කිලෝ 10ක කැස්බෑවෙක් මස් කළ දෙදෙනක් අත්අඩංගුවට වනාතවිල්ළුව - ගගේවාඩිය ප්‍රදේශයේ කැස්බෑවකු මාරා බෝට්ටුවකින් රැගෙන ගිය ධීවරයින් දෙදෙනකු නාවික හමුදා නිළධාරින් අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම වනජීවී කාර්යාලය කියයි. 09 May 2018
දැව සංස්ථා හිටපු සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී යළි රිමාන්ඩ් සෙවනගල සීනී සමාගමේ අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා රුපියල් කෝටි දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් වු 09 May 2018
ලක්ෂ 50 ක අබරණ ගෙන ලක් කතක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (9) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 May 2018
කන්ටේනරය පෙරැළී වාහන ගමනාගමනයට බාධා තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද (09) උදෑසන පාලවිය තල්ගස් හන්දියේ 20 කණුව ආසන්නයේදී මාර්ගය හරහා පෙරැළීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම පොලිසිය කියයි. 09 May 2018
ගුවන් තොටේ ගබඩාවක ගින්නක් කටුනායක බණ්ඩාරනායක ජාත්යතන්තර ගුවන්තොටුපළ තීරුබදු අලෙවිසලකට අයත් ගබඩාවක (9) අලුයම හට ගත් ගින්නකින් එහි තුළ තිබු රුපියල් කෝටියකට අධික වටිනා විදුලි උපකරණ දැවි විනාශ වී ඇතැයි පොලීසිය පවසයි. 09 May 2018
විදුලි බලයේ මිශ්‍ර ජනතා සැලැස්ම හෙට කැබිනට් මණ්ඩලයට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන මිශ්‍ර ජනතා සැලැස්ම අනුමැතිය සඳහා හෙට (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 08 May 2018
පළාත් මන්ත්‍රී අශෝක දයාරත්න අභාවප්‍රාප්ත වෙයි බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අශෝක දයාරත්න මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. 08 May 2018
මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය. 08 May 2018
අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තයේ කැබිනට් සංශෝධනය යටතේ අලුතින් දිවුරුම් දුන් අැමැතිවරුන්ගේ අමාත්‍යාංශ වලට අයත් අායතන හා විෂය පථයන් අැතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මේ සති අන්තය වන විට නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසිය. 08 May 2018
උසාවි ලේඛනාගාරයට ගිනි තැබූ සැකකරුට නඩු රැසක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ගෙවල් බිඳුම් නඩු 11ක් ඇති පුද්ගලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 May 2018
එජාපයේ 3ක් - මහින්ද නාමල් චමල් සැසියට නෑ පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ සභාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සහභාගි නොවීම විශේෂත්වයකි. 08 May 2018
ශ්‍රීලනිප 16 කණ්ඩායම ඒකාබද්ධය සමඟ වැඩ කරන්න යයි තම කණ්ඩායමේ 16 දෙනාට ඒකාබද්ධ විපක්ෂයත් සමඟ සන්ධාන ගතව ඉදිරියේදී එකට වැඩ කිරීමට සිදුවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. 08 May 2018
දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි අද මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමක, රියදුරු, පාලක සහ ස්ථානාධිපති වැඩ වර්ජනය හෙට දවල් 12 තෙක් අත්හිටැවූ බව දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 08 May 2018
තොරතුරු දැනගැනීමේ අන්තර්ජාතික සමුළුව ඇරඹේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා නොර්වේජියානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය අද (08) කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි. 08 May 2018
කැබිනට්ටුව හෙට උදේ රැස්වෙයි කැබිනට් සංශෝධනයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය හෙට (9) උදේ පළමු වරට රැස්වේ. 08 May 2018
සමෘද්ධි නිලධරයන්ගෙන් අගමැතිට ප්‍රමුඛතා ලැයිස්තුවක් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත්කර ගන්නේ නම් එයට මත්තෙන් සිදුකළ යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ. 08 May 2018
ගොවීන්ගෙන් වට්ටක්කා තොග මිලට ගන්න ලක්ෂ 50 ක් ගොවීන්ගෙන් වට්ටක්කා තොග මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම මත මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී අද (8) පැවසීය. 08 May 2018
