(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන්ට මෙරට උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීම සඳහා රුපියල් 1,100,000 දක්වා උපරිමයකට යටත්ව ණයක් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(07) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
අයවැය යෝජනාවක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මත කෙරෙන අතර එමගින් රටේ තරුණ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීම අරමුණ වන බවද එහිදී මංගල සමරවීර මහතා කීය.
උසස් පෙළ සමතුන්ට රාජ්‍ය බැංකු මගින් මෙම ණය ඉල්ලුම් කළ හැකි අතර වසර 15කින් එම ණය ගෙවීම සඳහා ඉඩ ලැබෙන බවද එහිදී ඇමතිවරයා පැවසීය.
ඔවුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි මට්ටමේ පාඨමාලා හැදෑරිය හැකි අතර පසුකලෙකදී රැකියාවක් කරමින් තමන් ලබාගත් ණය ගෙවා දැමිය හැකි බවද ඇමතිවරයා කීවේය.
වසරකට සිසුන් 240,000ක් උසස් පෙළ සමත්වන අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නේ ඉන් සිසුන් 30,000ක් පමණක් වන හෙයින් මෙම වැඩපිළිවෙළ රටට අත්‍යවශ්‍ය බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස නම් හොදයි නමුත් නව තරුණ ඡන්දය බලාපොරොත්තුව දෙන අල්ලසක් නොවෙයි නේද
අදහස ඉතා හොඳයි. ඒ වගේම මේ පිළිබඳව නිවැරදිව ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතුයි. පොලිය කුමක්ද. අදාළ ඇප මොනවද ? සම්බන්ධ වන්නේ රජයේ බැංකු නිසා ඉල්ලුම්කරුට හැට පනින තෙක් ණය පෝලිමේ ඉන්න සිදුවෙයිද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම ණයකරු උසස් අධ්‍යාපනය නිමකර බැංකුවට පොලු තබා, ඔස්ට්‍රේලියාවට ඇමෙරිකාවට පැනගතහොත් ඒ ණය ගෙවන්න වෙන්නේද සෙසු බදු ගෙවන්නන්ටය. ණය කොන්දේසි ඉතා පැහැදිලිව ණයකරු අවබෝධ කරගත යුතු අතර අනේ මම මේක ආපසු ගෙවන්න ඕන කියලා දන්නේ නැහැ මොකද්දෝ කොලයකට හීනෙන් අත්සන් කළා මතකයි කියන්න ඉඩ තියන්න එපා. සිසුන්ට මෙවැනි පහසුකම් සෑම දියුණු රටකම ඇති අතර එය ඒ රටවල නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වෙන බව කිව යුතුමය. අපිත් උත්සහ කර බලමු.
ඒ යෝජනාව ගොඩක් හොදයි, වර්තමානයේ උසස් අධ්‍යාපන අවස්ථා සාමාන්‍ය පවුල් වල දරුවන්ට විශාල මුදලක් වියදම් කිරීමට නොහැකි නිසා අහිමි වී ගොස් තිබේ. එම හේතුව නිසා බොහෝ වෙලාවට දක්ෂ දරුවන්ට ඉදිරියට යාමට ඇති මග අවහිර වී ගොස් ඇත. මෙම යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
හොද වැඩසටහනක්. නමුත් මෙය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට නම් හැකිවේද යන්න සැක සහිතය.
මේ රටේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ගැන මම හොඳට දන්නවා. හතරක් පහක් හැර අනෙක් සියල්ල බොරු කරන්නේ. ඒවා ටියුෂන් මඩු වගේ. රජයෙන් දෙන මේ මුදල් ඒවගේ ජාවාරම්කාරයෝ ටිකක් අතට යන්නේ. ලංකාවේ රට පුරාම විහිදුනු හොඳ කාර්මික පුහුණු ආයතන ජාලයක් තියෙනවා. ඒවා තව ටිකක් විධිමත් කරලා ගත්තොත් හැම ළමයකුටම මීට වඩා හොඳ උසස් අධ්‍යාපනයක් දෙන්න පුළුවන්. සමහර කාර්මික පුහුණු ආයතන වලට ගුරුවරු නැත. නිසි කාලසටහනකට අනුව උගන්වන්නේ නැත. ඒ නිසා උසස් පෙළ ලියු ළමයි ඒවාට යන්නේ නැත.
මේ ක්‍රමේ හරිම කාලෝචිතයි. ලෝකයේ හැම දියුණු රටකටම මේ වගේ ක්‍රම තියෙනවා. ඉන්දියාවේ පවා රාජ්‍ය බැංකුවලින් ඉන්දියානු ලක්ෂ දහයක් වගේ මුදල් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ළමයින්ට ලැබෙනවා. ඉන්දියන් කාරයෝ ලෝකේ හැමතැනම රැකියා කරන්නේ ඔවුන් ඒ ලබාගත් දැනුමින්. හැබැයි ඉතින් මේක ලබා ගැනීම තමා ප්රශ්නය ආච්චිලාගේ සීයලාගේ රජතුමාලගෙ ඉදන් අත්සන් ගන්න වෙයිද දන්නෑ
එක හොඳයි රටේ මිනිසුන්ව දැන් තියෙන ණය මදිවට තව තව ණය ගැති භාවය වැඩිකරන්න.
ඔය ණය දෙන්න කලින් ඔවුන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් ආයතන මොනවද? ඒ වගේ ප්‍රමිතිය කොහොමද? මෙම විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුව හෝ රජයේ විශ්ව විද්‍යාල මගින් හෝ කරනවද, අන්තිමට ඔවුන්ට ලැබෙන උපාධිය කුමක්ද? උපාධිය ලංකාවේ පිළිගන්නවද? යන්න සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනතක් මගින් සම්මත කරගත යුතුය. එහෙම නැතුව බැංකු ණය දීලා, බාගෙට අධ්‍යාපනය කරගෙන යන අතරතුරේ රජයේ විශ්වවිද්‍යාලවල සිසුන් උද්ඝෝෂණය කරනවා කියලා මේවා ඉදිරියට එන වෙනත් ආණ්ඩුවකින් නවත්තලා දැම්මොත් වෙන්නේ විශාල විනාශයක් .
අදහස නම් ගොඩක් හොඳයි බොරුවක් නෙවෙයි නේද මේක මේ පිලිබඳ තව තොරතුරු ඕන ගන්නේ කොහොමද ඇප ඕනෙද මුදල් අතට දෙනවාද