තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ.
පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට ද ආරාධනා කර ඇතැයි දැනගන්නට තිබේ.
අද සවස ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ද අවලංගු වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එය අවලංගු වීමට හේතුව මෙම සර්වපාක්ෂික සමුළුව විය හැකි බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දැන් අනිත් අයට කියනවා මේ ජරාව වහන්න උදව් වෙයල්ලා කියලා...
මොකටද දන්නෙ නෑ... පාර්ලිමන්ට් ජෝක්ස් නම් ජාත්‍යන්තර මාධ්‍ය ලස්සනට වාර්තා කරලා තිබුන පින්තූරත් එක්ක...
මේ මනුස්සයාට තවදුරටත් මේ රට කන්න දෙන්න එපා. කරුණාකරලා සිරිසේන එළවා දමන්න.
මෙයාට ඔය ඔක්කොම උපදෙස් දෙන්නේ " හිරගෙදරට යවන්න ඕනේ කෙනා මම රජ ගෙදරට යැව්වා" කියපු සරත් නන්ද.... එයා තමයි මේ මන්ත්‍රීලාගේ පැති මාරුවත් සාධාරණීය කළේ... චන්ද්‍රිකාගේ කාලේ මන්ත්‍රීලා පිරිසක් පැති මාරුකළාම... නැත්නම් මේ ව්‍යවස්ථාව යටතේමයි... ප්‍රේමදාස, ලලිත්, ගාමිණීලා පක්ෂෙන් ඉවත් කලේ.
මොනවා උනත් හරි දේ කරයි කියලා බලපොරොත්තු වෙනවා
කාලය සහ මුදල් නාස්ති කරන්න එපා. ඔබ අපේ රට විනාශ කරලයි තියෙන්නේ. ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ අපකීර්තිය පැතිරී යාම ගැන අපට කණගාටුයි. දැන්ම ගෙදර ගිහින් ජනපතිවරණයකට ඉල්ලන්න.
පටු දේශපාලන අරමුණු සඳහා මුළුරටම අස්ථාවර කරලා... මිනිස් ජීවිත හානි, බරපතල තුවාල සිදු කර වෙන්න තියන ඔක්කොම නරක දේවල් සිදු වුණාට පස්සේ සර්ව පාක්ෂික සමුළු කැඳවීම සමාන කළ හැක්කේ "ලෙඩා මරලා ඊට පස්සේ බෙහෙත් කරන්න උත්සාහ කිරීම" වැනි ක්‍රියාවකටයි.
ද්‍රවිඩ සන්ධානය කියන්න ඇති අපිට එන්න බෑ කියලා. කෙසේ වුවත් සියල්ල අනාගෙන ඇති බවක් පේනවා. මෙයා එක එක දේවල් කරලා වටේ යනවා අනිත් අයවත් වටේ යවනවා කල යුතු එකම දේ නොකර.
මුළු රටටම ගිනි තියලා දැන් එන්නලු . ලෝකයේ කිසිම නායකයෙක් කිසියම් ප්‍රශ්නයකදී කියනවාද මම ගියොත් යන්නේ ඔක්කොම ගිනි තියාගෙන කියලා ? මේවගේ පුද්ගලයන්ට රට භාරවෙන්නේ ජනතාවගේ අභාග්‍යයටයි.....
බොරැ කතා මොකටද? කාලය වටීනවා වහාම ජනාධිපති වරණයක් පවත් වන්න,
තමුන් කරපු ගුණමකු වැඩේ ගෙන සාධාරණය කරන්න වෙන්ට අැති. මොලේ නරක් වෙලා. අවුලපු ගින්න ලිහා ගන්න විදියක් හොයනවා. පිස්සු නටන හැටි ලෝකෙම දන්නවා.
රටම විනාශ කළා.
ජනාධිපතිතුමා කරුණාකර මේ පක්ෂ මහජන ඡන්දයකට යන්න කැමති කරවා ගන්න. එජාපය ඡන්දයක් ගැන හිතන්නවත් බයේ ඉන්නේ...
