(මුදිතා දයානන්ද )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5ට කැඳවා තිබෙන පක්ෂ නායක රැස්වීමට තම පක්ෂය සහභාගී නොවන බව දන්වා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් එම ලිපිය යවා ඇත.
පසුගිය 26 වැනි දා සිට රටේ ඇති වී තිබෙන අස්ථාවරබවේ වගකීම ගත යුත්තේ ජනාධිපතිවරයා බව ද ජනතා විමුක්ති පෙරමුණ සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
ව්‍යවස්ථා විරෝධිව පත්කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හරිආකාරව සම්මත වී තිබෙන බව ද එම ලිපියේ සඳහන් වේ.
එම ලිපියේ මෙසේද සඳහන් වේ.
‘‘ජනාධිපතිතුමනි,
පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙසට කරන ලද ආරාධනය පිළිබඳවයි.
ඔබගේ ලේකම් විසින් එවන ලද 2018.11.17දා තම සහිත ලිපියෙන් ඔබ සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස අප පක්ෂයට ආරාධනා කරනු ලැබ තිබේ. කෙසේ වුවද එම ආරාධනය පිළිගනු ලැබීමට පෙරාතුව පහත කරුණු ඔබගේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.
ඔබගේ සාකච්ඡාවේ අපේක්ෂාව වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳවයි. එහෙත් අපගේ නිගමනය වන්නේ පාර්ලිමේන්තුවේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය ඔබගේ කුමන්ත්රණකාරී දේශපාලන උවමනාව වෙනුවෙන් ඇතිකරන ලද ක්‍රියාදාමය හේතුකොටගෙන රට තුළ මතුව තිබෙන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් බවයි. මේ වන විට රට තුළ බරපතළ අරාජිකත්වයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත. දශක හතකට වැඩි ලාංකේය දේශපාලනය තුළ මෙවැනි අස්ථාවරත්වයක් මෙතරම් කාලයක් දිග්ගැස්සෙමින් ඇත්තේ පළමු වතාවටය. මෙය හුදු ඕපපාතිකව පැන නැගුණක් නොව ප්‍රධාන සිදුවීම් පහක් පදනම් කරගනිමින් නිර්මාණය වූවකි.
01. පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත්‍රීවරයෙකු කුමන්ත්රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීම හා අවස්ථා ගණනවකදී විගඩම්කාරී ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.
02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.
03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාවලියකට මැදිහත්වීම.
04. එම වෙන්දේසි ක්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.
05. කුමන්ත්රණකාරී ලෙස පිහිටුවන ලද අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත්රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.
මේ පස්වැදෑරුම් ක්‍රියාවලියේ ඔබගේ ප්රමුඛ දායකත්වය කිසිසේත් සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී අවසන්ය.
මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම්වලට අතුරු තහනම් නියෝගයක් ලබාදී එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට ලක්කොට තිබේ. ඒ අනුව සැසිවාර අවසානයෙන් පසු පාර්ලිමේන්තුව මේ වන විට දින තුනක් කැඳවනු ලැබ ඇත. ආරම්භක දිනය වූ 2018නොවැම්බර් 14වැනි දිනම ඔබ විසින් අනීතිකව පිහිටුවන ලද ආණ්ඩුවට එරෙහිව අප විසින් ගෙනන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122කගේ බහුතරයකින් සම්මත විය. ඒ බව එම මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව කථානායකතුමා වෙත බාර දෙන ලද පෙත්සම මගින් ලිඛිතවද සනාත කරනු ලැබිණි.
කෙසේ වුවද බහුතර මන්ත්‍රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135* ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හ`ඩ අනුව තීරණයක් ලබාදීමේ 48(1* වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත්‍රීවරුන්ගේ නමින් ඡුන්දය විමසීමට කථානායකතුමා ගන්නා ලද උත්සාහය මගින් පරාජය නියත බව දැන සිටි ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත්‍රී කණ්ඩායමේ බාධා කිරීම් නිසා ගැනීමට සිදුවූ තීරණයක් බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම තත්වය නොවැම්බර් 16දිනයේදීත් එලෙසම සිදුවිය. ඔබගේ මන්ත්‍රී කණ්ඩායම පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් සහ නමින් ඡුන්දය ලබා ගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ බව ඔබ හොඳින්ම දනියි.
