අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික රැස්වීමට තමන් සහභාගි නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් අද පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ.
පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට ද ආරාධනා කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවක් අවශ්‍ය නැත ඔබලාව පත් කලේ අපි ,ඡන්දයක් අපට ඕන...... මුලිකවම අපට උවමනා බලපෑම් වලින් තොර රටක් විදේශ බලවේග වලට යටත් නායකයෙක් එපා , කුලල් කා ගන්නේ ඔබලාගේ සැප විහරණය වෙනුවෙන් කියල හොදට පේනවා කාලය නොගෙන මහජනයාගේ මනාපය උරගා බලන්න
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම ඩොමෙස්ටික් වයලේෂන්වලට පුරුදු වෙච්ච ඈයෝ.
එතුමා ගත් තීරණය නිවැරදියි. කතානායක තනතුර යනු නිර්පාක්ෂික පදවියක් නිසා එතුමා තව උගුලකට හසුකර ගැනීම සඳහා මෙම ආරාධනාව කර තිබෙනවා අගමැති, ජනපති ඇතුළු කල්ලිය...!
මෙපමණ කාලයක් පක්ෂ නායකයෙකු හැටියට තමයි කතානායක වැඩකරේ.. ඇයි එකපාරටම වෙනස් වුනේ...? කතානායක වැඩකරේ ඔහුගේ පක්ෂය වෙනුවෙන්.. එ්කයි ඔය ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව...
පිස්සන් රැනක්, කෙළින්නෙම පිස්සු, පාර්ලිමේන්තුව තුළ ඉන්නන් සියල්ල ලඟදීම දිව්‍ය ලෝකයට යනවා ෂුවර්....
අනේ ඉතින් කොහොම යන්නද රෙද්දක් ඇදගෙන නේද? දැන් මේ නාට්ටිය එපාවෙලා කවද්ද ඉවරවෙන්නේ?