(බිඟුන් මේනක ගමගේ)
වැලි ජාවාරම්කරුවන්ට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් අතලොස්සක් ද සහාය දක්වන බවට එහි සභාපති අසේල ඉද්දවෙල මහතා චෝදනා කරයි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යනු වැලි පස් ජාවාරමට බලපත් නිකුත් කරන ඒජන්සියක් නොවන්නේ යැයි කී හෙතෙම එම තත්ත්වයෙන් ආයතනය නිවැරැදි මාවතට අවතීර්ණ කරන්නට යෑමේදී තමාට අභ්‍යන්තර ප්‍රහාරයකට ලක්වන්නට ද සිදුව ඇතැයි අවධාරණය කළේය.
මෙසේ වැලි ජාවාරම් කරුවන්ට සහාය දක්වන්නේ ආයතනයේ අතලොස්සක පිරිසක් යැයි ද තමා ඊට යට නොවන්නේ යැයි ද ඉද්දවෙල මහතා පැවසීය.
හරිත වැලි තොටුපළ සංකල්පය පොළොන්නරුව හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අසාර්ථක වී ඇති බව තමා පිළිගන්නේ යැයි ද කවර බාධක පැමිණිය ද වැලි මාෆියාවට නීතියේ ඇසට වැලි ගසන්නට ඉඩ නොදෙන්නේ යැයි ද සභාපතිවරයා කීය.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා දැනුවත් කළේ යැයිද ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොළොන්නරුවේ ලක්ෂ උයන පැත්තේ අයගේ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?
වැලි සහ පස් අද ආණ්ඩුවේ පොලක් කරගෙන ජාවාරම් කාරයෝ ගිනිගණන් වලට ජනතාවට විකුණනවා... දුප්පත් මිනිහෙක් ගෙයක් හදාගන්නේ කොහොමද?
"..තමා ඊට යට නොවන්නේ යැයිද ඉද්දවෙල මහතා පැවසීය." සභාපතිලා දන්නේ යටත් නොවී ඉන්නයි කියලද හිතාගෙන ඉන්නේ...? පන්නලා දාන්නකෝ ඔය රැල රොත්ත පිටින්...
ඕනෑම ආයතනයක ආයතන සංග්‍රහයක් කියල දෙයක් තියෙන බව මේ උසස් නිලධාරියා දන්නේ නැද්ද? නොදන්නවාද? ආයතන සංග්‍රහයේ තියෙන නීතිරීති ගැන හොඳ අවබෝධයක් තිබේ නම් එයම ඇති එවන් තක්කඩියන්ව සදහටම මෙම ආයතනයෙන් පන්නා දමන්න.
රාජ්‍ය ආයතන වල ඉන්නා තක්කඩියන් එහි ප්‍රධානීන්ට ඇහුම්කම් නොදීම සහ ඔවුනට ඇති දේශපාලන බලය අයතා අයුරින් පාවිච්චි කිරීම රටට සිදුවන මහා විසාල නස්පැත්ති යකි.සමහර ආයතන වල ලොක්කන්ගේ ජීවිත පවා අහිමි කල අවස්ථාද අප හට පහුගිය සමයේ අසන්නට ලැබුනේ ඒ නිසාවෙන්.ඉතින් දේශපාලන බහුබූතයෝ සමගින් එවන් කාර්යයක් කිරීම ලෙහෙසි පහසු වැඩක් නොවේ.
හා ඇත්තද? ඔය වැඩේ ඊයේ පෙරේදා පටන්ගත්ත එකක්ද? පළමුදා නැතිනම් ඊට පළමුදා පටන්ගත්ත එකක්ද? ඔබතුමා ඔය තනතුරේ කොතෙක් කල් ඉන්නවාද?
ගැඹුරු මුහුදින් වැලි පොම්පකර පිරිසිදු කර වෙළඳපලට බෙදා හැරිම කරන්න බැරිද ? නිකන් දූෂිත නිලධාරියෝ පොහොසත් කරන්නේ නැතුව ඉන්න...