(අංජුල මහික වීරත්න )
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ අඩුපාඩු තිබෙනවානම් තමන්ට බහුතරයක් ඇතැයි යෝජනාවක් හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස යෝජිත රාජපක්ෂ ව්‍යාජ ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මැතිවරණ දෙකක් අතර අග්‍රාමාත්‍යවරුන් වෙනස් වු විට දෙවැනි වතාවට පත්වන අගමැතිවරයා පළමුවෙන්ම කළ යුත්තේ පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට බහුතරයක් ඇතැයි පෙන්වීම බව කී කිරිඇල්ල මහතා මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය පෙන්වීම සඳහා අවස්ථා දෙකක් ලබා දුන්නද ඔහු ඒ දෙකෙන්ම ප්‍රයෝජන නොගත් බවත් සඳහන් කළේය.
පසුගිය සිකුරා දින කතානායකවරයාගේ ක්‍රියාකලාපය 100% ක් නිවැරදි බව කී මන්ත්‍රීවරයා 1930 දශකයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බෝම්බ දැමු විට අසල පල්ලියකට කතානායකවරයාගේ ප්‍රදානත්වයෙන් රැස්වී වින්ස්ටන් වර්ඩ්ල් අගමැති කර රට ආරක්ෂා කළ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරය පෙන්වන්න ඡන්දයක් තියන්න. ඔබලාට ඉන්න බහුතරයෙන් බහුතරයක් ඉන්නේ රට කෑලිවලට කඩන්න බලාගෙන... මේක අපේ සිංහල රට මොනවා හරි වුණු ගමන් ඔබලා පිටරට අපට තියන්නේ මේ රට පක්ෂ භේදයකින් තොරව සිංහල ජනතාව මෙය අවබෝධ කර ගන්න ඕනේ...
පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ 2015 පත්කරපු අය.. දැන් ජනතාව මේ අයට කැමති නෑ.. බහුතරය බලන්න ඕනෑ පාර්ලිමේන්තුව තුල නෙමේ.. ජනතාව ඉදිරියේ.. රනිල් ඇතුළු පිරිසට අකමැති බව පුංචි ඡන්දයෙන් ජනතාව පෙන්නුවා මතක ඇති නේද..? එහෙනම් පාර්ලිමේන්තුවේ බහුතරය දැන් අදාල නෑ.. ජනතාව ඉදිරියට ගොස් බහුතරය පෙන්වන්න කාලේ හරි.. ඒක තමයි දැන් වෙන්න අවශ්‍ය දෙය.. එජාපය ජේවීපී එක බයයි ඡන්දයක් තියෙනවාට... ඒකයි ප්රශ්නය.. ජනතාව ඉදිරියට ගොස් බහුතරය පෙන්නලා අගමැති කවුද කියලා බැලුවා නම් මේ කිසිම දෙයක් නෑ... කොහොමත් එජාපේ මේ මැතිවරණය පරදිනවා කියලා දන්නවා ඒක තමා ඡන්දයකට යන්න අකමැති... ජනතාව තීරණය කරයි කවුද අගමැති කියලා... ඒකට ඉඩ දෙන්න...
බහුතරයක් රටේ ජනතාව මෙයාලට නෑ.. එ්ක පුංචි ඡන්දෙන් පෙන්නුවනේ සල්ලිවලට එහාට මෙහාට පනින රිලවුන්ගෙන් කොහේද බහුතර ජනතා මතය ප්‍රකාශ වෙන්නේ...? මහමැතිවරණයක් තියලා බහුතර බලාගන්න සහයෝගය දෙන්නේ නැත්තේ ඇයි?
සමන්ත, ඔයාට ඕන විදිහට වත් පොහොට්ටුවන්ට ඕන විදිහට වත් ඕවා තීරණේ කරන්න බැහැ. ඔයා කියන්නේ අවුරුද්දක් පාසා ඡන්ද තියන්නද?
මේක මේ රට සිංහලයාගේ විතරක්ද? ඔහේ නියම ඔරිජිනල් සිංහල මිනිහෙක්ද? අපි මොන තරම් මිශ්‍රද කියලා අපි කොහොමද දන්නේ? මේ පොළවේ ඉපදුණු හැම කෙනෙකුටම එක සමාන අයිතියක් තියනවා. සිංහලයාගේ රට පාලනය කරපු ශ්‍රේෂ්ඨතම රජතුමා මහා පරාක්‍රමබාහු රජු.. එහෙම නම්, සිංහලයෙක් නොවෙයි. විජයබාහු රජතුමාගේ සහෝදරිය විවාහවුනේ පාණ්ඩ්‍ය කුමාරයෙක් එක්කයි. පරාක්‍රමබාහු කියන්නේ එයාගේ මුණුපුරා. අනෙක් කාරණාව අපේ රට අවුරුදු හැත්තෑවක් විතර සොළීන්ට යටත් වෙලා තිබුණා. ඊට ඉස්සෙල්ලා එළාර කියලා දෙමළ රජ කෙනෙක් අවුරුදු හතළිහක් මේ රට බොහොම හොඳින් පාලනය කළ බව මහාවංශයේමත් සඳහන් වෙනවා. කෝට්ටේ යුගයේත් කාලයක් චීනෙට කප්පම් ගෙව්වා. නිකං මේ වන්සෙ කබල් ගාන්න ලෑස්ති වෙන්න ඕනෑ නැහැ. සිංහල රජවරුන්ගේ බහුතරය එක එකා මරාගෙනයි රජ වුනේ. මෙතන, ජනාධිපතිවරයා කරලා තියෙන්නේ වරදක්... ද්‍රෝහීකමක්!