විදේශ සේවයට අලුතෙන් 21 ක් ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරීන් 21 දෙනකු අලුතින් බඳවා ගනු ලැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 03 May 2018
ලංකාවෙන් රත්රන් ඉන්දියාවට ගෙන ගිය 6 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගිය රත්රන් කිලෝ ග්‍රෑම් 32කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ‘‘ඉන්දියා ටුඩේ ‘‘ පුවත් වෙබ් අඩවිය අද (03) වාර්තා කළේය. 03 May 2018
කුලියාපිටියේ දී සිසුවාට පහර දුන් සිද්ධියේ පොලිස් පරික්ෂණ අරඹයි පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රීලනිපයෙන් තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයකු අමානුෂිය අන්දමින් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යයකුට යම් සිද්ධියක් මුල්කර ගනිමින් පහරදුන් ආකාරය සටහන්ව තිබූ සීසීටීවී දර්ශන ඊයේ (2) මාධ්‍යට නිකුත් විය. 03 May 2018
කණ්ඩාවලෙයි ප්‍රා.ලේ.කා. භූමියේ හමු වු බෝම්බ කොටි සංවිධානයට අයත් බව තහවුරුයි කිලිනොච්චිය- කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙන් හමු වූ අමුතු ආකාරයේ බෝම්බ යුද සමයේදී කොටි සංවිධානය නිෂ්පාදනය කළ ඒවා බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 03 May 2018
සර්වඥ ධාතුන් වහන්සේලා නැවත ඉන්දියාවට වැඩම කරවති ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සිට පසුගිය දින ගුවන් මගින් මෙරටට වැඩම කරවු ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා මූලගන්ධිකුටි විහාරයට නැවත වැඩම කරවීම සඳහා අද (03) පැවති උත්සවයට බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ සිරිලක් මැදුරට පැමිණ සිටියහ. 03 May 2018
හබරාදූව වෙරළ තීරයේ අනවසර ඉදිකිරීමක් කළ විදේශිකයා අත්අඩංගුවට හබරාදුව දලවැල්ල වෙරළ තීරයේ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ජාතිකයකු ඉදිකිරිම කරමින් සිටි බැකෝ රියදුරු බැංකෝ යන්ත්‍රය සමඟ හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 03 May 2018
කොටි ආයුධ සොයා කිලිනොච්චියේ පොළව හාරයි කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී යුද සමයේ කොටි සංවිධානයට අයත් ආයුධ තොගයක් වළදමා ඇති බවට මතු වූ සැකයක් හේතුවෙන් පොළව කැනීම් කටයුතු කළද මෙතෙක් කිසිවක් හමු නොවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 03 May 2018
ඇමරිකානු යුද ගුවන් යානයක් කඩා වැටී නවයක් මරුට ඇමරිකාවේ ජෝර්ජියා ප්රාන්තයේදි යුද හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මිය ගොස් ඇතැයි බලධාරීහු පවසති. 03 May 2018
වෙන්නප්පුව ප්‍රා.ස එජාප මන්ත්‍රීවරියකට ප්‍රහාරයක් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරියකගේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් මන්ත්‍රීවරියට පහර දී පැන ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි. 03 May 2018
බාලවයස්කාර සිසුවියක් අපයෝජනය කළ තරුණයා අත්අඩංගුවට බාල වයස්කාර පාසල් සිසුවියක් පැහැර ගෙන ගොස් ඇයට අතවර කළ බව කියන 23 හැවිරිදි තරුණයකුව හිදෝගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසියට බාර දෙනු ලැබීය. 03 May 2018
'කිරිපිටි මිල රුපියල් 50 කින් නැංවීම සළකා බලනවා' රටේ කිරිපිටි හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් එවැනි තත්ත්වයක් මතු වුවහොත් ඊට මුහුණදීම සඳහා සතොස මගින් කිරිපිටි ආනයනය කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය. 03 May 2018
කිරිපිටි ගෙන්වීම නවත්වයි කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි. 03 May 2018
විදේශීය ආයෝජන ඉහළ මට්ටමක - මහ බැංකුවෙන් නිවේදනයක් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළිබඳ විශ්වාසය තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 03 May 2018
විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍ය බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද නා හිමියෝ ඊයේ (2) පැවසූහ. 03 May 2018
පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුණු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. 02 May 2018
