(තරිඳු ජයවර්ධන)
පැය අටක පමණ කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් පසු හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
උදෑසන 9.00 සිට සවස 5.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඒ මහතා බදාදා (13) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇතැයි මීට පෙර රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.
සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත් සහ සේවකයන්ගේ ජාතික අවම චේතනය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කුරුඳු වත්ත ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක් අසල නවතා තිබූ අති සුඛෝභෝගී මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී තියුණු ආයුධයක් පෙන්වා ’’ කෑ ගහන්න එපා’’ යයි දැර
විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කරන්නාගොඩගෙන් පැය 08ක් ප්‍රශ්න කරයි - යළි 13 කැඳවයි
බද්රානි Monday, 11 March 2019 04:10 PM
ධනවත් ද්‍රවිඩ තරුණ සිසුන්ව පැහැරගෙන ගොස් දෙමව්පියන්ගෙන් කප්පම් ගත් ඒ හමුදා ත්‍රස්ත කල්ලියටත් ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙන දවස වැඩි ඈතක නැහැ.
premTuesday, 12 March 2019 05:00 AM
මෙතුමල ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය අවසන් කරපු නිසා ඔයාල දැන් වීරයෝ වගේ කතාකරනවා, වෙන රටවල් වල (මානව හිමිකම් රකින්න අපිට කියන ) මේ වගේ විරුවන්ට කිසිම චෝදනාවක් කරන්න නීතියෙන් ඉඩ නැහැ .
Rata PerataTuesday, 12 March 2019 07:11 AM
දෙමල තරුණයන් නිසා මෙතන වැඩිපුර අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. දෙමල ද සිංහල ද නෙමෙයි කරපු වැඩේ හරිද වැරදිද කියලයි බලන්න ඕන. මේ මිනිස්සු මේ තනතුරු වලට පත් කලේ කප්පම් ගන්න නෙමෙයිනේ.
sandy123Tuesday, 12 March 2019 08:15 AM
තමන්ට යමක් වෙනකම් අපේ මිනිසුන් බොහොම ආත්මාර්ථකාමී පටු විදිහට හිතන්නේ. වැරැද්ද තියෙන්නේ හිතන ක්‍රමයේ. අපේ ආකල්පයම වෙනසක් අවශ්‍යයි යතාර්ථය තේරුම් ගන්න.
smnWednesday, 13 March 2019 12:12 PM
බද්රානිගේ අදහස සාධාරණයි කියල මටත් හිතෙනවා. කොහොමහරි වැදගත් නිලධාරියෙක් කළ නොවැදගත් ක්‍රියාවක් බව පේනවා.
ලාල් Monday, 11 March 2019 04:56 PM
දැන් සියළු මිනිස්සුම නිදහස භුක්ති විඳිනවා ඔවුන් විසින් කරන ලද කැපකිරීම් නිසා, තමන්ට පාඩු උනත් ඔවුන් ගත් අවදානම් තීරණ නිසා. ඔවුන්ගේ අභිලාෂය (බහුතරය) ත්‍රස්තවාදය පරාජය කිරීම, යුද්ධය ජය ගැනිම විය. එසේ කරද්දී සමහර අය යුද්ධයෙන් ජීවිත පරිත්‍යාග කළා, තවත් අයට දේශපාලන උපක්‍රම නිසා තමන්ගේ නිදහස අතහැරමට සිදු විය. ඔවුන් ආත්මාර්ථකාමී වූවා නම් කිසිදු ගැටලුවකින් තොරව සියලු වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන්ටද හැකි වෙනව.
Chanak Los angelesTuesday, 12 March 2019 04:54 AM
අපි ඔබගෙන් මෙහෙම අහන්නම්කො ...රට ජාතිය බේරගත්ත රණවිරුවෙක් කිසිම වරදක් නොමැති ඔබගේ පවුලේ සාමාජිකයෙක් පැහැරගෙන ගොස් කප්පනුත් අරගෙන මරලා දානවා .. රට බේරාගෙන ජනයාට නිදහසේ ඉන්න සලස්වපු නිසා කප්පනුත් අරගෙන ඔබේ පවුලේ සාමාජිකයාව ඝාතනය කිරීම ඔබ විසින් සාධාරණීය කරනවාද ?
sandy123Tuesday, 12 March 2019 06:42 AM
ඉතා හොද පිළිතුරක්.
