(තරිදු ජයවර්ධන)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය ඇගයීමට ලක් කළ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියට පෙර ලබා දී තිබූ ‘බී‘ සාමාර්ථය වෙනුවට ‘ඒ ‘ සාමාර්ථයක් ලැබී ඇතැයි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
මුල්ලේරියාවේ පදිංචි මුදලිගේ දෝන කවිතා සඳමිණි වීරසිංහ නැමැති සිසුවියකට වසර 5 කට පසු මෙම නව ඒ සාමාර්ථය හිමි වී තිබේ.
2013 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇයට එම වසරේ ප්‍රතිඵලය ලෙස ඒ සාමාර්ථ 8 ක් සහ බී සාමාර්ථයක් ලැබී තිබිණි. නමුත් එම බී සාමාර්ථය ‘ඒ‘ සාමාර්ථයක් ලෙස වෙනස් විය යුතු බවට සඳහන් කරමින් ඇය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය .
වසර 5 ක් පුරා පැවැති නඩුවේ තීන්දුව 2019 ජනවාරී 16 වැනිදා ප්‍රකාශයට පත් කළ අතර ඇයගේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය යළි ස්වාධින කමිටුවක් හරහා ඇගයීමකට ලක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් 3012513 දරණ විභාග අංකය යටතේ 2013 වසරේදී විභාගයට පෙනී සිටි ඇයගේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය යළි පිරික්සු අතර එමගින් මීට පෙර ඇයට ලබා දී තිබු බී සාමාර්ථය ඒ සාමාර්ථයක් ලෙස සංශෝධනය වු බව විභාග කොමසාරිස්වරයා දන්වා තිබේ.
ඒ අනුව ඒ සාමාර්ථ නවයක් සහිත ඇගේ සංශෝධිත විභාග ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුව මගින් ඇයට යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග දෙපාර්තමේන්තුව හොරා ගැහුවා. අනෙක් හොර ගුහාව තමයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒකේ වැඩකරන බොහෝමයක් අයගේ ළමයි කැම්පස්වල...
මේ විදියට ළමයින් කී දෙනෙක්ගේ ජීවිතය අඳුරට ඇද දමන්න ඇතිද? වගකිව යුත්තෝ කව්රුද?
අපගේ නීතිය තවතවත් ඉහළින් දිනේවා.... ජනපතිගේ පවා වරදවරද සේ දැක නොබියව තීන්දු තීරණ දුන් ගරු අධිකරණය දිනේවා...!!! මේ සත් ක්‍රියාවෙන්ද ගරු අධිකරණය කොට ඇත්තේ අගනා සේවයකි. වරද නොඉවසා ඊට නිසි පියවර ගත් මේ දිරිය විශාඛා දියණියට අපගේ හදපිරි ආචාරය... විභාග දෙපාර්තමේන්තුව සහ එවකට සිටි අධ්යක්ෂ ජනරාල් වරයාත්, එම ප්‍රශ්න පත්‍රය බැලූ පරීක්ෂකයන්ද සැබවින්ම ලැජ්ජා විය යුතුය. මේ රටේ විභාග ප්‍රතිඵල ගැන කෙසේ විශ්වාසය තබමුද?
විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න හොරු... ඔය අය කිරිමුට්ටියටයි, පැණි බෝතලේටයි ප්‍රතිඵල වෙනස්කරන එවුන්... මම කියන්නේ බොරුනම් මම ඕනෑතැනක කියන්න.. මම ලෑස්තියි... විභාග ලියන දරුවන්ට දෙයියන්ගේ පිහිටයි.
මම 1988 වර්ෂයේ ඉංග්‍රීසි ගුරුපීඨ සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පලවෙනි තැන ගත් බව විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගතිමි. එහෙත් මට කිසිම කැඳවීමක් නොලැබිණි. යන්තම් ඉයස් නෝ කියාගන්න දත් උදවියට පස්සා දොරින් සිසුන්ගේ අනාගතය භාර දුනි. මම අද බටහිර රටක පරිපාලන නිලධාරිනියක ලෙස කටයුතු කරන්නේ මට නිසි තැන අහිමි කල ලංකාවේ විභාගවලට පින්දෙමිනි. පාඩුව සිදු වුයේ මට නෙමෙයි. මම රට හැරයාමට සිත හදාගත්තේ ගුරු විභාගයේ අමන සාවද්‍ය ප්‍රතිඵලය ලැබුණුදාය...
