( නිමන්ති රණසිංහ)


බොරැල්ල  පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත් කළ රිය අනතුරට සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඩිෆෙන්ඩරයේ රියදුරු   ලබන මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එ.ඒ.ජි.එස් සී . පෙරේරා මහත්මිය අද නියෝග කළාය.
 

 හඳුනා ගැනීමේ පෙරට්ටුවට ද ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද,  සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්ථාවක්ද එදිනට ඉදිරිපත් කරන ලෙසද  පොලීසියට නියෝග කළාය.
 
 සිද්ධිය වු අවස්ථාවේදී එම රියට පිටුපසින් පැමිණි අනෙක් රිය සම්බන්ධයෙන්ද  සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.