මොන සමුළුද? පිස්සු බලු රෝගෙට බෙහෙත් දෙන පශු දොස්තර මහත්තුරු ඔක්කොම දහනම වෙනිදා උදෙන්ම දියවන්නාවට එන්න කියන්න. අපට 100% ක් සහතික වෙන්න පුළුවන් ලංකාවේ ඉන්න සියලු සදාචාරාත්මක පශු ෙෙවද්‍යවරු මෙම පුණ්‍ය කටයුත්තට ස්වේච්චාවෙන්ම සහභාගි වෙන බව. අවශ්‍යයි හැගේනම් දරුණු මානසික රෝගීන්ව බල ගෙන පළපුරුදු උපස්ථායක මහත්වරුන්ට කිවත් ඔවුනුත් ස්වේච්චාවෙන්ම ඉදිරිපත්වේවි. මෙය අපේ රටට කරන මහත්පල මහා අනුහස් ගෙනදෙන කටයුත්තක් වනු නොඅනුමානයි.
කෝටි දෙකක ජනතාව රවට්ටන්න. බොරුවට "සුපිරිසිදුයි " කියලා පෙන්නගෙන හිටපු ජාතික ඇඳුමේ දැන් අසූචි ගිහින්... ඒ විතරක් නෙමෙයි ඒවා හත් පොලේ ගාගෙන!!! දැන් දතකට මූට්ටුවෙලා අනේ මෙහෙම නායකයෝ අපට කොයින්ද මහතීර් මොහොමඩ්ල, ලීක් වාන් ල පුටින්ලා! මට නම් බය තියෙන්නේ මේ පින්කෙත දෙරණේ යලි උපදීවි කියලා...
සියලුම නීතිගරුක පුරවැසියනි, නීති විරෝධී ව හැසිරුණ සියලුම මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න බලකරමු.
මේ අයගෙන් වැඩක් වෙයිද? මොකද මෙච්චර දවස් මුළු ලෝකෙටම ලංකාව පීචන් කරලා දාපු විදියට... ලැජ්ජයි ලැජ්ජයි මරුසිරා සිරිසේන...
රට විනාශ මුකයට යනකම් රැස්වීම්. මොනවද මේ ජනපති කරුණාකරලා පළමුව ප්‍රජාතන්ත්‍ර වාදය යනු කුමක්දැයි තේරුම් ගන්න. මිනිසා විසින් මිනිසා සඳහා මිනිසාගේම පාලන තන්ත්‍රයක් බව නොදන්නෙහිද. දැන් වැඩකරන්නේ හරියට තමන් විසින් තමන් සඳහා තමන්ගේම පාලනයක් වගෙයි නේද.?
අලුත් ඡන්ද, විශ්වාස භංග, සාර්ව පාක්ෂික සමුළු ආදී එක්කවත් හරි යයි කියලා හිතන්න අමාරුයි. මෙවැනි දේවල් වලින් අනිවාර්යයෙන් වෙන්න පුළුවන් දේ නම් ජනතාව අමාරුවෙන් සපයපු මුදල් යම් ප්‍රමාණයකින් හෝ විනාශ වෙන එකයි. නැවතත් මුලටම ගිහිල්ලා රට කරවන සෑම අයගෙන්ම මූලික සුදුසුකම් හරියට සලකලා බලලා ඒ අනුව සුදුසු අය පමණක් තෝරාගෙන හරි ආකාරයට පටන් ගත යුතුව ඇත. මේ වෙනස කරන්නේ නැතුව නිදහස ලැබිලත් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ මේ තියන දුකට පත් බවේ වෙනසක් වේවි කියල හිතන්න අමාරුයි. ප්‍රර්ථනා කරනවා අප රටට මුළු සිතින් සහ හදින් ආදරය කරන සහ ඒ අනුව ක්‍රියාත්මක විය හැකි නායකයෙක් බිහි වෙන්න කියලා! ඒ වගේම රටේ සැම දෙනාටම මේ සරල දේ තේරුම් ගෙන ක්‍රියා කරන්න හැකි වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා!
ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ නම් දැනට විශ්වාසභංග දෙකකින්ම අවලංගු වී ඇති රාජපක්ෂගේ සුළුතර කැබිනට් මණ්ඩලය යටතේ නොව ඔක්. 26 ට පෙර පැවැති බහුතර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය යටතේ මැතිවරණ දෙකම පැවැත්විය යුතුය. ඒ ගැන බරපතල මතභේදයක් ඇති විය නොහැක්කේ අවලංගු වූ කැබිනට් මණ්ඩලයේ විශාල පිරිසක් 26ට පෙර සිටි කැබිනට් මණ්ඩලයද නියෝජනය කරන බැවිනි.