රාජිත දැව සංස්ථා සභාපතිට සහතිකයක් දෙන්න යයි රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති තැනැත්තා පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 08 May 2018
විශේෂිත සිරකරුවන් වෙනුවෙන් වෙනම තැනක් විශේෂිත සැකකරුවන් රඳවා තැබීමට ස්ථානයක් ඉදිකළ යුතව ඇතැයි අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 08 May 2018
දකුණු පළාත් සභාවේ ගාල ගෝට්ටියක් ගාල්ලේ පැවති මැයි රැලියට පැමිණි පිරිස් ඉවතලන ලද හිස් කෑම පෙට්ටි, වතුර බෝතල් ඇතුළු කුණු විශාල වශයෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ සිට ගාල්ල දෙවට දක්වා මඟ දෙපස දමා 08 May 2018
කප්පම් ගත් පුද්ගලයින් සතු මුදල් බලෙන් ගත් හොරොව්පතාන ප්‍රා.සභාපති ඇතුළු 6කට අධිකරණයෙන් අවවාද ප්‍රාදේශීය සභාවක් හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් තම රාජකාරි නිසි ලෙස ඉටු නොකරන බව පවසමින් එම රාජකාරි විශේෂයෙන්ම මුදල් එකතු කිරීම වැනි කාර්යයන් සිදු කිරීමට වෙනත් කිසිදු නිත්‍යානුකූල නොවන පාර්ශවයකට අයිතියක් නැති බව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රත් මනෝජ් ප්රභාකරන් මහතා විවෘත අධිකරණයේදී අද (8) තරයේ කියා සිටියේය . 08 May 2018
නාය අවදානමෙන් මාවුස්සාගොල්ලේ පවුල් 64 ක් ඉවත් කෙරේ නාය යෑමේ දැඩි අවධානමකට ලක්වීම නිසා හපුතලේ දඹේතැන්න වතුයායේ මාවුස්සාගොල්ල කොටසේ වතු නිවාස 64 ක සාමාජිකයින් 265 දෙනකු අද ( 08) සවස එම නිවාසවලින් ඉවත් කර අවතැන් කඳවුරක රඳවා ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 08 May 2018
’කකුලෙන් ඇදපු අය 16 ක් අාණ්ඩුවෙන් ඉවත්වුණා’- මන්ත්‍රී රහුමාන් අපේ යහපාලන රජයට මෙතෙක් වැඩ කරන්නට නොදි කකුලෙන් ඇදපු අය 16 දෙනෙක් අද ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසීය. 08 May 2018
‘නැගී සිටින්න ඇති එකම අවස්ථාව මෙය යැයි සලකා එකාවන්ව කටයුතු කරන්න‘ -ජනපති ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා සැම එකාවන්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් වෛරයෙන් , ක්‍රෝධයෙන් පිරුණු රටක ආණ්ඩු මාරුවීම්වලදී සිදු වන මහා පරිමාණ දේශපාලන පළිගැනීම් නැතිකර ජරාජිතයාටත් ජයග්රහකයාටත් මේ රටේ අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් සැදීම අද දවසේ දෙශපාලන වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 08 May 2018
නීති සිසුවියගේ ලක්ෂ 26 ක අබරණ - මුදල් කොල්ලකයි විනෝද සංචාරයක යෙදී අහංගම හෝටලයක නවාතැන් ගෙන සිටි නීති සිසුවියකගේ රුපියල් විසිහය ලක්ෂ අසූ හතර දහස් දෙසිය හැටක් වටිනා රන් අාභරණ දේශීය සහ විදේශිය මුදල්ද සොරකම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අහංගම පොලිසිය පවසයි. 08 May 2018
‘ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන සහිතව නව අධිකරණ පිහිටුවනවා’- තලතා නව අධිකරණ පිහිටුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන සහිතව නව අධිකරණ පිහිටුවීම සිදුකරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 08 May 2018
සමෘද්ධි බැංකුව මහ බැංකුවට යටතට ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලයි දුප්පතුන් වෙනුවෙන් තිබෙන සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පැවරීමේ උත්සාහය වහාම අත්හිටුවන ලෙසට අගැමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (8) පැවැසීය. 08 May 2018
තිසා වැවේ දිය නෑම තහනම් තිසාවැවට බැස දිය නෑම තහනම් කරන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී නදිර ප්‍රභාත් ධර්මදාස මහතා අද (8) අනුරාධපුර මහ නගර සභාවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය. 08 May 2018
දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ව මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු තමන් එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනාව වැඩිදුර විභාගය අනිද්දා (10) කල් තැබිණි. 08 May 2018
වසර 200 ක් පැරණි අම්බලම කඩා ඉවත් කළේ යයි කාන්තාවක් අත්අඩංගුවට වසර දෙසීයකට වඩා පැරණි අපරැක්කනාකුට්ටිය අම්බලම බැකෝ යන්ත්‍රයක් යොදා කඩා ඉවත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිහගොඩ පොලීසිය පවසයි. 08 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026