පාර්ලිමේන්තුවේදී විනීතව හැසිරෙන්නැයි තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන බව ජනපති සමඟ පැවැති රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එය කඩකලොහොත් මන්ත්‍රීවරුන් කැඳවා අවශ්‍ය පියවර ගන්නා බව ද ජනපති කීවේයැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේදී අද පැවැති මාධ්‍යහමුවකදී ය. ඒ මහතා මෙසේ ද පැවසීය.
‘‘පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි අපි යෝජනාවක් ගෙනැල්ලා දවස් පහකට කල් දෙනවා. දවස් පහකින් පස්සේ ඒක වභාග වෙනවා. ඒක එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තිබෙනවා ස්ථාවර නියෝග අත්හිටුවලා ගේන්න පුලුවන්. මන්ත්‍රීවරු 20ක් සහයෝගය දෙනවා නම් ස්ථාවර නියෝග අත්හිටුවලා ඕනම යෝජනාවක් ගෙන්න පුලුවන්. ඒ ක්‍රමය තමයි අපි අනුගමනය කළේ.
පාර්ලිමේන්තුව විසිරෙව්ව ගැසට්ටුව උසාවියෙන් අත්හිටෙව්වා. ඉන් පසු හදිසියේ පහුවදා පාර්ලිමේන්තුව රැස්වෙලා ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාවක් සම්මත කරලා විශ්වාසභංග යෝජනාව ගෙනාවා. කතානාකයවරයා පාර්ලිමේන්තුවට ආවට පස්සේ සුමන්තිරන් මහත්මයා නැගිටලා යෝජනාවක් ගෙනත් ස්ථාවර නියෝග අත්හිටෙව්වා.
අනුර කුමාර දිසානායක මහතා විශ්වාස භංග යෝජනාව ගෙනාවා. ඉන් පසු ස්ථාවර නියෝග 47.1 හි සඳහන් වෙලා තිබෙන ආකාරයට කටහඬ අනුව ඡන්දය විමසුවා.
පෙරේදා අපි ජනාධිපතිතුමාව හමුවුණා. හමුවුණාම කිව්වා ඊයේ (සිකුරාදා) මේ යෝජනාව නැවත වරක් ගෙනෙන්න කියලා. මම ඇහුවා යෝජනාව ගේන්න පුලුවන් ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන් ඉඩ දුන්නේ නැතිනම් මොකද කරන්නේ කියලා. මන්ත්‍රීවරුන්ට විනීතව හැසිරෙන්න කියලා උපදෙස් දෙනවා කිව්වා. ඒ පොරොන්දුව දුන්නා අපට. එහෙම හැසිරුනේ නැතිනම් ඒ අය ගෙන්වලා අවශ්‍ය පියවර ගන්නවා කියලත් කිව්වා. හඬින් ඡන්දයක් ගත්තත් එතුමා පිළිගන්නවා කිව්වා. ‘‘
මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා -
‘‘ලබන සඳුදා පාර්ලිමේන්තුව කැඳවනවා. කතානායකට අකමැති නම් යෝජනාවක් ගෙනත් කතානායක අයින් කරන්න ඔවුන්ට පුලුවන්. දැන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන්න කැමති නෑ, වෙනත් කෙනෙක් නම් කළොත් පුලුවන් කියලානේ. ඡන්දෙන් පස්සේ ආයෙත් රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වුණොත් ව්‍යවස්ථාව එයාලා අර්ථ දක්වන විදියට පහුවදාම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරන්න බෑ කියලා ඒ පාර්ලිමේන්තුවත් විරිසරුවන්න පුලුවන්. මේ වෙලාවේ කළ යුත්තේ මහ මැතිවරණයකට යන එක නෙමෙයි. ජනාධිපතිවරණයකට යන එකයි කළ යුත්තේ. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඹයෙක් කියන දෙයක් ඒ අය කරාවිද?
මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සදහන් කර සිටින ක්‍රියා පටිපාටිය නිවැරදියි.
අපට ඔබල ගැන දුකයි....... ඔබල තාමත් විස්වාස කරනවද මේයාව? ඔබලාට ලජ්ජා නැද්ද?
ඡන්දයක් තිබ්බොත් රනිල් පැත්ත පලාතෙකට එන්නේ නැතිබව ඔබලාම පිළිගත් නිසා නේද ඔබලාම සජිත්ව යෝජනා කලේ? ඉතින් කොහොමද නැවත රනිල් බලයට එන්නේ. කිරිඇල්ල කෙනෙක් ප්‍රේමදාස කෙනෙක් ගේ ඇමති මණ්ඩලයේ සිටීම කිරිඇල්ලටත් කොපමණ හොඳද.
කිරිඇල්ල, ජනතාව විසින් ජනාධිපති කමට පත්කළ ජනාධිපති කෙනෙක් ඔය ජනාධිපති තනතුරේ ඉන්නේ. අගමැති තනතුරේ ඉන්නේ ජනතාව අගමැතිකමට පත්කළ කෙනෙක් නොවෙයි, ඔබලා විසින් පත්කරගත්, නමුත් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන කෙනෙක්. එමනිසා නැවත ඡන්දයකට ගොස් මැති ඇමති කීදෙනෙක් ඔය තනතුරේ ඉන්න සුදුසුද කියා බලමු. ජනතාවගේ තීරණය හැම පක්ෂයකටම පොදුයි.
රනිල් මහත්තයා අගමැති කරනවාට කැමති නැත්තේ ඇයි කියලා තේරෙන්නේ නැද්ද ඕගොල්ලන්ට? මතකද ජනාධිපති කිව්වා රනිල් ආපහු අගමැති වුනොත් පැයක්වත් පුටුවේ ඉන්නේ නෑ කියලා... මේ අයගේ කපටිකමට එක එක ඒවා කියවනවා දැන්. රැවටෙන්න එපා ඔවුන්ට... විනීතව හැසිරෙන්න කිවුවා නම් එහෙම කරන්න එපැයි අඩු තරමේ මහින්දවත් කිවුවද නවත්තන්න? ඒ අයට ඕනෑ අයගේ නඩු විසි කරවගන්න. රනිල් එක්ක ඒවා කරන්න බෑ. ඉතින් එනවට කැමති නෑ. ජනාධිපතිට අපි රැවටුණා. උදේ වැටුණු වලේ දවලුත් වැටෙන්න එපා...
ජනාධිපති කිව්වා... පිළිගන්න උදවිය දවසින් දවස අඩුවෙනවා. ඒ ගැන කිසිම චකිතයක් ඇති කරගන්න එපා. කොහොමත් ඔය 225 ගැනම ජනතා විශ්වාසයක් නැහැ.
ළඟ තියන බෝතලේ ඇසිඩ්ද දන්නේ නැහැ...
අනේ කිරෝ! ඔව්ව කිරාගේ කිරි සිහින විතරයි! අපි නොදන්න චෙස්!
සදිස් ළමයට එදා ගහපු කිරි පැකට් මතක් වෙලා වගෙයි. තවම නතර වෙලා නැද්ද?
කකුළුවා පැටවුන්ට කියනවා පෙළට වරෙන් කියලා. නමුත් ඔහු යනවා හරහට. ඒ වගේම තමයි කලින් ජනාධිපති විනීතව හැසිරෙන්න එපැයි....