අංජුල මහික වීරරත්න
පාර්ලිමේන්තුවේ දී රාජ්ය දේපල විනාශ කිරිම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්රහය අනුව කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ වරප්රසාද තිබෙන්නේ කතා කරන දේ සඳහා පමණක් බව කී කිරිඇල්ල මහතා මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව කළ රාජ්ය දේපොළ විනාශ කිරිම සම්බන්ධයෙන් කතානායකවරයා පියවරක් ගනු ඇතැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රාජ්ය දේපල අවභාවිතයට, අරලිය ගහ මන්දිරයේ බූරු ගැහුවට මොකද්ද කරන්න ඕනේ..?
ඕවා පත්තරවලට කියකියා ඉඳලා වැඩක් නෑ. අපේ රටේ නීතිපති තනතුර තියෙන්නේ ඕවට තමයි. එත් ඒ මිනිහා දේශපාලකයෝ ටික ආරක්ෂා කරකර ඉන්න එකනේ කරන්නේ. කරුමෙක මහත...
ඇයි ඕවා කියව කියවා ඉන්නේ? නීතිය බල ගන්වන්නකෝ? බල්ලට එක නීතියයි, කොල්ලට එක නීතියකුයි වෙන්න බැහැනේ...
අරලියගහ මන්දිරේ බේරුනේ රනිල් නිසා බව මතක තියාගත්තොත් හොදයි. නැත්තම් ගොඩ ජනාධිපති ගිහින් ඕකත් අල්ලාගෙන කන්න හදයි. පේනවනේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය. ඕකට ඕනෑ දැන් ඉවත්කරපු විධායක බලතල ආපහු ගන්න. පිස්සු හුටන්...
නීතිමඟට යා හැකියි නොව නීති මඟට යා යුතුයි...
එතකොට පිහි, කඩු අරන් එන්න පුළුවන්ද?
අර මිරිස් කුඩු ගෙනා එකා නම් රාජ්ය දේපල අවභාවිතා කළා කියන්න බැහැ. කුඩු පොට්ටනිය උස්සන් ආවේ කොහේ හරි වැඩකරන හෝටලේ කුස්සියෙන් වෙන්න පුළුවනි !
ඔව් ඔව්, මේ අවුරුදු හතරම හොරුන් අල්ලපු වගේ නේද?
ඇයි ඔබතුමා තොරණක් ගහන්න නුවර ඔරලෝසු කණුව ලඟ පාර කැඩුවේ... ඒවාගේ ඒවාට නීතිමය පියවර ගන්න බැරිද?
එතකොට මහා බැංකුව කොල්ලකාලා මේ දුප්පත් රටටම, දුප්පත් ආර්ථිකයටම හානිකලාට මොනවාද අපි කලයුත්තේ?
අනේද කියන්නේ, අර මහබැංකුවේ හොරු ඇල්ලුවා වගේ නිතිය කරන්න තියෙන්නේ නේද?