ලාල්Tuesday, 12 March 2019 01:54 PM
මතක තියාගන්න යථාර්ථය. ඔබ දකින අහිංසක පවුලේ සාමාජිකයන් නෙමේ ඔව්හු සමාජයේ හෑසීරෙනකොට. යුද්ධය කිසි විටෙකත් ප්‍රසන්න අත්දැකීමක් නොවේ. අහිංසක මිනිසුන් එයට ගොදුරු වීම නොවැලැක්විය හැකිය.
Chanak Los angelesTuesday, 12 March 2019 07:28 PM
ලාල් .. ඔබ කියන විධියට ඔවුන් අහිංසකයන් නොවේනම් ඔවුන් අත්අඩංගුවට ගත්තනම් නීතියෙන් කටයුතු නොකර කප්පම් අරගෙන මරා දැම්මේ කෙලෙසද ? එහෙම කටයුතු කරනවානම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රී ජනරජය කියන වගන්තිය අයින් කල යුතුයි ...ඒවගේම අපිට කියන්නකෝ ඒ ගොදුරු වෙන අහිංසක පුද්ගලයා ඔබේ පව්ලේ සාමාජිකයෙක් නම් ඔබ ඔය කෝණයෙන් බලා හිත හදා ගන්නවද කියලත් ?
ප්‍රීති Monday, 11 March 2019 08:33 PM
කවුරුන් හෝ අනුන්ගේ දරුවන්ගේ ජීවිත උගසට තියාගෙන තමන්ගේ දරුවන්ගේ බඩ කට පුරවනවා නම් ඒක සහගහන අපරාධයක්. ඒ තරුණයින් වැරද්දක් කළා නම් එම වරද අනාවරණය කොට දඬුවම් ලබාදීම වෙනුවට,කප්පම් ලබා ගැනීම අපට නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ තමන්ගේ දරුවන් ගැන තියන කැක්කුම අනුන්ගේ දරුවන් කෙරෙහි නොමැතිකම තමයි හේතුව.අපේ ජාතිය, කියලා කවුරුන් හෝ ඒ වැරැද්ද සාධාරනීකරණය කරනවා නම් එකත් බරපතල වැරද්දක්.
සෙන්සා Tuesday, 12 March 2019 02:42 AM
අමු අමුවේ සියලුම දූෂණයන් කරන දියවන්නාවේ හා පළාත් හා සුලු දේශපාලනය කරන අයට කිසිම දඩුවමක් නෑ. රටට සේවයක් කරා කියලා හිතාගෙන ඉන්න මිනිසුන් වැරදි කාරයෝ වෙලා. මොන රටක්ද මේක. කොසොල් රජ්ජුරුවන්ගේ හීන සැබෑ වෙන ලකුණු පෙනේ.
Chanak Los angelesWednesday, 13 March 2019 01:23 AM
රටට කරන සේවය එකක් ...රටට කරන ද්‍රෝහී ක්‍රියා වෙනෙකක්
Nuwan Tuesday, 12 March 2019 06:02 AM
මේක මේ දවස් වලම වෙන්නෙ ඇයි?
Bandara Tuesday, 12 March 2019 06:51 AM
මෙය කවදා නතර කරාවිද
nihal Tuesday, 12 March 2019 07:19 AM
ඔබ බොහොම හරි .....ඒ පට්ටිය අපරාද කරන්නේ මුළු රටටමයි .... .යුද්දය ජය ගත් අතීත ත්‍රිවිද හමුදාවට චෝදනා කිරීමෙන් වැළකිය යුතුය
රොෂාන් Tuesday, 12 March 2019 07:51 PM
මම කැට තියල කියන්නම්, මුලින්ම අදහස් පලකොට ඇති බද්රානි ගේ අදහසට මෙම ලිපිය කියෙව්වටත් වඩා අකමැත්ත පල කොට තිබෙන අය මේ මහා පොළොවේ පය තියන්න දරුවෙක් වත් ජාතක කල අය නොවන බව පැහැදිලියි. තමන්ගේම දරුවෝ මේ ලෝකෙට ජාතක කල අය හිතන්නේ වෙනස් විදිහකට? ප්‍රශ්නේ තියෙන්නේ එතනයි ?