(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
දළදා වීදියේ නයිට් බසාර් පැවැත්වීම ගැන මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී එම්. වේළුකුමාර් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට ද මේ ගැන පැමිණිලි ලැබී තිබූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු උපාසකයෝ සෙට් එක ඔය බහුභූත නෙමෙයි අර පාර අරිනවා මුළු නගරෙම ඩීසල් පැට්‍රොල් දුමෙන් පිරිලා තියෙන්නේ
මේක බොහොම සරලව කරන්න පුළුවන්. පුජා නගරය කොටස පනතකින් සම්මත කරලා හෝටල් තැබෑරුම් බාර් ටික ඒ කොටසෙන් අයින් කරන්න. පුජා නගරෙට පිටින් සංචාරක කලාපයක් හදල ඒ කොටසට ඒ අයින් කරන ටික ගෙන්න එකට රජයේ අනුග්‍රහය දෙන්න එහාකොට හැමදේම විසදෙනවා සංචරකයන්ත් පහසුයි මීට වැඩ සංචරකයොත් එවි
කාලෙන් කාලෙට උඩින් පාත් වෙන හැමෝම ඇවිත් කරන්නේ නුවරට නරකක් මිස හොදක් නෙවි. බිම් මට්ටමේ ඉන්න නුවර කෙනෙක්ට මිස පිටින් කෙනෙක්ට මොන අවබෝධයක්ද නුවර ගැන. දැන් ඉන්න ආණ්ඩුකාර මාතර කෙනෙක්. තව මොන කතාද ?
ඕක මොකක්ද? ඒ දවස්වල මාලිගාවේ ඉස්සරහ පාර ඇරලා වැව රවුමේ රේස් පැද්දේ.......
මේ නයිට් බසාර් එක බලන්න මමත් ගියා.. ඇත්තටම ඇති දෙයක් තිබ්බේ නැහැ ..මේ වගේ වැඩපිළිවෙළක් මීට වඩා සාර්ථකව කල යුතු දෙයක් මිසක් නතර කරන්න ඕන ඒවා නෙමෙයි ..අපි ඉලක්ක කරන්නේ සංචාරකයන් වැඩියෙන් ගෙන්න ගන්නනම් මේ වගේ දේවල් කල යුතුයි . අනික දළදා මාළිගාව ඉස්ස්‍රහ රැජින හෝටලයේ පුච්චන්නෙත් මස් තමයි ..අපි බැංකොක් , මැලේසියාව ගිහින් යන්නෙත් මේ වගෙ නයිට් බසාර් වලට තමයි ..ලංකාවෙත් හැම සංචාරක ප්‍රදේශයක්ම මූලික කරගෙන මේ වගේ නයිට් බසාර් ඇති කල යුතුයි. අපේ දේශීය කෑම වර්ග අලුත් විදිහට ප්‍රවර්ධනය කරන්න හොඳ අවස්ථාවක් .
මේවා නිකම් බොරු වැඩ. තමන්ට ලකුණු දා ගන්න කරන දෙයක්.
මේවා කරන මිනිස්සු දළාදා වහන්සේගේ වටිනාකම නොදන්න මෝඩයෝද?
ශ්‍රද්දාව තිබුණත් ප්‍රඥාව නොමැති පිරිසක් ශ්‍රී ලංකාව තවත් මැදපෙරදිග රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට උත්සහ දරමින් සිටින සමයක, මහනුවර නගරය තවත් මක්කමක් බවට පරිවර්තනය වෙන එක ගැන මම නම් පුදුම නොවෙමි. එම අර්ථයෙන් බැලූ විට මහනුවර ඇති සියලුම මස් කඩ වසා දමා එම භූමිවල තණකොළ වැව්වා නම්, බැතිමතුන්ට වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බව මගේ හැඟීමයි.
ඔය දළදා වීදියේ මස් උයලා කර කර ගාලා කන එක හොඳද?
අපි ඉන්නෙත් මේ ළඟම තමයි. එය එසේම සලකා බැලිය යුතුයි.
වෙනස් වීමට අකැමති මිනිස්සු එක්ක මේ රට කවදාවත් හදන්න බෑ. මාලිගාව කොහෙද තියෙන්නේ බසාර් එක කොහෙද තියෙන්නේ?
එහෙමයි ඉතිං උපාසක... උයපු මස් කැපයි, පුච්චපු මස් අකැපයි. අනේ සංසාරේ....!
