රොමේෂ් මධුෂංඛ
වව්නියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදී අවුරුදු 8ක් වයසැති දරුවකු සඟවා විදෙස් ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ දරුවාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8 ක් වයසැති ටී.තමිලවන් නැමති දරුවා පසුගිය 6 වැනි දා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35 ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 7 වැනි දා පුලියන්කුලම් පොලීසිය වෙතට දැනුම් දී තිබිණි.
පසුව පුලියන්කුලම් පොලීසිය විසින් අදාළ කප්පම් මුදල් ඉල්ලූ බවට සැකකරන දුරකතන අංක ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණ වලදී පැහැර ගැණූනු දරුවා වව්නියා ඕමන්ත ප්‍රදේශයේ පාසල් මාර්ගයක පිහිටි නිවසක සඟවා සිටියදී සොයා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යතුරුපැදියක් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ පැහැර ගැණුනු දරුවාගේ මව ප්‍රදේශයේ බැංකු කිහිපයකට හා මූල්‍ය ආයතන කිහිපයකට ණය වී ඇති හෙයින් අදාළ ණය මුදලින් බේරීමට විදෙස් ගතව සිටින සිය සැමියාගෙන් මුදල් ගැනීම සඳහා මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි.
එහිදි මවගේ සහෝදරයෙකු සහ පියාගේ සහෝදරයෙකු මෙම සැලසුමට පත්විය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුතා සඟවා පියාගෙන් කප්පම් ඉල්ලූ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
lal Sunday, 10 March 2019 07:29 AM
ඔන්න රට කට ගිය කල....... ගස් බැඳලා ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න වටිනවා.....
lal Sunday, 10 March 2019 07:32 AM
ඔන්න රටකට ගිය කල. ප්‍රසිද්දියේ ගස් බැඳලා ගහන්න ඕනි මිනිස්සු දුක් විඳලා එවන සල්ලි විනාශ කරනවාට..
ravi Sunday, 10 March 2019 08:34 AM
මේක නම්.. ටෙලිනාට්‍යකින්.. උපුටා ගැනීමක්.