ජවිපෙ මැයි රැලිය බීආර්සී පිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹදී අභිමානවත් අයුරින් සැමරිණි. 07 May 2018
කම්කරු කොංග්‍රසය - දෙමළ ප්රගතිශිලීන් තලවකැලේදී ගැටෙති ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් අතර මැයි රැලිය අතරතුරදී අද (07) තලවකැලේ නගර මධ්‍යයේදී වරින් වර ඇති වු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට නුවරඑළිය පොලිසියට කැරලි මර්දන ඒකකය කැඳවිමට සිදු විණි. 07 May 2018
දුම්රිය නිලධාරීහු වර්ජනයකට සැරසෙති දුම්රිය රියැදුරු, නියාමක, පාලක හා දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට (8) මැදියම් රැයේ සිට දෙදින වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය සේවයේ වෘත්තිය සමිති පවසති. 07 May 2018
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 07 May 2018
සම්මානය සොරාගත් 6 දෙනා රිමාන්ඩ් සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ සම්මානය සොරාගත් හය දෙනා මැයි 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික වැලිගොඩපිටිය මහතා අද (07) නියෝග කළේය. 07 May 2018
මැයි දිින සැමරුමෙන් පසු නුවරඑළියේ සුන්දරත්වයට හානි නුවරඑළිය නගරයේ සුන්දරත්වයට සිටුවා තිබු සයිප්‍රස් ගස් ඇතුළු රජයේ විවිධ දේපොළ වලට ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්ව සිටි පිරිස් විසින් හානි කර තිබෙණු අයුරු අද (07) දක්නට ලැබිණි. 07 May 2018
ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් 6 දෙනා අධිකරණයට සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ අවමඟුල් උත්සවයට පෙර නිවසේ පැවැති ආගමික වතාවත් සිදුවන අවස්ථාවේදී ඒ මහතාගේ ‘රණ මයුර‘ සම්මානය සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් හයදෙනා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණට රැගෙන ආවේය. 07 May 2018
ශ්‍රීලනිප මැයි රැලිය අරඹයි මඩකලපුව චෙන්කලන්ඩි මහජන ක්‍රීඩාංගණයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය අද (7) පස්වරු 2.30ට ආරම්භ කෙරිණි. 07 May 2018
දේවාලයේ පිං කැටය කැඩු සොරා අත්අඩංගුවට පුත්තලම ආයුර්වේද රෝහල අසළ පිහිටි ශ්‍රි පුරාණ අයියනායක දේවාලයේ පිං කැටය කැඩමින් සිටි සොරකු අද (07) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 07 May 2018
‘අලුත් ආණ්ඩුවක් හැදුවේ තක්කඩින්ට නෙවෙයි‘ - චම්පික රණවක ‘අපි දෙදාස් පහළොවේ අලූත් ආණ්ඩුවක් හැදුවේ තක්කඩින් කීප දෙනෙකුට ජාවාරම් කරන්න නෙවෙයි. මේ තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ. 2020 දී අපි අලූත් පෙරමුණකින් අලූත් ගමනක් ආරම්භ කරනවා.‘ යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය. 07 May 2018
දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි පෙළපාළිය ඇරැඹේ දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මැයි දින පෙළපාළිය තලවකැලේ බස් නැවතුම්පල අසළින් ආරම්භ කෙරිණි. 07 May 2018
ටේලර් සාප්පුවක පිපිරීමකින් හිමිකරුට බරපතලයි කොළොන්න පොලිස් වසමට අයත් බුලූතොට උප නගරයේ ටේලර් සාප්පුවක සිදුවූ පිපිරුමකින් එහි හිමිකරු බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇති බව කොළොන්න පොලිසිය පවසයි. 07 May 2018
කම්කරු කොංග්රස් මැයි පෙළපාළිය ඇරැඹේ ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින පෙළපාළිය මිට සුළු වේලාවකට ප්‍රථම නුවරඑළිය තුරඟ තරග පිටිය අසලින් ආරම්භ විය. 07 May 2018
ජපානයේ බස් රියදුරෝ වෙනස්ම විරෝධයක ජපානයේ ඔකයාමා නගරයේ බස් රථ රියදුරෝ වෙනස්ම ආකාරයක විරෝධතාවයක නිරත වී සිටිති. කර්මාන්තයේ අර්බුදයක් මුල් කරගනිමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වී සිටිති. 07 May 2018
‘සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්න බෑ’- එස් බී සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය බව සමෘද්ධි විෂය භාර හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 07 May 2018
‘අාවා‘ කල්ලියේ 5 ක් අත්අඩංගුවට යාපනය චුන්නාගම් ප්‍රදේශයේදී රොක් කල්ලියේ නායකයාට පහරදීමට සූදානම්ව සිටි ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාගම් පොලීසිය පවසයි. 07 May 2018
ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් 6 ක් අත්අඩංගුවට සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරීස් මහතාට හිමි අතුරදන්වු ‘රණමයුර ‘ සම්මානය හා එතුමාගේ ඥාති දියණියට අයත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගත් පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 07 May 2018
මැලේසියාවේදී ඇල්ලූ 43කට එක්සත් ජාතීන්ගේ සරණාගත හැදුනුම්පත් තිබිලා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකක නීතවිරෝධී සංක්‍රමණිකයින් 131 දෙනාගේ අනන්‍යතාව ලැබී ඇති මූලික තොරතුරු අනුව ඔවුන්ගෙන් 43 දෙනකු සතුව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් තිබෙන බව අනාවරණය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද (06) පැවසීය . 06 May 2018
මැයි දින සැමරුම් රැසක් හෙට දේශපාලන පක්ෂ ගණනාවක් හෙට (7) දිනයේදී ජාත්‍යන්තර කම්කරු දිනය (මැයි දිනය) සැමරීමට නියමිතය. 06 May 2018
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට - අගමැති සමෘද්ධි බැංකු මහ බැංකුව යටතට ගැනීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 May 2018
මීගමුවේ ඒ.ටී.එම් යන්ත්‍රයකින් ලක්ෂ 40ක් හොරට ඇදලා මීගමුව පෞද්ගලික බැංකුවක ඒටීඑම් යන්ත්‍ර යේ තිබූ බව කියන රුපියල් ලක්ෂ 40ක් කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කරනු ලැබ ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ ආරම්භ කර ඇති බව මීගමුව පොලීසිය පවසයි. 06 May 2018
ශ්‍රීලනිප මැයි දිනයට යන්නේ 16 කණ්ඩායමෙන් කොටසයිලු මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගී වන්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් පමණක් බව වාර්තා වෙයි. 06 May 2018
‘දේශපාලනඥයින්ට ඇති පිළිගැනීම වාෂ්පවෙලා‘ - වික්ටර් අයිවන් ශ්‍රී ලංකාව මේ වන විට විශාල අර්බුදයකට ලක්ව ඇති බවත් මෙම අර්බුදය නිසා මෙරට සමස්ත රජයත් ආයතන ක්‍රමයක් විශාල බිඳ වැටීමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (06) දඹුල්ලේ පැවැති සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය. 06 May 2018
මාස කිහිපයක් තිස්සේ රටවල් 5කට ලක් තානාපතිවරු නෑ මාස කිහිපයක් සිට ලොව ප්‍රධාන පෙළේ රටවල් පහක් සඳහා ශ්‍රී ලංකා තානාපති ධූර හිස්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 06 May 2018
මැයි දිනට ලංගම බස් 1500ක් පක්ෂවලට මැයි දිනය නිමිත්තෙන් ඒ ඒ දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ලංගම බස් රථ 1500ක් පමණ ලබා දෙන බව ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් චන්ද්‍රසිරි මහතා පවසයි. 06 May 2018
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රීලනිපයට යෝජනා කරනවා - ජෝන් සෙනවිරත්න ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ලබන 15 වැනිදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙනන බවත්, එය සම්මත කරගෙන ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවත් කම්කරුහා වෘත්තීය සබඳතා හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය. 06 May 2018
සැඩ පහරට හසු වු වෛද්‍ය යුවළ බේරාගනිති - පියා මරුට අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයේ දියනාමින් සිටි වෛද්‍ය යුවළක් ඇතුලු පස්දෙනෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 06 May 2018
හොරෙන් ඕස්ට්‍රේලියා - නවසීලන්ත ගිය 131 ක් අත්අඩංගුවට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලංකික සංක්‍රමණිකයන් 131 දෙනෙකු සහිත නෞකාවක් මලයාසියානු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (06) වාර්තා කළේය. 06 May 2018
උතුරු මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 14ක් අත්අඩංගුවට යාපනය පේදුරුතුඩුවට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් මෙරට මුහුදු තීරයට ඇතුල් වූ අනවසර සංක්‍රමණිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 06 May 2018
පස් කන්දක් කඩා වැටී තරුණයෙක් මරුට නිවසක් මතට ගසක් සමඟ පස් කන්දක් කඩා වැටිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය කියයි. 06 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026