ශ්‍රී අමරදේවගම උදා ගම්මානය ජනතා අයිතියට හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේවයන් නමින් හම්බන්තොට ඉදි කෙරුණු ‘ශ්‍රී අමරදේවගම‘ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පසුගියදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 02 May 2018
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති ජාතික ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. 02 May 2018
මුදලට රැකියා දෙන බව පවසා තරුණයින් රැවටු පුද්ගලයෙක් අත්අඩංගුවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ අංශයේ රැකියා මුදලට ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා ඉතා සූක්ෂම ලෙස රට පුරා තරුණ තරුණියන්ගෙන් රුපියල් තිස්දාහේ සිට ලක්ෂය දක්වා වූ විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගත් පුද්ගලයකු මාතලේ නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකී වි තිබේ. 02 May 2018
මැති අැමැතිවරු ජනපති ලේකම් කාර්යාලයට අද පෙරවරු 10.30ට පැවැත්වෙන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා මැති ඇමැතිවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙති. 02 May 2018
ජවිපෙ ප්‍රංශයේදීත් මැයි දිනය සමරයි ලෝක කම්කරු දිනය සමරන මැයි 01 වැනිදා ප්‍රංශයේ ප්‍රධාන නගර මූලික කර මැයි දින පෙළපාලි පැවැත්වීම සෑම වසරකම සම්ප්‍රධායනුකූලව සිදු වන්නකි. 02 May 2018
ඇෆ්ගනිස්තාන ප්‍රහාරයේ ඉලක්කය මාධ්යවේදීන්ලු ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයකට ඊයේ ( 30 ) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (1) ප්‍රකාශ කළේය. 01 May 2018
දෙවලපොළ අනතුරකින් දෙදෙනකු මරුට මිනුවන්ගොඩ දෙවලපොළ දී අද රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 01 May 2018
හෙට ශෝක දිනයක් කරයි අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පැවැත්වෙන හෙට (02) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 01 May 2018
ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු සමුගනී ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාද්දු මහතා අද රාත්‍රී අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි. දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය පියා ගිය මගම යමින් සංගීත ක්ෂේත්රය තම ජීවන වෘත්තිය කර ගෙන කටයුතු කළ අයෙකි. 01 May 2018
රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 01 May 2018
අලුත් සැසිය ගැන සාකච්ඡා කරන්න හෙට පක්ෂ නායකයෝ රැස්වෙති පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට එහි පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (02) පස්වරු 2.00ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය. 01 May 2018
ජන ගහන වර්ධන වේගය වසර දෙකක් වෙනසක් නෑ ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පසුගිය වසර දෙකක කාලයේදී නොවෙනස්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2018
නියම සමෘද්ධි හිමිකරුවන් හොයන්න එජාපෙන් කමිටුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (01) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අඩු ආදායම් ලාභීන්ට රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරය ලැබීමට නියම සුදුසුකම් ඇති පුද්ගලයන් ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබේ. 01 May 2018
ජාතික නීති සතිය 21 වැනි දා සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමය වාර්ෂිකව පවත්වන ‘‘ජාතික නීති සතිය ’’ ලබන 21 වැනි දා සිට 27 වැනි දා දක්වා දිවයින පුරා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති යූ.ආර්.ද සිල්වා මහතා පැවසීය. 01 May 2018
ඌවේ වෛද්‍ය වර්ජනයක් ඌව පළාතේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු සියලු හිඟ අතිකාල දීමනා මැයි 7 වැනි දා ට පෙර නොගෙවන්නේ නම් පළාතේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය. 01 May 2018
මාස 4ක් තිස්සේ ළමා ආරක්ෂණයට අධ්යක්ෂ මණ්ඩලයක් නෑ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කිරීම මාස හතරක් තිස්සේ පමාවීමෙන් එහි පරිපාලනමය කටයුතුවලට දැඩි බාධා පැමිණ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 01 May 2018