ඔක්කොම ප්‍රශ්න හැදුවේ, ඇනුවේ, නාගත්තේ මෙයා.. දැන් මොන මගුලකටද සර්ව පාක්ෂික හමුවක්...
ජවිපෙ නොයාම නිවැරදියි.
මමයි ජනාධිපති, රනිල් අගමැති මම ජනාධිපති බලතල අහෝසි කරමි (මැතිවරණයේදී)... ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන රනිල් අගමැති තනතුරට පත්කිරීම - මෛත්‍රිපාල සිරිසේන අගමැති මහින්ද රාජපක්ෂ (මැතිවරණයේදී විරුද්ධ අපේක්ෂකයා) - මෛත්‍රිපාල සිරිසේන මමයි අගමැති - රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් බලහත්කාරව මාව එළවන්න බෑ - මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථානුකූලව අගමැති තනතුර දුන්නොත් බාරගනිමී, පස්ස දොරෙන් නොව - සජිත් ප්‍රේමදාස රනිල්ට යළි අගමැති ධුරය නොදෙන බව කියයි. මෛත්‍රිපාල සිරිසේන මේ සියල්ලටම වගකිව යුත්තා සිරිසේනයි... (ඔහුගේ මුරණ්ඩු ගතිය සහා තනි තීරණ ගැනීම නිසා...) මේ කිසිම දෙයකට කථානායක සම්බන්ධ නැත. සිරිසේන, ඔබට ස්තුතියි මගේ රටට මෙහෙම කළාට...
මෙයා තනි මතයට හතර අතට ගිනි තියලා වැඩ වරද්දගෙන දැන් හැමෝටම කතා කරනවා ගින්න. පක්ෂ, විපක්ෂ හැමෝම යන්න නරකයි... මෙයාගේ ඩීල්වලට ආයෙමත් රැවටෙන්න...
හරිම ග්‍රාම්‍යයි ඔබතුමාගේ වැඩ. දැන් රටම අවුල්...
ඇමරිකන් එම්බසියෙන් ඇමරිකන් සිටිසන්ලාට බත්තරමුල්ල රැලිය පැත්තේ ගැවසීමෙන් වළකින්න කියලා අනතුරු ඇඟවීමක් කළාම දෙන්නම නගුටවල් කකුල් දෙක අස්සේ ගහගෙන බත්තරමුල්ල මීටිම මගහැරියා.. දැන් මේ කාඩ්බෝඩ් වීරයන් බයෙන් ඉන්නේ ගමන් තහනම් පනවයි. පිටරට බැංකු ගිණුම් අවලංගු කරයි කියලා... ගෝඨා නිකන් බියගුළු ගැරඩියෙක් කියලා රටටම ඔප්පු වුණා..
කෝ දැන් දේශප්‍රේමී ගෝඨයි, මහමොලකරු බැසිල් හාමුයි?... ඇමරිකන් එම්බසියෙන් ඇමරිකන් සිටිසන්ලාට බත්තරමුල්ල රැලිය පැත්තේ ගැවසීමෙන් වළකින්න කියලා අනතුරු ඇඟවීමක් කළාම දෙන්නම නගුටවල් කකුල් දෙක අස්සේ ගහගෙන බත්තරමුල්ල මීටිම මගහැරියා.. දැන් මේ කාඩ්බෝඩ් වීරයන් බයෙන් ඉන්නේ ගමන් තහනම් පනවයි. පිටරට බැංකු ගිණුම් අවලංගු කරයි කියලා.. ගෝඨා නිකන් බියගුළු ගැරඬියෙක් කියලා රටටම ඔප්පු වුනා... වියත් මග අතරමග දාලා ගෝඨා දිව්වා ඇමරිකන් තර්ජනවලට බයේ...
