(නිමල කොඩිතුවක්කු)
මාර්තු 12 ව්‍යාපාරයේ 04 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘‘ අපේ සිහින ජනපති’’ වැඩසටහන හෙට (12)පෙරවරු 10.00ට කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී ආරම්භ කරන බව එහි මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.
අනාගතයේදි පත්වන ජනාධිපතිවරයා කවර ආකාරයක පුද්ගලයෙක් විය යුතුද යන්න සම්බන්දයෙන් ජනතාව තුළ සංවාදයක් ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මැතිවරන ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බනධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.
ගොවි, කම්කරු, ධීවර ආදී විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන පිරිස් මෙන්ම විද්වතුන්ගෙන්, කලාකරුවන්ගෙන්, මාධ්‍යවේදින්ගෙන්, දේශපාලඥයන් ආදි සියලු පාර්ශවයන්ගේ අදහස් ලබා ගනිමින් මේ සම්බන්ධයෙන් පුළුල් මහජන කතාකාවක් ආරම්භ කරන බවද ඔහු පැවැසීය.
මාර්තු 12 ව්‍යාපාරය ලෙස එම සංවාදය රට පුරා ගෙනයාමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ඒ මහතා එම අදහස් ඇතුළත් යෝජනාවක් ඉදිරි ජනාධිපතිවරණයට පෙරාතුව දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
‘‘මාර්තු 12 ව්‍යාපාරය’’ යනු රටේ පිරිසිදු දේශපාලන සංස්කාතියක් වෙනුවෙන් පැෆරල් සංවිධානය, මැතිවරන ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ට‍්‍රන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැනි සංවිධාන රාශියක් එක්ව ගොඩනගන ලද සංවිධානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාමත් ඔබ සිහිනයක් වෙයි
දැන් ඔක්කොම සිහින දේවල්. සිහින ගෙවල්, සිහින අයවැය, සිහින ජනපති... බලනකොට ඔක්කොම ගංජා ගහලා වගේ තමයි... (කොකෙන් නම් නෙවෙයි).
අනාගතේ අප රටේ මුල් පුරවැසිය විය යුත්තේ "දේශපාලඥයා" යන වැදගත් වචනයේ නියම අර්ථය අනුව ක්‍රියා කරන නිහතමානි මෙන්ම තම නම බෝඩ් ලෑලිවල, කොන්ක්‍රීට්වල මහජන මුදලින් ලියා නොගන්න නිකරුනේ විවෘත කිරීම්වලට, අරකට, මේකට මහජන මුදල් කාබාසිනියා නොකරන කෙටියන් පවසනවා නම් අහිංසක මහජන බදුමුදල්වලින් පවුල් පිටින් ජීවිතේ ගැටගසා ගැනීමට බලාපොරොත්තු නොවෙන පුරවැසියකුය. දැනට පවතින " 225ක්වූ ගව පට්ටියේ " ඒ සඳහා එක ගවයෙක්වත් නැති බවටත් කීමට කැමැත්තෙමු.
දැන් ඉන්න එක්කෙනා පටන් ගත්ත දවසේ පටන් දකින සිහින හරි මදිද....?