දේශපාලන පලිගැනීම් කැබිනට් පත්‍රිකා යළි සලකන්නැයි ඉල්ලීක් දේශපාලන පලිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරින් වෙත සහන සැලැසීමේ අරමුණෙන් නිකුත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පහ නැවත සමාලෝචනයට ලක්කරන්නැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටී. 01 May 2018
ටී. බී. ඉලංගරත්නයන්ගේ ගුණ සමරයි ටී. බී. ඉලංගරත්න ශූරීන්ගේ ගුණ සැමරීම අද (1) නවම් මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව ඉදිරිපිටදී සිදු කෙරිණි. 01 May 2018
සාක්කි වසන් කළ පොලිස් ලොක්කාට ඇප දෙනවාට නීතිපතිගේ විරෝධය සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහත්වරුන් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 01 May 2018
සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට - ඇමැති රාජිත සෞඛ්‍ය සේවයේ ප්රගතිශීලී ගමනට නිලධාරිවාදය හරස් වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 01 May 2018
‘විද්‍යාත්මකව වෙනස් වු එකම අමාත්‍යංශය වනජිවීයයි’-මහින්ද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී විද්‍යාත්මකව වෙනස්වූ එකම අමාත්‍යංශය වනජීවී අමාත්‍යංශය පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවැසීය. 01 May 2018
‘කැබිනට් මණ්ඩලයේ විද්‍යාත්මක බව හොයන්නත් කමිටුවක් දාන්න වෙයි‘ දැන් වෙසක් පෝයත් ඉවරයි. සිංහල දමිළ අලුත් අවුරුද්දත් ඉවරයි. මේ වෙනකල් කැබිනට් සංශෝධනයක් ගැන කථා කර කර හිටියා. මහලොකු බලාපොරොත්තු දුන්නා. ලොකු කථා කිව්වා. 01 May 2018
ඇමැති වෙනස ලෝක විහිළුවක් - විජිත හේරත් නව කැබිනට් මණ්ඩල සංශෝධනය ජාතික රජයේ තවත් ලෝක විහිළුවක් බවත් ඉන් රටේත් ජනතාවගේත් ගැටලුවලට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ලංකාදීපයට පැවසීය. 01 May 2018
‘අවස්ථාවාදී පහත් දේශපාලන සංස්කෘතියක් රටේ බිහිවෙලා’-ජනපති ජනතා සිහින පසෙක තබා පෞද්ගලික දේශපාලන සිහින පමණක් සැබෑ කරගන්නා අවස්ථාවාදී පහත් දේශපාලන සංස්කෘතියක් රටේ බිහිවී තිබෙන බවත් හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා පෞද්ගලික සිහින පසෙක තබා ජනතා සිහින සැබෑ කිරිමට ගන්න දැරූ ශ්‍රේෂ්ඨ ජන නායකයකු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2018
ජාතික උරුමය පිළිබඳ විෂය පථය ඇමැති අකිලගෙන් ඉවත් කෙරේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු සදහා වැඩි ඉඩක් ලබාදීම වෙනුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජාතික උරුමයන් පිළිබඳ විෂය පථය ඉවත් කිරීමට තීරණය කර තිබේ. 01 May 2018
දුෂණ වංචා සනාථ කරන්න නීතීඥ සුගන්දිකාට සති දෙකක කාලයක් නීති ක්ෂේත්රයේ සහ පොලිස් නිලධාරීන් විසින් කළ බව කියන දුෂණ වංචා ගැන කතාකළ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීමට ඇති සාක්ෂි සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙතට ඉදිරිපත් කරන්නැයි 01 May 2018
‘කැබිනට් ඇමැති ධුරයකට ආරාධනා ලැබුණා‘- පා.ම තොණ්ඩමන් තමන්ට රජය සමඟ එක් වි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහිපයකදිම ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්රස් සභාපති, මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය. 01 May 2018
වෘත්තීය සමිති තුනක් මැයි දිනය මහනුවරදී සමරති අදට (01) යෙදී තිබෙන ලෝක කම්කරු දිනය ලබන 07 වැනිදාට සැමරීමට රජය තීරණය කර තිබුණද වෘත්තීය සමිති තුනක සහභාගීත්වයෙන් මහනුවර දුම්රිය පොළ ඉදිරිපිටදී අද (01) මැයි දින සැමරුමක් පැවැත්විණි. 01 May 2018
සර්බියානු උප අගමැති හෙට දිවයිනට සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊවිසි ඩාසෙක් මහතා සංචාරයක් සඳහා මෙම සතිය තුළ මෙරටට පැමිණෙනු ඇති බව සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 01 May 2018
කාන්තාවන් රැවටූ හොර කට්ටඩියෙක් අත්අඩංගුවට වෙසක් පුන් පොහෝ දිනට යෙදී ඇති විශේෂ නැකැත් අවස්ථාවකට අනුව දරුවන් නොමැති මව්වරුන්ට දරුවන් ලැබීමට සහ නිවෙස් වල පවතින ආරවුල් තුරන් කර සතුට සාමය ලබා දීමට යැයි පවසමින් මුදල් ලබා ගනිමින් ලිංගික අඩත්තේට්ටම් කර කාන්තාවන් රැවටු කට්ටඩියෙකු ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 01 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026