( ජයන්ත සමරකෝන් )
ස්විස්ටර් ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකිද යන්න පිළිබඳව විමසීම සඳහා හෙට (19) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාර සිංහ මහත්මිය පැවසුවාය.
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කර ගත් තමාට ඉන් ඉවත්ව යාමෙන් වසර 37 ක් තිස්සේ පැවැති විවාහ දිවියද අවසන් කිරීමට සිදු වු බව සඳහන් කළාය.
මෙවැනි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමට ගැහැණියකට නොහැකි වුවත් මව්බිම වෙනුවෙන් එම තීරණය ගත් බවද ඇය පැවසුවාය.
අභයාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොකෝ ටිකක් කාලා වතුර බොන්න. මැකෝ දැන් ගෙදර යන කාලේ ළඟයි. අවංකකමත් ඉවරයි.
මේ අයට මන්ත්රීකම් දීලා පණ තියනකල් විශ්‍රාම වැටුප් ගෙවන්නේ... පාර්ලිමේන්තුව තියන්නේ මොකටද? ජනතාව අහවල් දේකටද මේ අයට පඩි ගෙවන්නේ?
මෙදාපාර ද්විත්ව පුරවැසිභාවය පමණක් නොවේ ඇපත් නැතිවම ගෙදරටම වෙලා ඉන්න බලාපොරොත්තු වෙන්න.
මේ වයසක නාකි ආච්චිලාගේ, සීයලාගේ කාලය අවසන් කරලා අලුත්, තරුණ, උගත්, බුද්ධිමත් රටට ආදරේ නායකයෙක් යටතේ නව පක්ෂයකින් රට ගොඩ ගමු. උදා. නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලේවත්ත ..වැනි අය..
අවුරුදු 37 පැවති විවාහය..? අනේ මගේ කට ..
මෙයානේ කොළඹට කෝටි දෙකක් සෙනඟ ගෙනාවේ.
ඔය ඉන්න ගොන් රැල ඇති...
රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායක - ජනපති ධුර දෙකම කතානායකට දැරිය හැකියි.
මේ රට අන්තර්ජාතික විහිලු සැපයීමේ මධ්‍යස්ථානය බවට පත් කරන්න එපා.
මෙයාට කොළඹ පැත්තේ බෝඩිමක් දාගන්න කියන්න.
ගීතා එන්නේ රටට සේවය කිරීම සඳහායි....
අනේ බලන්නකෝ... එතුමියට දැන් නින්ද යන්නේ නැහැලු අපිට සේවය කරන්න නැතුව. මැකෝ කොහොම හරි වැඩේ කරලා දේවි...