ඔය හැම ශීලයක්ම රකින්න අපි බෞද්ධ රටක බෞද්ධයෝ විය යුතුයි නේද? මමනම් තාම පන්සිල් පද පහ රකින කෙනෙක්වත් මේ බෞද්ධ ලංකාවේ දැකලා නැහැ . මෙහෙමත් බෞද්ධ රටක් .
දැනට මහනුවරට පැමිණෙන බොහෝ සංචාරකයින් එහි දිනකට වඩා නවතින්නේ නැහැ. නයිට් බසාර්, නයිට් රේස් යනාදිය සියල්ල පිටුපස ඇත්තේ සංචාරකයන් ආකර්ෂණය කර, මහනුවර අවට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට තැත් කිරීමයි. දැනට මහනුවරට පැමිණෙන සංචාරකයින් දින 2-3 පමණ එහි රඳවාගත හැකිනම්, ඔවුන්ට හෝටල්, කෑම, බීම, ප්‍රවාහන වැනි පහසුකම් සැලසීමෙන් රැකියා සහ අාදායම් අවස්ථා වැඩිකර ගත හැකි බැවින්, මෙවැනි දේ මහනුවරට අවශ්‍ය බවයි මගේ අදහස... දළදා මාලිගාව සමග බැඳී ඇති අපේ සංස්කෘතික වටිනාකම ඉවත දැමිය නොහැකි දෙයක් බැවින්, මා සිතන හැටියට සංචාරකයින් හට හෝටල්, අහාර, මත්පැන්, රෙදිපිළි වැනි දේ විකිණීම සඳහා වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකළ හැකි හොඳම ස්ථානය පැරණි බෝගම්බර සිර ගෙදර තිබූ තැනයි...
බහුතරයක් බෞද්ධයන් ඉන්න රටක, හැමෝම පන්සිල් රකින මේ වගේ වැදගත් රටක අනිවාර්යෙන්ම කළයුතු දෙයක්. වැටේ තියෙන ජනාධිපති මන්දිරේත්, ආණ්ඩුකාර නිල නිවසේත්, පින්වත් දියවඩන නිලමේ තුමාගේ නිවසේත් "බාබර් කිවූ" දාන්නේ ඉංග්‍රීසියෙන් නිසා ඒවා පව් සිදුවෙන වැඩ නෙවෙයි. තේවාව කරන අය කුකුල් මස් සුප් බිව්වට දළදා වීදියේ කරපු වැඩේ තමයි වැරදි. අනේ කබරගොයත් තලගොයා වෙන හැටි.
බෞද්ධයින්ගේ ප්‍රධානතම සිද්ධස්ථානයක් අසල නිසංසල පරිසරයකුයි තිබිය යුත්තේ. නමුත් සිංහල රජ සමයෙන් පසු ඉංග්‍රීසීන් දළදා මාලිගාවට එතරම් සැලකිල්ලක් දැක්වූවේ නෑ. හෝටල් සහ වෙළඳ ව්‍යාපාර ඒ අසල කරගෙන ගියා. අද වුනත් ස්ථීර සැලැස්මක් අනුව නුවරට නව නගරයක් සැලසුම් කරානම් හොඳයි. රෝමයේ වතිකානු දේවස්ථානය අසල එදා විශාල ගොඩනැගිලි තිබුණා. නමුත් අද ඒ අවට දැකුම්කලු ලෙස පරිසරය ගොඩනගා තියෙනවා.
සමහරුන්ගේ ගොන් කතා කෝටියයි. කොහොම නමුත් මේ තීරණය ඉතාමත්ම හොඳ තීරණයක්. මේ තීරණය ගන්න තිබුනේ මීට බොහෝ කාලෙකට පෙරයි.
සමහරක් ගේ අදහස් බැලුවිට මට නම් හිතෙන්නේ, මේ මාර්ගය දෙපස කොස්කොල මැල්ලුම් කඩ පමණක් තිබීම ඉතාම යෝග්‍ය බවයි. එවිට කිරි හොදිත් සමග මැල්ලුමක රසත් බලා, දළදා වහන්සේ වැඳ පුදාගෙනම දිව්‍ය ලෝකෙට පා තබන්න සිල්වත් උපාසක අප්පුලාට හැකි වේවි.
