නිවසේ වහලයෙන් වැටී පොලිස් සැරයන් මරුට නිවසේ වහලය පිරිසිදු කරමින් සිටියදි සෙවිලි තහඩුවක් කඩාවැටි බිමට ඇදවැටිමෙන් බරපතල තුවාල ලැබු පොලිස් සැරයන්වරයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත. 06 May 2018
නීතී විරෝධිව ගවයින් ගෙන ගිය තිදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රක් රථයකට අද (06) උදෑසන වැලිගම නගරයේදී නවතා සැකකරුවන් තිදෙනෙකු සැක පිට අත් අඩංගුවට ගැනීමට හැකි වු බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 06 May 2018
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කැබිරිය පැහැරගත් තිදෙනෙක් රිමාන්ඩ් සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 70 ක් වටිනා කැබි රථයක් පැහැර ගත් බවට සැකපිට අධිකරණය හමුවට පැමිණවූ තිදෙනෙකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් තලතා අබේරත්න මහත්මිය නියෝග කළාය . 06 May 2018
දක්ෂිණ අධිවේගයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකාලා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (06) අලුයම දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවට පින්නදුව පිවිසුම් මාර්ගයේ නුගදුවේ පිහිටි ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර රුපියල් 38000කට ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලීසිය කියයි. 06 May 2018
මුලතිව් කේපාපිපලව් රක්ෂිතයේ ගින්නක් මුලතිව් කේපාපිපලව් රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් යුද හමුදා සෙබලුන් 100 කට වැඩි පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ගින්න නිවා දැමීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට සිදු විය. 06 May 2018
එස්.ටී.එෆ් වෙඩි පහරකින් පාතාල නායකයකු මරුට තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සමඟ ඇතිවූ ගැටුමකින් පාතාල සාමාජිකයෙකු වෙඩි වැදී මියගොස් ඇත. 06 May 2018
පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට විශේෂ පොලිස් ආරක්ෂාව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට විශේෂ පොලිස් ආරක්ෂාව දෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපය ට පැවැසීය. 05 May 2018
ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානියාටත් දැව සංස්ථා සභාපතිටත් ළඟදීම නඩු රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට විරුද්ධව ළඟදීම නඩු පවරන බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා ලංකාදීපය ට පැවැසීය. 05 May 2018
බ්‍රැඩ්බි කිරුළ රාජකීයයන්ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි අද (05 වැනිදා) පැවැති දෙවැනි අදියරේ තරගයේදී ලකුණු 27 - 19 ක පහසු ජයක් ලබාගත් රාජකීයයෝ 2018 බ්‍රැඩ්බි කිරුළ තමන් සතු කරගත්හ. 05 May 2018
සැකකරුගේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබයි යාපනය කයිට්ස් පොලිස් වසමට අයත් නාරන්තනෙයි ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට යාමේදී සැකකරුගේ ප්රහාරයෙකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් වරයෙකු අද (05) යාපනය රෝහලට ඇතුලත් කල බවට කයිට්ස් පොලිසිය කියයි. 05 May 2018
බස් රථ යතුරුපැදි ගැටුමින් එක් අයෙක් ජීවිතක්ෂයට තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයේ දංකැටිය ප්‍රදේශයේදී අද (05) උදෑසන 10.30ට පමණ සිදුවූ අනතුරකින් 17හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 05 May 2018
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් නෙරපයි ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වරයා වන එච්. එම්. බී. පී. හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා උපදෙස් දී තිබේ. 05 May 2018
ලෙස්ටර්ගේ සම්මානය කඩුවෙල-කොල්ලුපිටිය බසයකින් හමු වෙයි අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි අතුරුදන් වු ’’රණ මයුර’’සම්මානය කඩුවෙල කොල්ලුපිටිය බසයක තිබි අද (05) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි. 05 May 2018
එෆ්සීඅයිඩී ලොක්කා විශ්‍රාම ගැන්වීම ගැන තීන්දුව ලබන සතියේ එළඹෙන මැයි 14 වැනි දාට සේවා කාලය සම්පූර්ණ කිරීම නිසා විශ්‍රාම යෑමට නියමිත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති අනුව විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා කළ නිර්දේශය ගැන තීන්දුවක් ගැනීම ලබන බ්‍රහස්පතින්දා (10) තෙක් කල් තැබීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළේය. 04 May 2018
