( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2018 ඔක්තෝබර් 26 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනා ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරුවලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ එම පෙත්සම අද(12) අභියාචනාධිකරණය විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැදවිණී.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් මෙම පෙත්සම තවදුරටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන හෙයින් එය ඉල්ලා අස්කර ගන්නා බව විනිසුරු මඩුල්ල හමුවේ දන්වා සිටියේය.ඊට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය.
එහිදී මෙම පෙත්සම ගොනු කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නම් කර තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහින්ද ඇතුළු පිරිසට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම ඉල්ලා අස් කරගනී
sirimal Tuesday, 12 March 2019 10:30 AM
මේ 122ක අය වැයට පක්ෂව ඡන්දය දුන්නොත් මහින්ද මහත්තයාටත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමටත් හුලං නේද?
kusumTuesday, 12 March 2019 02:05 PM
117 ට බැහැලා. 113 ට වඩා 4 වැඩි විතරයි අය වැයට පක්ෂව ඡන්දය. ඒකත් ටි.එන්.ඒ එකේ 14 ත් එක්ක. මුස්ලිම් කොටසත් ඉන්නවා. එතකොට තනියම කියද ? මාර සුළුතර ආණ්ඩුවක්නේ .
sirimalTuesday, 12 March 2019 03:11 PM
අප්‍රේල් වෙනකොට බහුතරය තියෙන්නේ කාටද කියල පෙනේවි. මේකට නම් කෝටි ගණන් ගෙවල මන්ත්‍රීන් බා ගන්න උත්සාහ කරන එකක් නැහැ.