(නිමල කොඩිතුවක්කු)
හදිසි අනතුරකින් මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අනතුර සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින පුද්ගලයා මේ සිද්දියේ සැකකරු බවට අනාවරණාය කරගෙන ඇති බවත් හදුනාගැනිමේ පෙරට්ටුව අවසන් වු වහාම ඔහු, ඒ රථය පැදවු බවට විවිධ කැමරා මගින් ලබාගත් විඩියෝ සාක්ෂි මාධ්‍යට මුදා හැරීමට බලාපොරොත්තු වන බවත් රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කොළඹදී පැවැසිය.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විවිධ කටකතා, ප්රවෘත්ති බැහැර කරන ලෙසට ඉල්ලිමක් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ෆේස්බුක් ඔස්සේ එවැනි දේ ප්‍රචාරය කරන 15කගේ පමණ ලිපිනයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ නඩුවේ සාක්ෂි කරුවන් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පැවැසීය.
පොලිස් මූලස්ථානයේ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහන මහතා මේ බව පැවැසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද කිය.
‘‘බම්බලපිටිය බෞධාලෝක මාවත සහ ඩුප්ලිකේෂන් පාරේ ඇති සංඥා ලාම්පුවල දැල්වීම පිලිබඳ කොළඹ නගර සභාවේ අදාල විශේෂඥ ඉංජිනේරුවාගේ ප්‍රකාශයක් ලබා ගතත්තා. ඒ අනුව රතු එලිය දැල්වෙන අවස්ථාවේ මෙම ඩිෆෙන්ඩර් රථය ගමන් කරලා තියෙනවා. ඒ සම්බන්දයෙන් අපි අවධානය යොමු කරලා තවත් පරික්ෂන මෙහෙයවනවා.
මේ මරණ පරිකෂණයේ සාක්ෂි මෙහෙයවලා අධිකරනය ලබා දෙන තිරණය අනුව ඉදිරියේදි අදාල සැකකරු සහ ඊට සම්බන්ද අනික් පුද්ගලයන්ට විරුද්දව අපි ක්‍රියා කිරිමට බලාපොරොත්තු වෙනවා.
සිද්දිය සම්බන්දයෙන් රිමාන්ඞ් බාරයේ සිටින පුද්ගලයා මේ සිද්දියේ සැකකරු බවට අපි පුද්ගල සාක්ෂි සහ විඩියෝ සාක්ෂි මගින් අනාවරනය කරගෙන තියෙනවා. ඒ නිසා සමාජ මාධය ඔස්සේ ප්‍රචාරය වන විවිධ කටකතා, ප්රවෘත්ති බැහැර කරන ලෙසට අපි ඉල්ලිමක් කරනවා.
මේ සිද්දියෙන් අපේ සහෝදර නිලධාරියෙක් මියගියා. ඒ වගේම අපේ සහෝදර නිළධාරියෙකුගේ පුතෙක් එම රිය පදවා තිබුනා.
අපි මේ සිද්දිය සම්බන්දව සියයට සියයක් විනිවිද භාවයෙන් කටයුතු කරලා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ’’ යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ විනිවිද භාවය නම් ඔප්පු කරලා පෙන්වනවා... කරන මෙහෙයුම් වලින්, එතරම් මහන්සි වී වැඩකරලා අධිකරණයට පෙන්නුවත් අධිකරණය කියනවා. පිළිගන්න බැහැ සාක්ෂි මදි.... පරස්පර විරෝධියි. එහෙම කියන්න හේතුව වරද ඉහළ පැලැන්තියේ කෙනෙක් වුනොත් මේ දේවල් අධිකරණයෙන් අහන්න පුළුවන්... නමුත් දුප්පත් ජනයාගේ නඩුවලදී සාක්ෂි ප්‍රමාණවත් පොලිස්පතිතුමා අැතුලු නිලධාරීන්ට පුළුවන්නේ නැගී සිටින්න. අසාධාරණ නඩුවලදී ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් මුදල් අතේ ගැවසෙන අයට නීතිය ක්‍රියාත්මක නොවෙද්දී අධිකරණයට ජනතාව බයයි. අපේ රටේ අධිකරණය අතේ මුදල් ගැවසෙන, බලය තියෙන අයට බයයි. ලැජ්ජයි නේද?