කෝටි දෙකක අල්ලස ඇල්ලු නිලධාරීන්ට කොමිසමෙනුත් ත්‍යාග රුපියල් කෝටි දෙකක අල්ලස් ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභහපතිවරයා අත්අඩංගුවට ගැනීම සාර්ථකව කළ අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් හත් දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දෙන ත්‍යාග මුදලට අමතරව කොමිසමෙන්ද යම් ත්‍යාග මුදලක් පිරිනැමීමට තීරණය කර ඇත. 04 May 2018
ඇමෙරිකාව ශ්‍රී ලංකා නාවික හමුදා සහයෝගයෙන් අදත් ප්‍රජා වැඩ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින “යු.එස්.එන්.එස් මර්සි” නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මේ දිනවල ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. 04 May 2018
කෝටි පහක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තය ඔස්සේ විදේශ ගත කිරීමට තැත් කළ පුද්ගලයින් තිදෙනකු අද (05) අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. 04 May 2018
කෝටි දෙකේ අල්ලස ඇල්ලුවේ වසර තුනක විමර්ශනයකින් අල්ලස් ගැනීමේ සිද්ධියට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ අල්ලස් කොමිසම වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කළ දීර්ඝ රහසිගත විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 04 May 2018
කෝටි තුනේ මැණික් කොල්ලකරුවෝ අත්අඩංගුවට බේරුවල පත්තකඩය ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් තොගයක් පැහැරගත් සැකකරුවන් හය දෙනෙකු හා මැණික් තොගයෙන් කොටසක් දින 29කට පසු අද (04) අත් අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 04 May 2018
ආයතන කඹ ඇදීමෙන් ව්‍යාපෘති අසාර්ථක වෙනවා - අගමැති රට සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පැවසීය. 04 May 2018
පොලිස් අධිකාරීවරයකුට - සහකාර පොලිස් අධිකාරීවරු 17කට ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතා මත පොලිස් අධිකාරීවරයකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 04 May 2018
සිංගප්පූරු ගිවිසුම කියන තරම් භයානක නැහැ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෘත්තිය වේදියෙකුට මෙරටට පැමිණිය හැක්කේ එම ගිවිසුම යටතේ පැමිණෙන ආයෝජන ව්‍යාපෘතින් සඳහා කෙරෙන පත්වීමක් ලෙසින් පමණක් යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය. 04 May 2018
‘වෙළඳපොලේ ඇති කිරිපිටි වල වැඩිවීමක් නෑ’ හෙට (5) සිට ඇසුරුම් කරන සම්පුර්ණ යොදය සහිත කිලෝග්‍රෑමයක පැකට්ටුවක මිල රුපියල් 50 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 20 කින් වැඩි කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරන්න මහතා පවසයි. 04 May 2018
‘ආණ්ඩුව කරන දේවල් ජනතාවට පේන්නේ නැහැ‘- අගමැති ’’ආණ්ඩුවට කරන දේවල් ජනතාවට පේන්නේ නෑ. අපි ගොඩක් වැඩ කළත් ඒවා පේන්න ඒවයේ ප්රතිලාභ දකින්න ටික කාලයක් ගත වෙනවා. කරන දේවල් පේන්න විතරක් කළා නම් බෙර ගහලා පටන් ගන්න තිබුණා. බෙර සද්දෙට කට්ටිය කියාවි අන්න වැඩ කරනවා කියලා. ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පැවසීය. 04 May 2018
එජාප මැයි රැළිය සුගතදාස ක්‍රීඩාංගනයේ එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැළිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී අනිද්දා (6) පෙරවරු 9.00 සිට පැවැත්වේ. 04 May 2018
විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ කිරීමට සැරසෙති ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනතා සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් මේ මස 8 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ. 04 May 2018
කොටි අවි ගබඩාවක් මුලතිව් කැලෙන් හමුවෙයි කොටි සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුලු යුද උපකරණ තොගයක් මුලතිව් විශ්වමඩු, ඉලන්ගෝපුරම් ප්‍රදේශයේ තිබි සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය. 04 May 2018
අධිවේගී මඟේ වැඩබිමෙන් ඩීසල් සොරාගත් අයෙක් අත්අඩංගුවට බෙලිඅත්ත කම්බුස්සාවල දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිමෙන් සොරකම් කරන ලද ඩීසල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 04 May 2018
වීසා නැතිව ලෙබනනයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 53 ක් ආපසු එවති ලෙබනනයේ වීසා නොමැතිව රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 53 දෙනෙකු එරට පොදු සමාව ලැබ (4) කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියහ. 04 May 2018
ළමා ආරක්ෂක අධිකාරියේ පත්වීම්වලට දේශපාලන බලපෑම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් 116 ක් දෙනෙකු තෝරාගෙන තිබියදී දේශපාලන හස්තයක් මගින් තවත් නම් ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යෑමෙන් අදාළ පත්වීම් පමාවෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 04 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026