සිතුම් චතුරංග
මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719 කාලයට අයත් බවට අද (7) ප්රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යයි.
බීටා ඇනලටික් ආයතනයෙන් එවා තිබූ කාබන් කාල නිර්ණය වාර්තා මුදා හරින ලෙස මන්නාරම මහේස්ත්රාත් ටී සරවනරාජා මහතා අද (7) නියෝග කළේය.
මහේස්ත්රාත්වරයා ඒ බව දැනුම් දුන්නේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මන්නාරම සමූහ මිනීවලේ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදීය.
අස්ථි සාම්පල හයක් ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලද්දේ පසුගිය ජනවාරි මස 26 වැනි දා ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය දත මැදගෙන ජිනිවා යන්න බලන් ඉන්න ඇති
මේක දුටුගැමුණු-එළාර යුද්ධයේදී ඉන්දියාවෙන් පැමිණි සොල්දාදුවන්ව ඝාතනය කර වල දැමීමක්. වල වටේ මළ පෙරේතයන් වගේ හිටිය කලුකෝට් කාරයන්ට දැන් තියෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ට සහ දසමහ යෝධයන්ට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලේට යන්න.
ඒකත් ඉවරයි.. දැන් මොකද කරන්නේ? මේක බැරිද 2005-2015 අතරෙදියි කියල වෙනස් කර ගන්න?
අපේ හමුදාවට යුධ අපරාධ චෝදනා කරන්න බලන් හිටපු අයට හුලං තමයි දැන්.
ඔන්න එහෙනම් පරංගින්ගේ වැඩ!!! මම දැක්කා අස්ථි බන්දලත් තියෙනවා. දැන් නම් ලොකුවට මානව හිමිකම් ගැන කතාව.
පෘතුගීසි කාරයෝ කරපු ඝාතන විය හැකිය
පරක්කු වෙලා හරි මේක ප්රසිද්ධ වුන එක හොදයි. දැන් ඉතින් පුරාවිද්යාවෙන් තමයි හොයාගන්න ඕනි මොකක්ද මේ කියලා.. ගොඩක් දුරට පෘතුගීසි බලකොටුවක් වගේ තැනක් වෙන්න පුළුවන්.
එච්චර පරණද? ඩයස්පෝරාවේ කස්ටියනම් කිවේ මේ ඊයේ පෙරේදා කියලා නේද? එන්ජිඔ අයට ගානක් හොයා ගන්න බැරි වෙනවා.
පරංගින් ලංකාවේ වෙරළබඩ ප්රදේශ අල්ලා ගන්නෙත් මේ වකවානුවේදී. මන්නාරම් ප්රදේශයේ සිටි විශාල මුස්ලිම් ජනතාවක් සංහාරයට ලක් වෙන්නේ මේ කාලයේදී. මේ අස්ථි කොටස් ඒ අයගේ විය හැකිය.
අපොයි දැන් අර කට්ටියට ඔය කථාව ඇහිලා හාට් ඇටක් ඇවිදිල්ලා ඔය වලවල් වලට දාලා මිහිදන් කරන්න වේවිද දන්නේ නැහැ.
යාපනයේ සංකිලි රජතුමා 16වන සියවසේදී මන්නාරමේ කතෝලික භක්තිකයන් 600 දෙනෙකු ඝාතනය කළා - මේ ඔවුන්ගේ මළසිරුරුද? කුඩා ළමුන් පවා ඝාතනය වීම ඛේදජනකයි
එසේනම් මේ පෘතුගීසි පාලන කාලයේ සිදුවූවක්. වැඩිදුර පරීක්ෂණයක් කරලා පෘතුගාලයෙන් වන්දියක් ලබා ගත යුතුයි.
කෙතරම් පැරණි උනත් අපරාධය අපරාධයමයි වගකිවයුත්තන් සොයා නිසි දඬුවම් ලබා දෙන්න
කවුරුවත් පගාවක් දීලා නෑ නේද ලැබ් එකට ?
සුමන්තිරන් ට හා එන්ජී ඕ කාරයින්ට පාඩුවක් මේ රිපොර්ට් එක ජිනීවා ගිහින් පිනුම් ගහන්න බලන් හිටිය නේ
අපරාදේ දත් මැදගෙන උන්නේ මෙදා පොටේනම් දෙන්නම් වැඩේ කියලා. දැන් ඉතින් මොකද කරන්නේ?
මෙය මෑත කාලයේ සිදුවී ඇති සිද්ධියක අස්ථි කොටස් .