(ඉන්දිකා රාමනායක)
රුපියල් 8000 ක අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙයින්දර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය කාර්යාලයේ දී අද (12) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් බව එම කොමිසම කියයි.
මුලටියන ප්‍රදේශයේ සිසුවියක් දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කිරීම සදහා විදුහල්පතිවරයා සිසුවියගේ මවගෙන් රුපියල් 15000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
එම 15000 ක මුදලින් රුපියල් 7000 ක මුදලක් ඉකුත් 10 වැනි දින සැකකරු පැමිණිලිකාරියගෙන් ලබාගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
ඉතිරි මුදල වු රුපියල් 8000 රැගෙන අද පෙරවරුවේ කාර්යාලය පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා දැනුම් දී ඇති අතර පැමිණිලිකාරිය සිද්ධිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන වලින් අල්ලස් ගන්නකොට ඒ අයව අත්අඩංගුවට ගන්නේ නැහැ. අනික මේක ප්‍රවෘතියක් වෙලා.
ලංකාවේ අද වන විට අල්ලස හා දුෂණය නැති තැනක් සොයා ගැනීමට අපහසු වී ඇත. පාසල් තුලටද මෙය ව්‍යාප්ත වීම ඉතා කණගාටුදායක තත්වයකි. මේවාට වගකිවයුත්තෝ කවුරුන්ද ? මේ රට අනාගතයේ කවර තත්වයකට පත්වේද යන්න හිතාගැනිමටවත් නොහැකිය.
වැඩේ පොඩි වුනත් අල්ල ගත්ත එකනම් වටිනවා ඒත් මට හිතෙන්නේ බැදුම්කර වගේ අය නිදැල්ලේ ඉන්නේ එකට මොකද කරන්න යන්නේ?
ගොඩේ ඉස්කෝල වලටත් ළමයි දාන්න දැන් කාලේ අල්ලස් දෙන්න ඕනද?
බබෙක් වගේනේ කතා කරන්නේ. මේකත් හොඳ ප්‍රවෘත්තියක් තමයි. පගාව නම් ගණන කෝච්චර වුනත් එකේ වෙනසක් නැහැ. පගාව පගාවමයි. මේක විශේෂයෙන්ම සමහර විදුහල්පතිවරුන්ගේ අමතර ආදායම් මාර්ගයක්.
දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාට දකුණේ අල්ලස් මාෆියාවට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් දියත් කර තියෙනවා. ඔහු අල්ලස් මාෆියාවට ප්‍රසිද්ධියේ අභියෝග කළා. විදුහල්පතිවරු දෙන්නෙක් අල්ලලා දුන්නා. මුළු දකුණේම පාසල්වලට අල්ලස් ගැනීමට එරෙහිව පෝස්ටර් ගසා තිබෙනවා. මිනිස්සු අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා. මහජන සහාය නැතිව අල්ලස් නැති වෙන්නේ නෑ.