කෙසේ නමුත් දෙවරක්ම විධිමත්ව සිදුවූ විශ්වාසභංග සම්මතය පිළිගැනීමත් නාමික අග්‍රාමාත්‍ය ධුරය අත්හැරීමත් ප්‍රතික්ෂේප කරමින් එය විධිමත්ව සිදු නොවූ බවට විවිධ බාල ගණයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බව අපගේ විශ්වාසයයි. එසේම ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබන්නේයැයි කියනු ලබන පාර්ලිමේන්තුවේ තෙදිනක ක්‍රියාවලිය තුළ ඇතිවූ ගැටුම්කාරී පිළිකුල් සහගත තත්වයට සහ ඉන් ඇතිවූ අස්ථාවර තත්වයට මුළුමනින්ම වගකිව යුතු වන්නේ ඔබය; ඔබගේ හිතුවක්කාරී හැසිරීමය.
මේ අනුව රට අද වන විට පත්ව ඇති සමස්ත අරාජිකත්වයේ සහ අස්ථාවරභාවයේ නිර්මාතෘවරයා ඔබය. එබැවින් එය නිවැරදි කළ හැක්කේද ඔබටමය. එයින් මෙපිට මෙම නිශ්චිත කරුණ පිළිබඳව ඔබ හා සාකච්ඡුා කිරීමෙන් ලබා ගත හැකි විසඳුමක් ඇතැයි අපි විශ්වාස නොකරමු. පාර්ලිමේන්තු නියෝජනය කරන වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අප, අපට මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම මේ වන විට සිදුකර අවසන්ය. දැන් ඇත්තේ ඔබගේ පාර්ශ්වයෙන් ඒ වෙනුවෙන් ක්රියාත්මකවීමය. රට වෙනුවෙන් එම පියවර ගැනීමට ඔබට ආත්ම ශක්තියක් ඉතිරි වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි !!!
මේක ඔබතුමාලාට හොඳ අවස්ථාවක් කරගෙන මේ උමතුවෙන් වියරු වැටිලා ඉන්න ලොක්කන්ට රට ගොඩ ගතයුතු පියවර ගැන වටහලා දෙන්න.
හරියටම හරි.. මොන සමුළුව තිබුණත් ගමරාලට ඕනෑ දේ තමයි ගමරාලත් කරන්නේ...
ගොඩක් හොඳයි... ජවිපෙට ස්තුතියි.
නිවැරදිම තීරණයක්. ජනපති හදන්නේ එයාගෙ පව් අනිත් අයගේ පිටින් යවන්න..
අනෙකුත් පක්ෂත් මෙය වර්ජනය කළ යුතුයි. ජනාධිපතිගේ ආරක්ෂාව හා උපදෙස් මත සියලු දේ සිදුවනවිට වෙනත් පක්ෂ සමග ව්‍යාජ රැස්වීම් පවත්වා ඔවුන්ට ඕනදේ කරනවා නම් එවැනි රැස්වීම්වලින් ලැබෙන ප්‍රතිඵලයක් නෑ.
ජනාධිපති මේ වෙනකම් වැරදි පියවර ගත්තේ අනික් අයට කියලද?
ඔබ හරි... හොරාගේ අම්මගෙන් පේන අහන්නද?
බොරුසමුළු වලට ජවිපයට ඔබයාම අනවශ්‍යයි. අපි සැමදා රටට හිතැති ඔබ සමගයි...
89ත් රටගිනිතියලා මාරු වුණා. මේ සැරෙත් එහෙමයි. රටම ගිනි තිබ්බා.
කොන්ද පන තියෙන්නේ ජවිපෙ ට විතරයි.
