සරසවි උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් හිමි නම ඇතුළු 10 කට ඇප බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් බඳවා ගැනීමට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් පසුගියදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට කළ උද්ඝෝෂණයට සම්බන්ධ බව කියමින් අත්අඩංගුවට ගත් කවටයමුණේ සද්ධාතිස්ස හිමි ඇතුළු සරසවි සිසුන් 10 දෙනකු ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (4) නියම කාළේය. 04 May 2018
රත්රන් කුට්ටි සාක්කුවේ ගෙන ආ සිව් දෙනෙක් අත්අඩංගුවට රත්තරන් කුට්ටි 16 ක් තම කලිසම් සාක්කු වල සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ, ඉන්දීය ජාතික ගුවන් මගීන් සිව් දෙනෙකු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 04 May 2018
ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිගේ නඩුව සංශෝධනයට පියවර ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා පුද්ගලික සමාගමක් සමඟ ඇති කරගෙන තිබු ගිවිසුම අනුව කටයුතු නොකිරීමෙන් රජයට රුපියල් මිලියන 64 ක පාඩුවක් සිදු කළ බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සංශෝධනයට පියවර ගන්නා බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීතී අධ්යක්ෂ ගංගා හෙයියන්තුඩුව මහත්මිය අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය. 04 May 2018
මහින්දානන්දට එරෙහි නඩු විභාගය කල් යයි ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 35 ක මුදලක් සාපරාධීව පරිහරණය කළ බවට හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩුව විභාගය ලබන ජුනි මස 06 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද(04) නියෝග කළේය. 04 May 2018
හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ නඩු 5ක විභාගය 23 දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත් කළ යුතු සිය වත්කම් ප්‍රකාශ 2010 වර්ෂයේ සිට 2014 දක්වා කාලයක් ඉදිරිපත් නොකළ බවට හිටපු ක්‍රීඩා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩු පහක විභාගය ලබන 23 වැනිදා සිට ආරම්භ කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (04) නියෝග කළේය. 04 May 2018
බැසිල්ගේ දිවිනැඟුම නඩු විභාගය කල් යයි පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්මේන්තුවේ අරමුදලේ මුදල්වලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක් මුදලක් වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යෙදු ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුලි 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (04) 04 May 2018
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 20 වැනි සංශෝධනය එපා - ජාතික මහා සංඝ නියෝජිත සමුළුව ඉල්ලයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම වහාම නවත්වන ලෙස කොළඹදී ඊයේ පැවැති ජාතික මහා සංඝ නියෝජිත සමුළුවට වැඩම කළ මහා සංඝරත්නය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටියහ. 04 May 2018
ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට - පක්ෂ නායකයෝ තීරණය කරති පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ලබන 8 වැනිදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් 10 වැනිදා (බ්‍රහස්පතින්දා) එක්දින විවාදයක් පැවැත්වීමට ඊයේ (3) උදේ රැස්වුණු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇත. 04 May 2018
ගුවන් ගමන් වාර තුනක ප්‍රමාදයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් ගමන් වාර 03 ක් ප්‍රමාද වන බව ගුවන්තොටුපොළ බලධාරීන් අද (04) නිවේදනය කර ඇත. 04 May 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ් කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 04 May 2018
ඇමතිකමක් නොලැබීම ගැන පියසේන ගමගේ කනස්සල්ලෙන් කැබිනට් සංශෝධනයේදී යළිත් වරක් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දීම සඳහා තමන්ට ආරාධනා ලැබුණු බැවින් ඇමතිවරුන් දිව්රුම් දෙන අවස්ථාවට තමන් සම්බන්ධ නොවූ බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2018
ජපුර හිටපු නගරාධිපතිගේ පෙත්සම අස්කරගනි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සඳහා මන්ත්‍රී ධුර බෙදී ගිය ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු නගරාධිපති ජනක රණවක මහතා ගොනු කළ රිට් පෙත්සම ඉල්ලා අස්කරගන්නා බව අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී. 03 May 2018
ජනපති කාර්ය මණ්ඩල ප්රධානිගේ වැඩ තහනම් මෙරටදී ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එම් කේ මහානාම මහතාගේ වැඩ තහනම් කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 03 May 2018
අල්ලස් ගත්තැයි ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපති අත්අඩංගුවට මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ. 03 May 2018
කැබිනට් සංශෝධනය ගැන ඇමැති අලුවිහාරේ කනස්සල්ලෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු ආණ්ඩු පත් කිරිමට පමණක් මාතලේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා බවත් සිදුවු කැබිනට් සංශෝධනය පිළිබදව කනස්සල්ලෙන් පසුවන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද (03) දා මාතලේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය. 03 May 2018
