(විනීතා එම් ගමගේ)
දේශපාලඥයිනගේ බල අරගලය හා අත්තනෝමතික ක්‍රියා නිසා රට වෙනුවෙන් පොදු අභිලාෂයකින් වැඩ කරන වෘත්තියවේදීන්, සිවිල් සමාජය ඇතුළු පිරිස් විශාල වශයෙන් දේශපාලන කඳවුරුවලට බෙදී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
මේ තත්ත්වය සමාජයේ යහපැවැත්මට මෙන්ම ඉදිරි ගමනට බරපතල ලෙස බලපා ඇතැයි ද එම සංවිධානය කියයි.
විශේෂයෙන් රටේ සංවර්ධනය අඩාල වීමට මේ තත්ත්වය හේතුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ නිසා ජනාධිපතිවරයා, කවරෙක් හෝ අගමැතිවරයා, ඇමැතිවරු, පක්ෂ නායකයින් ද වහා එක්ව පවතින ප්‍රශ්න විසඳා නොගතහොත් රට විශාල අගාධයකට යන බවත් ජාත්‍යන්තරය හමුවේ හෑල්ලූවට ලක්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ සඳහා කල් ගත කිරීම කිසිසේත්ම නුසුදුසු බවත් අද අදම මේ ගැන තීරණයක් ගත යුතු බවත් හෙට්ටිආරච්චි මහතා තව දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මුළු හදවතින්ම ඔබ සමග එකඟ වෙමි. අද රටේ උගතුන්ගෙන් අඩුවක් නැහැ. නමුත් හැදිච්චි මිනිස්සුන්ගෙන් ලොකු අඩුවක් තියනවා. ඉස්සරනම් උගත් මිනිස්සු, හැදිච්චි මිනිස්සු විදියට සැලකුවා. දැන් උගත් වූ පලියට හැදිච්චකමක් නැහැ. මේක එක්කෝ පව්ලෙන් ලැබෙන්න ඕනේ. නැත්නම් පාසලින් ලැබෙන්න ඕනේ. තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා ඕනෙම ජරා වැඩක් කරන උගතුන්ගෙන් නම් රට ස්වයන්පෝෂිත වෙලා. ඉතාම ඛේදනීය තත්වයක්.
කව්ද මේ අයට උගතුන් කියන්නේ ? මොවුන් පාර්ලිමේන්තුවට යන්නේ උගත්කමින්ද ? පින් කතිරයෙන්ද? සමහරුන් ජ්‍යේෂ්ට නීතිවේදියෝලු ඒ වුනත් කතාකරපු නඩුවකුත් නැහැ.
උගතා, බුද්ධිමතා කියන්නේ දෙන්නෙක්
යම් යම් කරුණු සම්බන්ධයෙන් උගතුන් අතර සිදුවන ප්‍රතිවිරුද්ධ තර්කයන් තුලින් සාමාන්‍ය වැසියන්ට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට අවබෝධ කරගන්නට නොහැකි විෂයන් ගැන පුළුල් වටහාගැනීමක්. එහෙම වුණාම, රාජ්‍ය නොවන සංවිධානවලට මිනිසුන්ව නොමග යැවීමට හැකියාව අඩුවෙනවා. එමනිසා මෙය උගතුන්ගෙන් වියයුතු යුතුකමක්...
10-15ක් වගේ අතළොස්සක් ඇරෙන්න පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් නූගත් බුම්මට්ට රැලක්. ඒ නිසා තමයි මෙහෙම ගුටි කෙලි ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන්නේ.... අද කාලේ ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ පාර්ලිමේන්තුවයි උගතුන් ආකර්ෂණය වෙන විෂයපථ හා ස්ථාන නෙවෙයි...
රටේම අය දන්නේ නමුත් ඕක දන්නේ නැත...