( සිතුම් චතුරංග)
යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් මෙරට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දෙමුහුන් අධිකරණ ක්‍රියාවලිය තුලින් යුද අපරාධ කරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට යාපනය ජනතාව දැණුවත් කරමින් අද (12) යාපනය විශ්ව විද්‍යාල සිසුන් පාගමනක නිරතවිය.
යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කළ මෙම පාගමන සඳහා ඊලාම් සිතියම් සහිත පෝස්ටර , ජිනීවා යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ පෝස්ටර සහ යුද අපරාධ සම්බන්ධ සිතුවම් සහිත රථවාහන සහ වෙල්ලමුල්ලිවෙයික්කාල් හි මියගිය පිරිස සිහිකිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ නිර්මාණය කර ඇති සැමරුම් ස්මාරකයෙහි අනුරුවක්ද රථයක සකස්කොට රැගෙනයාමද විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදුකරනු ලැබීය.
” උදුරාගන්න යන මව්බිම රැකගැනීම අපගේ යුතුකමයි ” ”උතුරු නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ දේශයයි ” යනුවෙන් විවිද වදන් සහිත පෝස්ටරද ප්‍රදර්ශනය කොට තිබිණ.
පාගමනට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලය තුල සහ යාපනයේ විවිද ස්ථානයන් හි ජිනීවා යෝජනා සහ යුද අපරාධ සම්බන්ධයෙන් දැණුවත් කිරීමේ පෝස්ටර අලවා තිබුණි.
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූයේ යුද සමයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව විසින් සිදුකරන ක්‍රියාවලිය හා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍ය බවයි.
යුද සමයේ සිදුවූ යද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය මෙරටට ලබාදුන් කාලය නිසි ප්‍රයෝජනයට ගෙන පරීක්ෂණ නොපැවැත්වූ බවද කියා සිටියේය.
යුද අපරාධ සම්බන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා ජාත්‍යන්තර පරීක්ෂණ සිදුකොට අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලීම්කරමින් ලබන 16 වැනිදා යාපනය නගරයේ දැවැන්ත විරෝධතාවයක් සිසුන් විසින් සංවිධානය කරන බවත් ඒ සඳහා ජනතාව දැණුවත් කිරීම මින් අරමුණ බවද වැඩිදුරටත් පැවසීය.
විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කළ පා ගමන 16 වැනිදා දක්වා යාපනය ප්‍රදේශය පුරා සංචාරය කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එහෙනම් අර අනුරාධපුර නගරයේ සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාරය , අරන්තලාවේ ඝාතනය , පොලිස් නිලධාරී 600ඝාතනය , කොළඹ බස් , දුම්රිය බෝම්බ සිධින්ට වගකිව යුතු පුද්ගලයන් ගෙන් සහ සංවිධානයෙන් සහ ඔවුන්ට කඩේ යන පුද්ගලයන්ගෙන් පටන් ගමු ,
එහෙනම් ඉස්සෙල්ලාම දැඩි දඩුවම් පලමුව දෙන්න ඕන එල්ටීටීඊ යේ දැනට ජීවතුන් අතර ඉන්න අයට !
මෙවැනිම ක්‍රියාකාර කමක් සම්බන්දයෙන් මා දැමූ සටහන මෙතැනටත් ගැලපෙනවා. ඒ අතරම එක් මහත්මයෙක් දමා තිබූ සටහන මම අගය කරනවා. එනම් රජය ඉතා සථාවරව, බුදධිමත්ව හැකි සෑම අවසථාවකම සත්‍යය එලි දරව්වෙන ලෙස ක්‍රියා කළ යුතුයි යන්න. මා කලින් අවස්ථාවක දැමූ සටහන - මා නම් කියන්නේ අන්තර්ජාතික විමර්නශයකට ඉඩදිය යුතුයි, එකම එක කොන්දේසියක් මත. එනම් කොටින්ගෙ ක්‍රියාකාරකම් පටන් ගත් මුල් යුගයේ පටන් ඇති වූ මිනී මැරුම්, බෝම්බ ප්‍රහාර, ගුවන් යානා බිම දැමීම්, පොලිස් නිළධාරීන්, සංඝයා වහන්සේලා, අහිංසක මිනිසුන් කුඩා දරුවන් ඇතුලු කොටින් සිදු කළ ඝාතන සහ විනාශකාරී වැඩ ප්‍රථමයෙන්ම විමර්ශණය කළ යුතුයි. මන්ද යත් මේ සියල්ලටම මුල ඒ සිදධීන් නිසා. අර්බුදයක් විමර්ශනය කරන කොට එය මුල පටන් විමර්ශනය කළ යුතුයි. ඇයි මැදින් පටන් ගන්නේ. යාපනයේ ඇති වූ හමුදා මැදිහත් වීම් මේ ක්‍රියා දාමයේ අවසන් අවස්ථාවයි.
එතකොට මෙයාලගේ කොටි අයියලා සාන්තුවරු වෙන්න ඇති
උඩ බලාගෙන කෙල ගහන්න එපා. පුතාලා ඔයිට වඩා හොඳයි නේද ඔය දුප්පත් අයට උදව්වක් වෙන විදියේ වැඩක් කලොත්.
1980 දශකයේ යුද්ධය පටන්ගන්න කලින්, යාපන විශ්ව විද්‍යාලයේ තමයි සියලු සැලසුම් කලේ. දැන්ම මේක අතුගාලම දාන්නෝන.
රටක යුධ හමුදාව සිටින්නේ රටේ ආරක්ෂාවට .රටට විරුද්ධව කවුරුහෝ කැරලි ඇතිකරනවානම් එය මර්ධනය කිරීම හමුදාවේ මෙන්ම රජයේ වගකීම. ප්රභාකරන් යුද්ධය ඇති නොකලානම් අපරාධ වෙන්නේ නැහැ යුධ අපරාද කරුවන් වන්නේ යුද්ධය ඇතිකල ප්රභාකරන් ඇතුලු කොටි සංවිධනයයි. ඔවුන්ට දඬුවම් කල යුතුයි