කාගීල්ස් ආයතනය නවගත්තේගම වට්ටක්කා සේරම මිලදී ගනී නවගත්තේගම කොන්කඩවල සහ ගාමිණි පුර වට්ටක්කා ගොවින්ගේ වට්ටක්කා වගාව අලෙවි කර ගැනීමට නොහැකිව විනාශ වූ බව ප්රවෘත්ති පළ වීමත් සමඟ එම වට්ටක්කා මිලදී ගැනීමට කාගීල්ස් ආයතනය ඉදිරිපත් වී තිබේ. 03 May 2018
ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක ගුවන් ගමන් ප්‍රමාදයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කිහිපයක ඇති වූ අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් අද (03) ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද කිරීමට සිදු වු බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි. 03 May 2018
තාජුඩීන් ලුහුබැන්ද පුද්ගලයා අඳුරගන්න බැහැලු රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය වීමට පෙර ඔහු ලූහුබඳින සැක සහිත පුද්ගලයාගේ දේහ ප්‍රමාණය මූලික කර ගනිමින් නිගමනයක් ඉදිරිපත් කළ නොහැකි බවත්, ඔහුගේ දේහයේ විශේෂිත ලාක්ෂණික වෙනස්කමක් හඳුනා ගැනීමට නොහැකි වූ බවත් ආණ්ඩුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂක එස්. ඒ. බටකන්ද මහතා වාර්තා කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 03 May 2018
මහඇමැතිගෙන් විදුහල්පතිනියට බලපෑම් ආ බව පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව කියයි ඌව පළාත් මහ ඇමැතිවරයාගෙන් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනියට කලක් තිස්සේ බලපෑම් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කෙරුණු අනුකමිටුවක වාර්තාවේ නිරීක්ෂණවල සඳහන් වේ. 03 May 2018
ලංකාවේ ඇනකොන්ඩා පැටවුන් 2ක් ඉන්දියාවට ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිටි ඇනකොන්ඩා පැටවුන් දෙදෙනෙකු ඉන්දියාවට ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්තා කර ඇත. 03 May 2018
වැටුප් නැතැයි ගිංතොට තුනී ලෑලී සමාගම් සේවකයෝ පාරට බසිති ගිංතොට තුනිලෑලි පෞද්ගලික සමාගමේ සේවකයින්ට මාස දෙකක වැටුප් ලැබි නොමැති බව එම සේවකයෝ පවසති. මාර්තු හා අප්‍රේල් යන මාසවල වැටුප් නොලැබුණු බව පවසන එම සේවකයෝ මේ හේතුවෙන් ඔවුන් දැඩි අසරණ තත්වයට පත්ව ඇතැයිද සඳහන් කරති. 03 May 2018
බාල තේ නිෂ්පාදනය ගැන සිදු කෙරෙන පරීක්ෂණ ගැන පසු විපරමක් ඇතැම් කම්හල් සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කර බාල තේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් තමන් සිදුකරන පරීක්ෂණ ක්‍රමවේදය ගැන පසු විපරමක් කිරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. 03 May 2018
මෙවර කැබිනට් සංශෝධන මේ රජයේ අවසන් සංශෝධනයයි - දුමින්ද මෙවර කැබිනට් සංශෝධනය වත්මන් රජයේ අවසන් කැබිනට් සංශෝධනය බවට පත්කරගෙන ඉදිරි කෙටි කාලයේ දී රට හා ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළ යුතු යැයි නව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම ධූරයේ වැඩ භාරගනිමින් පැවසීය. 03 May 2018
රන් සම්මානය සොයන්න නියොජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විමර්ශනයක් හෙළයේ මහා සිනමාකරු අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් ලැබුණු රණමයුර සම්මානය ඒ මහතාගේ ආදාහනය සිදුවූ ඊයේ (02) දිනයේදී අතුරදන් වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 03 May 2018
නේවි සම්පත් අල්ලන්න මහජන සහාය පතයි සිවිල් වැසියන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවකු අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. 03 May 2018
‘ඇමැති නිල රිය භාවිත කළේ දින 8 යි‘: සරත් ෆොන්සේකා අමාත්‍යවරයකු ලෙස තමාට ලබාදුන් මෝටර් රථය ධාවනයට යොදවා ඇත්තේ දවස් 7 හෝ 8 ක් පමණක් බව තිරසාර සංවර්ධන වනජීවි හා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා අද (3) පැවසීය. 03 May 2018
‘ග්ලයිෆෙසේට් තහනහම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමන් දන්නෙත් නෑ‘ - රතන හිමි ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේ තමන් එවැනි තීරණයක් නොගත්තේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසූ බවත් ඒ පිළීබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් විමසු අවස්ථාවේ තමන් කිසිවක් නොදන්නා බව ඔහු ද පැවැසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 03 May 2018
තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණයට හිටපු ජනපතිගේ පවුලේ ආරක්ෂකයන් ගැනත් සොයයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට වසර 3 1/2ක් පුරා ආරක්ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන රගර් කී‍්‍රඩක මොහොමඞ් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 03 May 2018
උතුරු ඉන්දියාවේ දුවිලි කුණාටුවෙන් 76 ක් මරුට උතුරු ඉන්දියාවේ රාජස්ථාන් හා උත්තර් ප්‍රදේශ් හරහා හමා ගිය ප්රචණ්ඩ දූවිලි කුණාටුවක් හේතුවෙන් 76 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 03 May 2018
ශ්‍රීලනිප 16 දෙනා අපිත් එක්ක එක්වන බවට නිල දැනුම් දීමක් තවම නෑ. - ජී.එල්. කියයි අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වන බවට තවමත් දැනුම් දීමක් කර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (4) පැවැසීය. 03 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026