මේ සාකච්ඡාවේදී ශීලාචාර පිලේ නායකයන් මොහුව කිසිසේත් විශ්වාස නොකළ යුතුය. තඹ දොයිතුවකට විශ්වාස නොකළ යුතුය. ඔහු තමා ජනාධිපති කළ 62 ලක්ෂයේ විශ්වාසය මේ වනවිටත් නින්දා සහගත ලෙස ලජ්ජා සහගත ලෙස කඩකර තිබේ. ඔහු දැන් කටයුතු කරන්නේ ඒ 62 ලක්ෂයටම දුන් බරපතලම පොරොන්දුව වන විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම අමු අමුවේම කඩ කරමිනි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනු වෙනුවට ජනාධිපතිට නැති බලතල පවා යොදාගනිමින් එම 62ලක්ෂයටම කුරිරු ලෙස පහර දෙමිනි. මේ 62 ලක්ෂයම දැන් මේ ගුණමකුවා දෙන පොරොන්දු ගැන විශ්වාස කරන්නේ නැත. මේ නිසා එම 62 ලක්ෂය නියෝජනය කරන, එම 62 ලක්ෂය සිරිසේන වෙනුවෙන් එක්රැස් කල ශීලාචාර නායකයින්ට සිරිසේන විශ්වාස කිරීමට සදාචාරාත්මක අයිතිවාසිකමක් නැත. ඊට අමතරව ඔක්තෝබර් 26 වැනිදා සිටද ඔහු කතානායකතුමාටත් ශීලාචාර පක්ෂවල නායකයින්ට හා විවිධ නියෝජිතයින්ටත් එසේම විදේශ නියෝජිතයින්ටත් දුන් පොරොන්දු දිගින් දිගටම කඩ කරමින් සිටියි.
මෙය ශ්‍රී ලංකාවට ශිෂ්ඨ ලෝකය වෙත පිවිසීමට ඇති අවසන් අවස්ථාවයි.. ඉදිරියේදී රාජපක්ෂවරුන් විසින් රාජ්‍ය බලය යොදා සිදුකරන මැතිවරණයකින් ලබන ජය කිසිදිනෙක ගිලිහීමට ඉඩ නොදෙනු ඇත.. ජනතාවට මහින්දගෙන් පසු නාමල්ට නාමල්ගෙන් පසු ඔහුගේ දරුවන්ට කත් ඇදීමට සිදුවනු ඇත.. මානව හිමිකම් යන වචනය ශබ්දකෝෂවලින් ඉවත් වනු ඇත.. අවසානයේ පාන් ගෙඩියක් ගැනීමට මුදල් කරත්තයක් රැගෙන යාමට සිදුවනු ඇත.. රාජ්‍ය සැප විදිමින් ඊනියා දේශප්‍රේමීන් මිනිසුන් බැටලු රැලක් සේ හසුරුවනු ඇත.. ශ්‍රී ලංකාව නැමති මාගේ ආදරණීය මවුබිම සාමදානයේ සැතපෙනු ඇත.. ලංකාවේ නම මහින්දදීප හෝ නාමල්දීප ලෙස වෙනස් වුවත් දුක් නොවනු මැන... ඊට ඉඩ හසර ලබාදෙන්නේ ශ්‍රී ලාංකික ඔබම වන නිසාය.. ඉතාම සිත් වේදනාවෙන් ඔබ වෙත තැබූ පණිවිඩය නිමයි.. ස්තුතියි..
නොම්මර එකේ ඩීල් දාස. සියලුම අය සාකච්ඡාව වර්ජනය කළ යුතුයි.
කෝටි දෙකයි ලක්ෂ විස්සක් ඉන්න රටේ මොලේ තියෙන කෙනෙක් ජනාධිපති බවට පත්කර ගන්න.. අපිට නොහැකි වුණු එකේ ඵලවිපාක මේ ගෙවන්නේ...
ඔබගේ අදූරදර්ශි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලවලින් සියලු රටවැසියන් කනස්සල්ලෙන් සහ දුකින් ඉන්නා මොහොතක.. ඔබේ ව්‍යාජ ජයග්‍රාහි සිනහව පිළිකුලෙන් හෙලා දකිමි. මුළු ලොවට හඬගා ඔබේ නොහැකියාව ප්‍රදර්ශනය කර ඇත. කරුණාකර ඉක්මනින්ම ඉල්ලා අස්වෙන්න.
ජනාධිපතිතුමනි! ඔබට කුහුඹියෙත් තරමට මොලයක් නැතිව බහුතරයක් නැති මන්ත්‍රීවරයෙක්ව අගමැතිකර මෙතරම් වින්නැහියක් රටට කරලා මොන සමළු කැඳවූවත් ඔබ නිර්දෝශි බව පෙන්වන්න බැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයට හිස නමන්න...