අපි නං ඔය විනිවිදේ ගැන හොඳට දන්නවා. එයාට වැඩේ ගොඩ දාන්න බාර දුන්නා කියලා අපිට ආරංචියි. එතුමා ටයි කෝට් ඇඳලා උසාවියට ගියේ. මේ ජාතියේ වෙනත් නඩු වලටත් එතුමා උසාවි යනවද, ෆුල් සූට් එකෙන්ද යන්නේ? රජ පුටුවෙන් දුන්න ඕඩරේ නිසයි එයාගේ ලොක්කටත් නොකියා වැඩේට ගියේ...
අනේ ඉතිං ඒ තරමටම අවංක දෙපාර්තමේන්තුව ඕක...
මෙයා කාවදෝ හංගන්න හදනවා කියලා දැනෙන්නේ මට විතරද? නීතිය අකුරටම ඉටු කරමු.
හිතවත් මාධ්‍ය ප්‍රකාශක මහත්මයාණෙනි, ඔබ ඉතාමත්ම වෘත්තීමය ආකාරයට මෙහිදී අදහස් දැක්වීම ගැන ප්‍රශංසා කළයුතුමයි. පොලිසිය දැන් ඉන්නේ මධ්‍යස්ථ අවස්ථාවක බව අපි මොහොතකට උපකල්පනය කරමුකෝ. එතකොට නීතිපති කියන්නේ කුමක්ද කියා ඔබට කියන්න බැහැනේ. කවුද කෙනෙක් ඊයේ පෙරේදා කීවා " පොලිසියට පුළුවන් දඩමස් ගොරකා කරන්නත් - ගොරකා දඩ මස් කරන්නත් කියලා. ඒ වගේම තමයි නීතිපතිටත්. එයාටත් පුළුවනි නීතියේ ගැටයක් පටලවලා ඔය ඕනෑම කෙනෙක්ව උපාසකයෙක් කරලා නීතිය හමුවේදී නිදහස්වෙලා යන තැනට ගැටයක් ගහන්න. නීතිපති ඒ ගැට ගහන්නේ පොඩි මිනිසුන්ගේ පොල් ගෙඩි හොරකමකට වැනි " මහා විශාල " අපරාධයකට නොවෙයි. ඔය දියවන්නාවේ ඉන්න " හිඟන්නන් " ඔවුන්ගේ හිඟන දරුවන්, ඔවුන්ගේ හිඟන බිරින්දෑවරුන් වැනි අය අතින් " ..අත්වැරදීමකින් සිදුවන සුළු සුළු ..වැරදි " වලින් ඔවුන්ට පහසුවෙන් නීතියෙන් බේරී යාම සඳහායි. මම හොඳින්ම විශ්වාස කරනවා ඔය අපරාධයට සම්බන්ධ " අහිංසක හිඟන දරුවන් රැල " නීතියට ලස්සනට කොකා පෙන්වලා, මහා හිඟන්නන්ගේ ඩිෆෙන්ඩර් වලින්ම ඔවුන්ගේ හිඟන ගුබ්බෑයම් වෙත යාවී කියලා. මාධ්‍ය ප්‍රකාශක මහත්මයාණෙනි, එයයි අපේ රටේ අවාසනාව.
එකඑකාට ගොට්ට අල්ලලා තනතුරු ගත්තට එවුන්ගෙන් මොන සාධාරණයක්ද බලාපොරොත්තු වෙන්නද ලොක්කා...?
මේ රට කරවන්නේ කවුද යන්න මට ප්‍රශ්නයක්. සමහරවිට දේශපාලකයන්ගේ හෙන්චයියෝ යයි සිතේ. පාරේ හෝ මහජනතාව ගැවසෙන පොදු ස්ථානයක කාට හෝ අගතියක් සිදු වී නම් ඒ පසුපස අණක් ගුණක් නැතිව ඇති දැඩි වුන දේශපාලක දරුවෙකු සිටිනවා. තමන්ගේ දරුවන් මෙල්ල කරගන්න බැරි පියවරුන්ට රට බලා ගන්න පවරා දීපු මහජනතාව දැන් ඉතින් ප්‍රතිපල භුක්ති විඳිනවා. මියගිය නිලධාරියාගේ පවුලට අපේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.
. මියගිය නිලදාරියාට සේම ඔහුට මේ තත්වය උදාකළ යට සහ අනුබල දුන් සැමට නිවන් සැප ලැබේවා...!