කොළඹ වැනි නගරබද ප්‍රදේශ වල සිසුන්ගේ "ඇති හැකි" දෙමව්පියන් විසින් මෙවැනි නඩු ගොනු කර තමන්ට අවශ්‍ය විභාග ප්‍රතිපල ලබා ගන්නවා. ඉතින්, රටේ අනිකුත් ප්‍රදේශ වල වසන සිසුන්ට දෙවියන්ගේම පිහිටයි. ලංකාව වැනි රට ඉපදීමට ලැබීම මහා පවක් කියලයි මම හිතන්නේ.
තවත් මෙවැනි අසාධාරණ කම් වුන සිසු සිසුවියන් කොපමණ සිටිය හැකිද ? මෙවැනි දේවල් නිසා සිසුන්ට ඉදිරියට යා හැකි මාවත් කොපමණ වැසී ගොස් ඇතිද ? ඉහත සිසුවිය ගත් ක්‍රියාමාර්ගය නිසා පමා වී හෝ සාධාරණයක් ඉටු වීම ගැන සතුටු විය යුතුය. නමුත් මෙවැනි නඩුවක් වසර 5ක් වැනි දිගු කලක් යාම පිළිබද සතුටු විය නොහැක.
විභාග දෙපාර්තමේන්තුව හොර ගුහාවක්, ඕක ලංකාවම දන්නා කාරණයක්.
මගෙ උසස්පෙල සාමාන්‍ය ඉංග්‍රීසි වලට තිබ්බෙ “S” එකක්. හැබැයි ඒ කාලෙම අයි ඊ එල් ටී එස් කරලා 5.5 හෝ ඊට වැඩි ගානක් තිබුනා. මට හිතෙනවා අඩුම සී එකක්වත් තියෙන්න ඇති කියලා. මේ ප්‍රශ්නෙ විසදන්න හොඳම විදිය තමා ප්‍රශ්න පත්තරේට ලකුණු දීපු විදිය ඕනෙ කෙනෙක්ට බලාගන්න දීම.
1960 ගණන් වල ලැබූ සම්මාන 5 මේ ඒ සම්මාන 9 වඩා වටිනවා. ඒ කාලේ අධිසම්මාන (ඩිස්ටින්ෂන්) 8 ලබා සිටි එකම පුද්ගලයා පූජ්‍ය පීටර්පිල්ලේ පියතුමාය.
බමුණු කට ඇරියොත් අනුන්ව හෙලා දකිනවා. ඒ කාලයේ නෙවෙයි මේ කාලයේ වුනත් කෙනෙකුට අසාධාරණයක් වුනොත් එය සුදුසු නැහැ. හොඳයි ඒ කාලයේ අයට පරිගණයක් භාවිතයට දැනුමක් නැහැ කියලා කිව්වොත් හරිද ?
බලපු කෙනා එක්කෝ ඉංග්‍රීසි දන්නේ නෑ නැත්නම් කුහක කමට අඩු ලකුණු දුන්න වෙන්න පුළුවන්.
අපට තිබුන බ්‍රිටිෂ් අධ්‍යාපන ක්‍රමය වෙනස් කොරලා හදා ගත්ත අධ්‍යාපන නිසා අපේ ළමයි දෙලොවක් අතර තනි උනා. දැන් බුරුතුගණන් ළමයි දශලක්ෂ ගණන් වියදම් කරමින් බ්‍රිටිෂ් උපාධි සොයනවා. ඒ කාලේ කොම්පුටර් නොතිබුණ බව ඇත්ත. නමුත් මෙහෙ කොම්පියුටර් පටන් ගන්න දැනුමැති පුද්ගලයින් පිටසක්වලින් ගෙනාවේ නැත. කොම්පියුටර් වලට අත තිබ්බේ පාසල් වල කොම්පියුටර් ඉගෙන නොගත් අයයි එකත් මතක තියා ගන්න. මම කොම්පුටර් එකකට අත තිබ්බේ 1983 කාලයේ. ඒකාලයේ ඩෙස්ක්ටොප් කොම්පුටර් තිබුනේ නැත. තිබුනේ මෛන්ෆ්රේම් කොම්පුටර්. ඒගැන විස්තර ලියා වැඩක් නොවන නිසා නොලියමි.