කොළඹ පුරසබේ වෙබ් අඩවියේ සිංහල හළයි කොළඹ මහ නගර සභා නිල වෙබ් අඩවියෙහි සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා දීම හෙට (3) සිට නතර කෙරෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 02 May 2018
හිටපු ජනපතිගේ කාලයේත් ඇමැති මාරුවීම් වුණා - නවීන් දිසානායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේත් සදාචාරසම්පන්න නොවන ඇමති මාරුවීම් වුණු බව එතුමාට අමතකවීම පුදුමයක් යැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවැසීය. 02 May 2018
දිවයිනේ පළාත් කිහිපයකට හෙට උණුසුම් කාලගුණ තත්ත්වයක් උතුරු, උතුරුමැද, නැගෙනහිර ඇතුළු දිවයිනේ පළාත් කිහිපයක හෙට (03) දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2018
කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුවා - විජිත හේරත් ආණ්ඩුවේ වසර තුනක් තුළ සිව් වතාවක් කැබිනට් සංශෝධන සිදුකර තමන්ගේ නොහැකියාව පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) පැවසීය. 02 May 2018
අධිතාක්ෂණික යතුරුපැදි ලියාපදිංචියට අවසර ඉල්ලයි අධිතාක්ෂණික යතුරුපැදි ලියාපදිංචියට සහ ඒවාට සරිලන වෙනස්කම් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා අද (02) කොළඹදී පැවසීය. 02 May 2018
රථවාහන දඩ වලින් කෝටි 8 ක ආදායමක් රථවාහන දඩ සම්බන්ධයෙන් ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි අටකට වැඩි මුදලක් කොළඹ මහේස්ත්‍රාත් රථවාහන අධිකරණයෙන් උපයා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 May 2018
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රතන හිමිගේ විරෝධය ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබවඳ සොයා බැලීමට පත් කළ කමිටුව කැඳවීමට හෝ කටයුතු නොකර හොර රහසේම එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 02 May 2018
සමාජ ජාල ඔස්සේ මුදල් ගරන ජාවාරමක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් වංචා කරන සංවිධානයන් පිළිබඳව ආරංචි ලැබෙමින් පවතින බැවින් එවැනි ආකාරයේ වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 02 May 2018
ආචාර්ය ලෙස්ටගේ ‘රණ මයුර‘ සම්මානය අතුරුදන් සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965 දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ. 02 May 2018
තේ සහ රබර් වලට ග්ලයිෆොසෙට් තහනම ඉවතට ග්ලයිෆොසෙට් තහනම රබර් සහ තේ සඳහා ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (02) පැවසීය. 02 May 2018
දැනුම වැඩි කරන්න භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් නව වැඩපිළිවෙලක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ පාෂාණ විද්‍යාගාරය, විශ්ලේෂණ විද්‍යාගාරය හා පාෂාණ කෞතුකාගාරය පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම පුළුල් කර ගැනීම සඳහා පරිශීලනය කිරීමට අවසර දීමට කාර්යංශ පරිපාලනය තීරණය කර ඇත. 02 May 2018
විරෝධතාවක් නිසා හිඟුරක්ගොඩ ප්‍රා සභාව කල්තබයි හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා නිත්යනූකුල නැතැයි පවසමින් අද (2) පැවැති පළමු සභාවාරයේදී මන්ත්‍රිවරු කළහකාරී ලෙස හැසීරිම හේතුවෙන් සභාව 28 වැනි දා තෙක් කල් දැමීමට සිදු විය. 02 May 2018
ජාතික සඟ සමුළුව හෙට රැස් වෙයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බෙඳුම්වාදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම නතර ලෙස ආණ්ඩුවට බලකරමින් ජාතික සංවිධාන සම්මේලනය විසින් පවත්වනු ලබන ජාතික මහා සඟ සමුළුව හෙට (3) පෙරවරු 9.00ට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වේ. 02 May 2018
පුරාවස්තු කැණිම් කළ හිමිනමක් අත්අඩංගුවට පස්සර කහටරුප්ප ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා ස්මාරකයක් වූ ඌරුමීතැන්න පුරාණ ගල්ලෙන් විහාරයේ ලෙන් ගුහා තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ බවට සැකපිට භික්ෂූන් වහන්සේ නමක් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 02 May 2018
ආචාර්ය ලෙස්ටර්ට අවසන් ගෞරව හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම එතුමාගේ නිවසේදී අද (02) සිදු කෙරිණි. 02 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026