අංජුල මහික වීරරත්න
කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද (18) පැවසීය.
රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණෟඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බව කී මන්ත්‍රීවරයා රට අරාජික බවට අගවිනිසුරු පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපති ධුරය ද දැරීමට අවස්ථාව හිමිවන බවද පැවසීය.
එහිදී අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බලන අතර චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇත්දැයි යන්න විමසා බලන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙනේ ජනාධිපති කෙනෙක් ඉන්නේ...
ඔහෙලා එක එක දේවල් කියලා අර වයසක මනුස්සයා තමයි අන්තිමට අමාරුවේ වැටෙන්නේ...
අනේ එතකොට පොලොන්නරුවේ මහතා...
එහෙනම් ඉතින් ජනාධිපතිවරණය නොතියා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කතානායක පත් කරමු.. පාර්ලිමේන්තුවේ ස්වාධීන නැති මේ කතානායක ජනාධිපති බලතල ගත්තොත් මොනවා වෙයිද...?
හලෝ අපි කියන බණේ තේරෙන්නේ නැද්ද? ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්... මන්ත්‍රී ඇමති ඡන්දයක් නොවෙයි.
හලෝ අපි කියන බණේ තේරෙන්නේ නැද්ද? ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්... මන්ත්‍රී ඇමති ඡන්දයක් නොවෙයි.
ඕන් පටන් ගත්තා තව විශාරදයෙක්... යකෝ අපිට ඕනෑ දැන් ජනාධිපතිලා, කථානායකලා නෙමෙයි, ඡන්දයක්.. එ්ක දීපල්ලා.. අපි බලාගන්නම් කව්ද එවන්න ඕනෑ.. කව්ද යවන්න ඕනෑ කියලා..
මහින්ද රාජපක්ෂ යටතේ ගල්කටස් වලින් ඡන්දෙ කරාවි ෂුවර් එකටම...
අම්මපා. එහෙනම් රනිල් එ්කත් බදාගනියි.
දැන් තමයි තේරෙන්නේ ඒජාපෙට රට ගැන කිසිම අවබෝධයක් නැති පක්ෂයක් කියලා. 1815 ගිවිසුම් ගහලා සුද්දෝ ලංකාව යටත් විජිතයක් කළාට, 2015 ගිවිසුම් ගැහුවේ කළු සුද්දෝ හින්දා අතේ මාට්ටු... ඔය එන්නේ ඒජාපෙ යටි අරමුණු... ඡන්දෙකින් දිනන්න බැරි ජනාධිපතිකම ජනාධිපති රට අරාජික කරනවා කියලා බොරු කියලා ජනධිපතිකම් ගන්න... මේ වෙනකන් ඒජාපේ කටයුතු ගැන මධ්‍යස්ථව බලන් හිටියා.. ඒ වුණාට මේ වගේ දේවල් වෙන්නම ඕනේ.. මොනවගේ කුරුමානම් කරන්නද බලන් ඉන්නේ කියල බලන්න.
දැන් බලන් ගියාම ජනතාවගේ ඡන්ද අයිතියත් මේ ගොල්ලොම තීරණය කරනවනේ...
අගමැතිලා දෙන්නෙක් ඉන්න රටේ ජනාධිපතිලා දෙන්නෙක් වැඩි නෑ...
එක්කෝ මේ වෙලවේ හැටියට රනිල් සහ මහින්ද එකඟතාවයකට පැමිණ මේ පොලොන්නරුවේ කේස් එක ගෙදර යැවිය යුතුය.
මේ නාකි දේශපාලකයන්ගේ අදහස් අපිට හරියන්නේ නැහැ. මේ ඔක්කොම නඩු අහලා බලු කූඩුවට දමලා අලුත් තරුණ උගත් බුද්ධිමත්, වෙනස්ම පක්ෂයකින් එන නායකයෙක් පත්කර ගනිමු...
මහින්ද ගල්කටස් බැරිනම් කැටපොල් එකෙන් හරි කමක් නැහැ මත්තල වී ගබඩාවක් කොරන්න තරම් වී හාල තිබුණු මෙරට වී නැති රටක් කරපු එජාපෙ ගෙදර යවනවානම්. මහා බැංකුව කොල්ලකාපු මේ ආණ්ඩුව තියා ගන්න ඕනේ කියන්නේ මොන ලාංකිකයාද?
මාර මෝඩ චුන් තමයි දැන් තියෙන්නේ.
අප්පුවා රජ උනා වගේ තියෙයි
මේ වෙලාවේ මේකට සුදුසුම විසදුම කතානායකට බාර දීමයි.
මේ කතානායකට ජනාධිපතිකම දෙන්න? දැන් මෙහෙම නම් ජනාධිපතිකම නොවෙයි අගමැතිකම ලැබුනොත් කොහොම වේද?
එතකොට ජනාධිපති, අගමැති මොකටද ? අර පර්ලිමේන්තුවේ කතානයක ඡන්දය විමසන්නේ ශබ්දය අනුව. ලොකේ පලවෙනි පර්ලිමේන්තුව ඔහොම දෙවල් වෙන. රටට බුදු සරණයි මහත්තයෝ. විරුද්ධයි ඕකට නම්.
එය ඉතා ඉක්මනින් කරන්න
පසිඳු මයා, චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක වශයෙන් කටයුතු කරන අවදියේ කිහිප වතාවක් ශබ්දය අනුව තමාගේ සිතැඟි පරිදි ඡන්දයේ ප්‍රතිඵල පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයට පත්කර ඇති බව නොදැන සිටීම ගැන කනගාටුයි.
මේ අවස්ථාවේ රට බේරා ගැනීමට තිබෙන හොඳම ප්රජාතන්ත්රවාදී විසඳුමයි...
කතානායකතුමාට ජනාධිපතිකම දුන්නොත් වඳුරට දැලි පිහිය දුන්නා වගේ තියේවි එයා එජාපයේ කතානායක මිසක් පාර්ලිමේන්තුවේ කතානායක නෙවෙයි එක ඕනෑවටත් වඩා පහුගිය ටිකේ දැක්කා...
එතකොට ජනාධිපති ධුරයයි කතානායක ධුරයයි දෙකම ජනාධිපතිට දරන්න බැරිද?
මේ ප්රශ්නයේදී පෙනෙනවා කතානායක ජනපතිකම ගන්න සීතල යුද්ධයක් ගෙනියනබව. ඔහු මේ හදන්නේ තමන්ගේ බෑනා වන නවීන් දිසානායකව උඩට ගන්නයි. ඔය ගේම් එකේදී රනිල් එලියට යනවා. නවීන්ගේ තාත්තා ට්‍රයි කරලා බැරිවුනුදේ තමයි මේ පාර කතානායක තනතුර හරහා කරන්න යන්නේ. 1991දි ගාමිණි දිසානායකට වැරදුනේ කතානායක ප්‍රේමදාස මහතාට පක්ෂවූ නිසා. මේ පාර රනිල්ට සහ සජිත්ට වරදින්නේ නවීන්ට පක්ෂ කතානායක නිසා. සිරිසේන රාජපක්ෂ රනිල් ප්‍රශ්නේ මග යන අස්සේ කරු සහ නවින් ගෙනියන්නේ මාර ගේමක්. ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියන්නේ නිකම් නෙවෙයි.
බමුණුආරච්චි කිසිම දෙයක් දන්නෙත් නෑ දන්නවා වගේ ලියන්නේ. මහින්දට කඩේම යනවා.