ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ දී අද සිදුවු මැර ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ගේ තුවාල සුව කළ හැකි නමුත් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයට සිදුවු තුවාලය සුව කර ගැනීමට නොහැකි යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පැවසීය.
පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා අංක 1 අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ බව පැවසු වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද සිදුවු මැර ප්‍රහාරය ගැන නීතිමය වශයෙන් ක්‍රියා කිරිමට කතානායකවරයාට දැනුම් දෙන බවයි.
අද දින සම්මත වු විශ්වාසභංග යෝජනාව අනුව ඔක්තෝබර් 26 වැනි දා සිට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අහෝසි වන බවත් අද සිට එවැනි ආණ්ඩුවක් ඉදිරියට නැති බවද එජාප නායකවරයා කීය.
කතානායකවරයා තීරණය කළ පසු පාර්ලිමේන්තුවට ඕනෑ තැනක රැස්විය හැකි යැයි ද කී වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදායේ එසේ තිබෙන බවද කීය.
ඒ අනුව ක්‍රියා කිරිම ගැන කතානායක කරු ජයසුරිය මහතාට ස්තූතිවන්ත වන බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදය අර්ථ දක්වලා කතාව පටන් ගන්න. යහපාලකයින්ගෙන් රටේ ආර්ථිකයට වූ ජනතාවට වූ තුවාලය සදාකාලිකයි.
කතානායක හස්තමුද්‍රා මාර්ගයෙන් මෙහෙයවලා කරපු කැළල පොඩිද? එතකොට පෙරේදා පිහිඅරගෙන පාර්ලිමේන්තු ආපු එක පොඩි දෙයක්ද? මෙයට කලින් පාර්ලිමේන්තුවේ මෙහෙම වෙලාම නැහැ වගේ මෙයාගේ කතාව...
එතකොට ජනතාවට තමන්ගේ නියෝජිතයා නම් කරන්න තිබෙන අයිතිය නැතිකරලා හෙන්චයියලා පරම්පරා ගණන් පාර්ලිමේන්තු ගෙනෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදලා අපේ ඇස් වහලා එ්කාධිපතියෙක් වෙන්න දඟලන එකෙන් වුණු තුවාලය...
මේ අපේ උදාර වූ පාර්ලිමන්ට් එකයි. 225 හරක් ගාලයි. කෝටි එකාහමාරක ජන්ම භූමියයි.
ප්රජාතන්ත්රවාදයට වූ තුවාලය සුවකළ නොහැකි වගේම මහබැංකු බැඳුම්කර වංචාවෙන් තුවාල වූ ජනතා හදවත්ද නැවත සුවකළ නොහැකියි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදිනෙක සිදුනොවූ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා සමුදායක් ශ්‍රී ලංකික ජනතාවට පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය මගින් සියලු ලෝකවාසී ජනතාවටම බලා ගැනීමට සලස්වන ලදී. එම සිදුවීම්වලින් වඩාත්ම නින්දිතම සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාව වන කතානායකවරයාගේ අසුනට වතුර බෝතල් කිහිපයක් වක්කිරීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට හිරිහැර කරමින් කරන ලද දුෂ්ට ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව පක්ෂ, පාට නොබලා එක හෙලා ප්‍රතික්ෂේප කරනු ඇත. පාර්ලිමේන්තුවට තුළදී කරන ලද සියලු ක්‍රියාවලින් පෙනීයන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් බලය ලබාගැනීමට උත්සාහ කරන බවයි. තම දරුවන්ගේ අනාගතය රටේ අනාගතය මෙවැනි අප්පච්චිලාට බාර කර මුළුරටම නැතිකර ගන්නවද? එසේ නොමැති නම් දුරදිග කල්පනාකාර රටේ අනාගතය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී නායකයන්ට රට බාරදෙනවද? පාර්ලිමේන්තුව තුලදී උණුසුම් වැඩ විවාද සිදුවීම සාමාන්‍ය උවත් පහරදීම් සහ දුෂිතයන් විසින් කරනලද සියලුම දේපල හානිවලට නිතිය ක්‍රියාත්මක කර පක්ෂ පාට නොබලා දඬුවම් දීම නීතිගරුක නායකයන්ගේ පරම යුතුකමකි. පාර්ලිමේන්තුව තුළ ප්රජාතන්ත්රවාදය ඉක්මණින් ස්ථාපිත කළයුතුයි.
225ම පන්නලා දාන්න ඕනෑ... කවුරුවත් හරියන්නේ නැහැ.. මුළු ලෝකෙටම අපි වනචාරීන් වගේ පෙනෙයි.. ඡන්දෙ ඉල්ලන්න ගෙවල් ගානේ ආවම ගහන්න ඕනේ...
වර්ණකුලසුරිය මහත්තයෝ, ඔයාට පෙනෙන්නේ බැංකු කොල්ලය විතරද? ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් කොරපු අනේකවිධ හොර, වංචා, කොල්ල කෑම, අතුරුදන් කිරීම් ගැන පෙනුනේ නැද්ද?
තියන ලොකුම තුවාලේ ඔබතුමා... කරුණාකරලා පැන්ෂන් යන්න. වද නොදී රටේ ජනතාවට... අනාගත පරපුරට රටක් ඕනේ..