්, මිනීමරුවන් වෙන අය තව අවුරුදු දෙක තුනකින් එතුමා පිළිගන්නවාට සැක නැත. එතුමා රට ගැන, ජනතාව ගැන සිතන කෙනෙක් නම්, අඩුම තරමින් මතය වියයුත්තේ දෙපාර්ශවයම එකම කාසියක් බවය. ජනතාවට වෙනම ගමනක් සඳහා නායකත්වයක් ලබාදිය යුතුව තිබුණි. එසේ වුනේ නම් ගෙදර ගියත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනවාට සැක නැත. අද මේ මොහොතේ මෙතුමා ගැන ජනතාවගේ මතය සාධාරණයි.
මට නම් මේ ජනාධිපතිගේ වරදක් පේන්නේ නැහැ. දෙවන වරට වුවද ජනාධිපතිකමට සුදුසුයි කියා මම නම් හිතන්නේ. එක්සත් ජාතික පක්ෂය රට දෙකඩ කරනවා. දෙකඩ කරපු සෑමවිටම සමථයකට පත් කරන්නේ ශ්‍රීලනිප. එජාප යුද්දේ ඉවර වෙලත් රටට හොඳක් කරයි කියලා හිතුවා. මේ කට්ටියට සුළු පක්ෂයක තරම්වත් ගොඩ එ්මක් නැහැ ඊළඟ වතාවේ. රට අරාජිකයි.. .මෙවුන්දැලා රට අරාජික කරලා... ජනාධිපතිට දෝෂාභියෝගයක්..? ජනාධිපති රටට හොඳද නැද්ද? කියලා ජනාධිපතිවරණයේදී උත්තර දෙන්නම් ඔබතුමන්ලා මහමැතිවරණයක් තියලා උත්තරයක් ගන්න...
බූරු කතා කියන්න එපා. අපිත් යුනිවර්සිටි එකේ කථිකාචාර්යවරු තමා. මගුලක් අටවගත්තට අපි ඕකට එන්නේ නැහැ. ඕකට ඉන්නේ 10 ක් විතර. බම්බුව තමයි. රනිල් පත්කළේ ඕවා කරන්නද? රට කන්නනේ ගියේ... කන්න කලින් තමයි අයින් කළේ...
මේ ගොල්ලෝ පටන් ගත්තේ නම් 6%න්. පහුගිය කාලේ 6% ලැබුණාද? දැන් තවත් බයිලා!!!
මේ වෙනකොටත් ජනාධිපතිට උපදෙස් දෙන්නේ ආචාර්යවරු කිහිපදෙනෙක් තමයි. එයින් සිල් රෙද්දේ මහමොල කරු ජපුර කෙනෙක්.. මොලේ ලොකුවෙලා තියෙන්නේ ජරා වැඩ කරලා. නැතුව අධ්‍යාපන කුසලතා වලට නොවේ. බලන්න මේ ලොක්කා හේත්තු වෙච්ච කෙනා පරාදයි. මුලින්ම සරත් පොන්සේකා. ඊට පස්සේ මහින් ද රාජපක්ෂ, දැන් මෛත්‍රීපාල. කවුරු ආවත් මේ අය කනවා. ඊළඟ බලාපොරොත්තුව තානාපතිකමක්. අපේ රට ගොඩගන්න මේ අයට දැනුම නෑ. කාටහරි අංචියක් ඇදලා තනතුරක් ගන්න හරි දක්ෂයි. ඒක මුළු විශ්වවිද්‍යාල පද්ධතියම දන්නවා.
බල්ලාගේ වැඩේ බූරුවෝ කරන්න ගිහින් තව ප්‍රශ්න දිග්ගස්සවන්න. අපිට අඩු ඔච්චර තමයි. සරවියට එන නවක සිසුන්ට අසාමාන්‍ය වදහිංසා පමුණුවන එකට එක වචනයවත් කතා නොකරන කට්ටිය ඩොලර් ගිලලද හදිසියේම මෙහෙම දෙයකට යන්නේ...
ජාතික සම්පත් විකුනනකොට මහ බැංකුව හොරාකනකොට, ඡන්ද කල් දානකොට මේ සරසවි ඇදුරෝ කොහෙද හිටියේ.
මතක තියාගන්න ඔබතුමා ඔය කථා කරන්නේ 2015 ජනවාරියේ තිබුණු ව්‍යවස්ථාව ගැන නොවන වග සහ ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් බලයට කෑදර කමේ මෙවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා ගෙන ආපු ව්‍යවස්ථාව ගැන කියලා.
ඉතා කාලෝචිත යෝජනාවක්.
සහතික ඇත්ත.
මහා දවල් බැංකු සුද්ද කරනකොට, මේ සරසවි ඇදුරු තුමා කොහෙද දන්නේ නැහැ හිටියේ....
දෝශාහියොගය හරි මොකක් තිබ්බ්ත් ඔය ඉන්න අය නෙ මතය ප්‍රකාශ කරන්නෙ.
දැන්වත් පැති බෙදිලා බුරනෙක නැතිකරලා ඡන්දෙයක් තිබුනොත් බලමු වන්නේ මොකද වෙන්නේ කියල? නිකන් ප්‍රසිද්ධ වෙන්න බුරල රටට වැඩක් නැහැ.