තව තවත් පොලිසියේ උන් VIP වාහන වලට හැපී මරු දැකීම මගේ පැතුමයි .. නීතිය අබියෝගයට ලක්වන්නේ එවිට පමණයි .. පොඩි එකා මරුන විට නීතිය බලවත් එකාට පමණයි
දැන් මේවාට අනේ අපොයි කියන මිනිස්සුත් යට වෙලාම යන්න ඉඩ තිබෙන බව ආරන්ච්යි . ඒ නිසා කට්ටිය ප්‍රවේශමෙන් අදහස් ප්‍රකාශ කරන එක ඇඟට ගුණයි.
හුඟ දෙනෙක්ට මහින්දානන්දගේ පුතා වාහනය එලවපු නැති එක හෝ එසේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා!
විනිවිද භාවය පෙන්නන්න නේද උසාවියේ දොරවල් වහල නඩුව අහල ඇප දුන්නේ.
ඊයේ (9) රාත්‍රියේද මහින්දානන්දගේ පුත්‍රයා ඔය අංකය WP FZ 9143 දරණ ඩිෆෙන්ඩර් රථය පදවමින් යනවා කොළඹ සිටි ට්‍රැෆික් අංශයට දකින්නට ලැබී ඇති බව තවත් වෙබ් අඩවියක් වාර්තා කරයි. එය ඇත්තක්ද ?
පොලිසියේ විනිවිද භාවය පේනවා ලාල්කාන්තගේ සිද්ධියෙන්, රත්තොට ව්‍යාපාරිකයින් පැහැර ගැනීමේ සිද්ධියෙන්, අඟුලාන සිද්ධියෙන්, පෞද්ගලික බස් රථ වලට අදාලව නීතිය ක්‍රියාත්මක කරන ආකාරයෙන්, ඉහල නිලධාරීන් පහළ නිලධාරියෙකුට කනට ගැසීමේ සිද්ධියෙන්. අපේ දහදුරා දේශපාලකයෝ පොලිසියට කොච්චර යුතු බලපෑම් කරනවද? නීති විරෝධී වැඩ කරන තමන්ගේ හෙන්චයියෝ බේරගන්න...
ලංකාව හදන්න නම් නීතිය හැමෝටම එකවෙන්න ඕනේ.. එ්ක තමයි මුලින්ම කරන්න ඕනේ... නැතුව එක එක්කෙනාට ඕනේ විදිහට නීතිය නමන්න දෙන්න බැහැ.. මේවා අවට ගියාට කරන්න බැහැ. පරිපාලනය (දේශපාලනය) හරියට කරන අවංක කෙනෙක් නායකත්වය ගන්න කාලය දැන් හරි. අපි බලාගෙන ඉමු. එහෙම කෙනෙක් එනතුරු...
ඔය ෆේස් බූක් සමාජ ජාල කට්ටියට අනියමින් කරන තර්ජනයක් නේද? මාධ්‍ය ප්‍රකාශකතුමා කරන්නේ? ඊළඟට ඔය නඩුව පැත්තක තියෙද්දී ෆේස් බුක් කට්ටිය පස්සේ සාක්කි හොයාගෙන යන්නද හදන්නේ? උසාවියේදී නිකම් සවුත්තු වෙන්න. රටේ පිරිහීමට එක හේතුවක් තමයි දේශපාලන පුතාලා කියන්නේ... මොකද මහා එවුන් පුළුවන් තරම් හොර මර තක්කඩි වැඩකරලා සල්ලි හම්බ කරනවා. ඔවුන්ගේ පුත්තුන්ට රාත්‍රී සමාජශාලා වලට ගිහින් ජවුසම් නටලා බීලා වෙරිවෙලා විනෝද වෙන්න. මේ එකෙකුටවත් රට දියුණුව කරා අරන් යන දැක්මක් නැහැ. අපේ රටේ සමාජය මේක තේරුම් අරගන්නේ නැතිවීම මහා අවාසනාවක්...
මෙතන පුද්ගල ඝාතනයක් සිදුවීමට අදාල තීන්දුවක් රියදුරුට ලැබෙන්න ඕනේ
කට ඇන්ඩ් පේස්ට් කරලා පොලිසිය ඕනා විදිහට හදාගනීවී විඩියෝ සාක්ෂි.
තමන්ගේ දරුවන් මෙල්ල කරගන්න බැරි පියවරුන්ට රට බලා ගන්න පවරා දීපු මහජනතාව දැන් ඉතින් ප්‍රතිඵල භුක්ති විඳිනවා. දැන්වත් ඇති කියපල්ලා. ඊළඟ ඡන්දයේදී මේ අය පරාජය කරන්න...