ඔයාලා රටට කරපු දේවල් මට මතකයි.
ජවිපෙ ප්‍රශ්න මගහැරිය නොවිය යුතුයි. මේ පළවැනි මග හැරීම නොවේ... පින් පඩි නොගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ශක්තිය ඇති කරන්න. බය නැතිව ලොක්කන් ඉදිරියේ කතා කරන්න ඉගෙන ගතයුතුය. නැතිනම් පාර්ලිමේන්තුවට නොයන්න.
මොන පක්ෂේ වුණත් කමක් නැහැ. හත්පොලේ ගාගත්ත එක්කෙනාටම අසුචි ටික හොදාගන්න කියලා පැත්තකට වෙලා ඉන්න එක තමා හරි. හදන්නේ එයා පහරලා අනුන් ගඳ ගහනවා කියන්න.
මම දන්න විදියට අතුරු තහනම් නියෝගයකින් දෙපැත්තේම කටයුතු අත්හිටවෙනවා. එහෙව් එකේ මේකෙන් පාර්ලිමේන්තුව සක්‍රීය වුනේ කොහොමද? දන්න කෙනෙක් කියනවද මම දන්නේ නැති නිසයි ඇහුවේ..?
දැනට පාර්ලිමේන්තුවේ අඥානයින් අතරේ සිටින විශිෂ්ඨ තම බුද්ධිමතා වූද, සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාවිතයේදී අසන්නන් මවිතයෙන් මවිතයට පත්කරවන චතුරයෙක් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්රදාය පිළිබඳ කෙළ පැමිණියාවුද, රාජ්‍ය පරිපාලනය, මූල්‍ය පාලනයෙහිද, ප්‍රමාණික මතු නොව දැනුම් සම්භාරයක් ස්පර්ශ කර ඇත්තාවූද, දූෂණයෙන්, වංචාවෙන්, ලෝහිතයෙන්, බොරුවෙන්, හා චෞර බවින් වියුක්ත, ශ්වේත වර්ණයෙන් සමලංකෘතවූ හස්තයෙන් හා මනසකින් යුක්ත වූ යුගයේ සමාජවාදී, ප්රජාතන්ත්රවාදී මහා දේශපාලන විදග්ධයාණෙනි, විභුධයාණෙනි, මීළඟ මහා මැතිවරණයෙන් කිසිවෙකුත් නොලද අති විශිෂ්ඨ විජයග්රහණයක් ලබා මේ මාතෘ භූමියේ සුජාත වූ ලාබාලම අග්‍රාමාත්‍යතුමා වීමට හේතු වාසනා වේවා!!!
නියම ආමන්ත්‍රණය. ගරු නැති ජනාධිපති...?
ඔබලාගේ අවශ්‍යතාවය කිසිම කෙනෙකුට නෑ.. ඇඟිලි තුඩු එක්කරමින් කියන සුන්දර වචන අජූතයි. සිංහලයාට නැති ඔබලා කාගේ ඡන්දයද බලාපොරොත්තු? ඔබලා තරම් අසික්කිත වාසියට දිව නැමෙන පිරිසක් මම නම් දැක නැහැ.
කොහොම උනත් මේ කරණයේදී JVP එක ටිකක් ගානට වැඩි බව පේනවා. ඒක මද්යස්ත අපි නිරීක්ෂණය කල බව ඔවුනට දැනගන්න ලැබුනොත් වටිනවා.
පක්ෂනායක සමුළුවට විතරක් නොවෙයි, පුළුවන්න නම් මේ ගැටළුව විසඳෙන තෙක් පාර්ලිමේන්තුවටත් නෑවිත් ඉන්න බලන්න. බොහො ස්තුතියි!
දෙපැත්තටම රට උලා කන්න දුන්නා ඇති ! 2020 ජ. වී. පෙ. ට ආණ්ඩු බලය ලබාදෙමු !
අනේ ලොකුදෙයක්, මොකටද තවත් කාටවත් කඩේ යන්නේ නේද.?