නුවර වැව වටේ පාරනම් අරින්නම වෙනවා පරිසර දූෂණය අඩු කරන්න නම්. අපි ඉපදිලා , පාසල් ගිහින් හැදුන ලස්සන නගරය, දැන් ලංකාවේ දූෂණය වායුගෝලය තියෙන්නේ නුවර. අපේ දරුවෝ හැම සතියෙම බෙහෙත් ගන්නවා අසාදන නිසා. නමුත් නුවරින් පිට ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඉස්සර දිගන පැත්තෙන් කෙලින්ම පාර කුවීන්ස් හොටෙල් එක ලඟට තිබුණු නමුත් යුද්දේ කාලේ පාර වැහුවා. මාලිගාවට ත්‍රස්ත ප්‍රහාර වුනෙත් වැහුවට පස්සේ. දැන් යුද්ධය ඉවරයි. නමුත් පාර වහගෙන. කි.මී 2ක් එන්න පැයක් යනවා. වසරකට මිලියන ගණනක ඉන්ධන නාස්ති වෙනවා. මිනිස්සු ශ්වසනරෝග වලින් දුක් විඳිනවා. කාටද කැක්කුම? නුවර ගැන දන්නේ නැති බෞද්ධයන්ට?
මස් ප්‍රවාහනයටද ? මහනුවර ඉන්න බැරි නම් කොළඹට එන්න දුම් ගහන හැටි පෙන්නන්න නුවර අපේ පෞරාණික නගරය
සමහර මිනිස්සු කුකුල් මස් විතරක් නොවේ, මව් කිරිත් නොබීබු ගානට තමයි මෙතන කතා කරන්නේ? අම්මට වත් නොමැති අනුකම්පාවක් කිකිලියට දක්වන අය, කුකුල් මස් පමණක් ආහාරයට ගෙන ඇති දැඩි උන අය වගේනේ හැසිරෙන්නේ? මව් කිරි කෙසේ වෙතත් පොර කුකුලන්ගේ මස් කාලා පෝෂණය වූ බව ලියල තියෙන අදහස් වලින් නම් පැහැදිලියි.
මේ කියන්නේ සති දෙකකට කලින් මාලිගා පරිශ්‍රයේ සිදු වූ පින්කමකි. මාලිගා පරිශ්‍රයේ සිටි අහිංසක සුනඛයින් තිස්අටක් මහ රෑ මාලිගා පරිශ්‍රයට පැමිණි මැර පිරිසක් විසින් අතුරුදන් කර මරා දැම්මේ ගරු මහනායක හිමිවරුන් ඇතුළු දියවඩන නිලමේතුමා නොදැනයි. මෙම අහිංසක සුනඛයින් සියල්ල සත්ව සංවිධානයක් විසින් ජලභීතිකා එන්නත් සහ වන්ද්‍යාකරන සැත්කම්ද කර තිබුණි.
මාලිගාව මැදින් පාර හැදුවොත් දස ලක්ෂයක් ජනතාව නුවරට ගෙනත් දළදාව නුවරින් ඉවත් කර ජනතා මුදලින් නව මාලිගයක් ගඩලාදෙණියේ හෝ යාපහුවේ ඉදිකර එහි තැන්පත් කරනවා. සමාජ දූෂකයින්ට පාවාදුන්නන්ට තහනම් ප්‍රදේශයක් කරනවා.
පයින් යන්නකෝ එතකොට ඩිසල්, පැට්‍රොල් දුමත් නැහැ, සල්ලිත් ඉතුරුයි..
අන්න හරි නියම විසඳුම... සෙනෙවිරත්න මහත්තයා විසඳුම හරිනේද? දෙපයින් යමු ශරීර සෞඛ්‍යයට හිතකරයි..
තැන්නේකුඹුර - නුවර ප්‍රධාන මාර්ගය මාලිගාව අසලින් ගියා නම් රාජ උදහසට ලක්වෙලා හිස වෙන් වෙනවා. මෙතන පාර හැදුවේ 1815 යටත් කර ගැනීමෙන් පසුවයි. අපි යෝජනා කරන්නේ දළදා මාලිගව වෙනත් ස්ථානයකට ගෙන යායුතු බවයි. ඉන්පසු ඔබතුමන්ලාට කැමති තැනකට පාර හදාගෙන දුම් දමාගෙන යන්න පුළුවන්. අපි ඔය පළාතේ එන්න කැමති නැත. පාවාදීමේ තෝතැන්නක් වූ නිසා බැවිනි.